බත් කොලේ ඔතපු බත හැමදාම කන ඔයාලට..
මෙන්න උණු උණුවට කෙහෙල් කොල, නෙළුම් කොල වලට බෙදෙන බත් කන්න නොම්මර එකේ ප්ලේස් ටිකක්.
1. Nelum Kole (Boralesgamuwa)
මිරිස් තුනපහ මදි නොකියන්න දාලා නියම ගමේ රහට හදපු පෝර්ක්, චිකන්, මාළු, ඉස්සො, දැල්ලො ඔ්න ජාතියකින් ටොප් රයිස් ඇන්ඩ් කරියක්.. ව්‍යංජන අඩුම කුඩුම 4ක් එක්ක බැදපු මිරිස් පපඩම් කටගැස්මත් නොවැරදීම.. රු. 300-400 අතරෙ, බොරලැස්ගමුවෙ නෙළුම් කොලෙන්ම විතරයි.
2. Kaala Balan – Maha Gedara
රත්මලාන, ගාලුපාරෙ.. හරි ලස්සනට ගමේ ගෙයක් වගේම හදාපු ප්ලේස් එකක්. බුෆේ එකත් මැටි ඇතිලිවල, උණු උණුවට.. මෙතනත් තියෙනව පංකාදු පොර්ක් කරියක්, රතු බතකට එහෙම බෑ නොකියන්න. එතකොට.. ඉස්සො, දැල්ලො, කකුළු කරි. චිකන්, මිරිස් මාළු, කිරිමාළු, ඇඹුල් තියල් එහෙම.. ඒ විතරක් නෙවෙයි, එළවළු ව්‍යංජනත් 4ක් එක්ක මිරිස් පපඩමුත්..
සියල්ලම රු. 300-500 අතරෙ.
3. Lunu Mirisa
මේකත් බොරලැස්ගමුවෙමයි. හැබැයි පෝර්ක් නම් නෑ.. ඒ වුනාට මොකද පංකාදු චිකන් එකක්, සුපිරි මාළු ඇඹුල් තියලක් එක්ක බත් ටිකක් කන්න කියාපු ප්ලේස් එක. මෙතන හැඩ කරල තියෙන්නෙ පන් පැදුරු, වට්ටි වගේ දේවල් වලින්. විශේෂයෙන්ම මෙයාල ලඟ තියෙනව ඔය නෙළුම් අල, කෙහෙල් මුව වගේ ගමේ කෑම ටිකක්. අන්න ඒවත් එක්ක..
ගණන් යන්නෙත් රු. 200-400 අතරෙනෙ.
4. Yarl Eat House
යාපනේ ස්ටයිල් එකට.. වැල්ලවත්තෙන් කෙහෙල් කොලේ බත්.
නාඩු හාලෙ සුදු බතයි, බැදපු මාළු කූරියයි.. එළවළු ව්‍යංජන 4ක් එක්ක හොදි වෙනමම, සම්බල් වෙනමම.. මට්න්, ක්‍රැබ්, කට්ල්ෆිෂ් ඔ්න දෙයක්. රු. 200-400 අතරෙ.
5. Nelum Kole (Panadura)
මෙයාලා ලඟත් මට්න්, පෝර්ක් එහෙම නම් නෑ. හැබැයි ඔක්කොටම හරියන්න තියෙනව සුපිරි කකුළු කරියක්. ආයෙ ව්‍යංජන හතරෙ බතත් එක්ක ඒක සෙට්වුනා කියන්නේ.. වාශ්පයි තමා. හැරත් ගණන් යන්නෙත් රු. 200-500 වගේනෙ.
ප්ලේස් එක තියෙන්නෙ පානදුර ටවුමෙමයි. ගිහිල්ලම බලන්නකො. පොල්අතු, ලණු කැරලි, උණ බම්බු එහෙම පාවිච්චි කරල හරි ලස්සනට හදාපු ප්ලේස් එක.
6. Nelum Kole (Attidiya)
අත්තිඩිය නෙළුම් කොලෙත් හරි රහට, බඩකට පිරෙන්න බත් ටිකක් කන්න පුලුවන් තැනක්. වැඩිහරියක්ම මෙයාල ලඟ මස් ජාති තොගයක් තියෙනවනෙ. පොර්ක්, බීෆ් නැති වුනාට මට්න්, සමහර දවස් වලට ටර්කි, චිකන්, ක්‍රැබ්, ඉස්සො, දැල්ලො ඔ්න ජාතියක්. ඒ එක්කම හොඳ රහට හැදුනු එළවළු ව්‍යංජන 4යි.. ම්.. බාග වෙලාවට මිරිස් පපඩම් එහෙමත් තියෙනව. කොහොම වුනත් ගණන් යන්නෙ රු. 200-400න් තමයි.