ආසාවට කනව නම් එහෙමයි..
ඒත්.. අපි නම් කියන්නෙ ඉතින් බීර, සැර ජාති මොනව හරි ගෙනැල්ලම ගැලපුණා නම් නේ..
කෝකටත් කාරි නෑ, ඕන්න පහළින් තියෙනව ප්ලේස් ටික. බලල කරල හිටං ඕඩරේ දාන්නකෝ…
1. Casserole Restaurant
මවුන්ට් එකටම යන්න. ගිහින් ගන්න රු. 1950යි මික්ස් ග්‍රිල් ප්ලැටර් එක. ආයෙ.. ඒ ගත්තාම ඇති 2, 3 දෙනෙක්ට බඩ පැළෙන්න කන්න. ඇයි ඉතින් පදමට ග්‍රිල් කරල, සෝස් වලින් රස කරල, ලුණු ගම්මිරිස් පදමත් නූලට තියල හදාපු.. බේකන් පෙති, පෝර්ක් චොප්, චිකන් ෆිලට්, බීෆ් ස්ටේක්, ලැම්බ් ෆිලට්, ජම්බො සොසේජස්, බුල්සායි, රෝස්ට් තක්කාලි, අන්නාසි පෙති, කැරට්, ලීක්ස්, තම්බල පොඩි කරපු අල පිරිච්ච තඩි පිඟානක්..
මදිය?
2. Sugar Beach
මවුන්ට් බීච් එකේ ඉන්න මෙයාලගෙත්.. මික්ස් ග්‍රිල් එකක් වෙනමම තියෙනව. හැබැයි ඒකට වැඩිය හොඳයි මේක. මොකද මේ බිග් බ්‍රෙක්ෆස්ට් එකෙන් බයිට් එකයි, ඩයට් එකයි දෙකම කවර් වෙනව. ගාණත් රු. 1200ක් වගේ වෙන්නෙ. තියෙන ජාතී.. බුල්සායි දෙකයි, පදම් කරපු නිවිති, හතු, රෝස්ට් තක්කාලි, පෑන් ෆ්‍රයිඩ් අලපෙති, බේකන්, බීෆ්/ පෝර්ක් ලින්ගුස් සොසේජස්, පාන්.
ඇති නේ..?
3. Smokies Barbecue
මේ ප්ලේස් එක මොරටුවෙ. ඒ හැටි ලොකු නැති වුණාට මෙයාලගෙ මික්ස් ග්‍රිල් එක.. රස අතින් නම් පංකාදු පහයි. හැරත් ඒකට එන දේවල්.. බුල්සායි එකයි, චිකන් ලෙග් එකයි, බීෆ් පෙති, බීෆ් සොසේජස්, පෝර්ක් පෙති, ලින්ගුස්, ෆ්‍රෙන්ච් ෆ්රයිස් එක්ක.. කැරට්, ලීක්ස්, ගෝවා, අල එහෙමත්. ගාණත් රු. 1700ක් වගේ යන්නෙ. ඉතින්.. සාක්කුවටත් ලොකු අවුලක් නෑනෙ.
4. Grill House
මාලඹේ හංදියෙම වගේ.. ටිකක් ගණන් තමයි (රු. 2950) හැබැයි රස ටොප්!
මොකද.. මෙයාලා ගොඩක් සෝස් දාන්නෙ නෑ. බාබකියු මික්ස් එකක හොඳහැටි පදම් කරල, ලුණු ඇඹුල්, ගම්මිරිස්, අඩුම කුඩුම පදමත් නූලටම ගලපල ග්‍රිල් පාරක් දානවා.. හිතන්නකො බීෆ් තොගයක්, ජම්බො සොසේජස්, චිකන් තයි, චිකන් වින්ග්ස්, පෝර්ක් රිබ්ස්, පෝර්ක් චොප්ස් එක්ක.. ෆ්‍රෙන්ච් ෆ්රයිස්, තම්බපු අල, කොච්චි පේස්ට්..
කියල වැඩක් නෑ ආ..
5. Panorama Restaurant & Bar
මේක නම් මාර ම මික්ස් ග්‍රිල් එකක්.. ගැඹුරු තෙලේ බැදපු සොසේජස්, කකුළුවෙක්, පෝර්ක්, චිකන්, බීෆ්, ඉස්සො, දැල්ලො, මාළු කූරියෙක්, සුදු ලූනු, අන්නාසි. ඒ විතරක් නෙවෙයි පදම් කරලා තම්බපු අල, කැරට්, බෝංචි, ගෝවා එක්ක බුල්සායි එකකුත්! වැඩේ කියන්නෙ ඒ හැම එකකම වගේ වගේ රසත් සුපිරිනෙ. ලුණු ගම්මිරිස් දාලා පදම් කරල, සෝස් රස තරමක් උඩ එන්න.. හදල තියෙනවා.. ගාණත් රු. 1950ක් වගේ, හ්ම්!
6. Urban Grill
බත්තරමුල්ලෙ තියෙන මේ ප්ලේස් එකේ මික්ස්ඩ් ග්‍රිල් එක රු. 2150යි. එන්නෙ ග්‍රිල් කරපු චිකන් බ්‍රෙස්ට් එකයි, පෝක් චොප් එකයි, චිකන් සොසේජ් එකයි, ලෑම්බ් පෝෂන් එකකුයි. චිකන් බ්‍රෙස්ට් එක එහෙම හොඳටම ග්‍රිල් කරලා, ළා ගම්මිරිස් රසකුත් එන විදියට මැරිනෙට් කරලා. පෝක් චොප් එකත් තරමක් හොඳයි. සොසේජස් ඉතින් කොහොමත් වරදක් නැති නිසා.. බයිට් එකට නම් පංකාදු පහයි!