මස් පලුවයි බිරියානි බතයි! රසම බිරියානි හිතේ හැටියට කන්න කියාපු කඩ 7ක්.

මොකද කියන්නෙ?

පහුගිය දවස් ටිකේ අපි ඔයාලට කියපු, අතේ තියෙන ගාණට හිතේ හැටියට කන්න වගේ තැන් නෙවෙයි. මේ පාර අපි කල්පනා කළා, අතේ කොහොම තිබ්බත් හිතේ තියෙන කෑම කොහොම හරි කන්න, කියාපු ම කඩ ටිකක් ඔයාලට කියන්න.

ඒකත්… නිකම් නෙවෙයි,

අපි කවුරුත් ආස කරන, බඩ කට එහෙමත් හොඳහැටි පිරෙන බිරියානි!

ඊටත්… එකම බිරියානිය?

නෑ යාළු… එක එක බිරියානි තොගයක්ම, හ්ම්…!

1. Arabian Knights

අපි සාමාන්‍යයෙන් දන්න කියන බිරියානිවලින් ටිකක් එළියෙ. හරියටම කිව්වොත් ඔරිජිනල් මැදපෙරදිග බිරියානියක්. ‘කබ්සා’. මේකෙ වෙනස තියෙන්නෙ බත හැදෙන විදියෙ. මොකද ඒ බතට අර ඉන්දියන් බිරියානිවල වගේ මසාලා අඩුමකුඩුම, තුනපහ රසයෙන් අනූන පේස්ට් එකක් එකතුවෙන්නෙ නෑ. ඒ වෙනුවට එකතු වෙන්නෙ එනසාල්, කරාබුනැටි, රම්පෙ වගේ කීපයකුයි මසුයි තමයි. එහෙම එකතුවෙලා මේ බත තැම්බෙන්නෙත් මස් එක්ක ම නෙ. ඉතින් හිතා ගන්න පුළුවන්නෙ රස කොහොමට ඇතිද කියල නේ. අනික එහෙම තැම්බිච්ච බත මේසෙට එන්නෙත් තඩි ග්‍රිල්ඩ් චිකන් පළුවකුයි, සලාදයි, චිලි මින්චි පේස්ට් එකකුයිත් එක්ක. ආයෙ කට දෙක කද්දී…

2. Banana Leaf

මේ කියන්න යන්නෙ ඔරිජිනල් බනානා ලීෆ් එකේ හැදෙන ඔරිජිනල් බිරියානි එක ගැන. ඇත්තටම… ඒක බාගෙට ඉන්දියන්, බාගෙට ශ්‍රී ලංකන් වගේ. ඒ කිව්වෙ බත සම්බ හාලෙන් හදල අර ඉන්දියන් තුනපහ අඩුමකුඩුම මිශ්‍රණයත් දාලා. ඊටපස්සෙ ඒකට එවනව රෝස්ට් චිකන් තඩි පළුවක් උඩින් තියල. බාග වෙලාවට මට්න්වලින් වගේ ඉල්ලුවොත් එන්නෙ රසම රස, සැරත් ගානට වගේ තියෙන තඩි මට්න් කෑලි දෙකක කරියක්. ඒ හැරුණාම කට්ල්ෆිෂ් වගෙත් මෙයාලගෙන් ගන්න පුළුවන්. හැබැයි… ඒ කොහොම වුණත් ඔරිජිනල් බිරියානිවලට එන සලාදෙට වඩා රසයි මෙයාලා දෙන කජු ග්‍රීන්පීස් මාලුවයි, උම්බලකඩ සම්බෝලෙයි, මීකිරි සලාදයයි. ඔව්… බොරු නම් එක පාරක් කාලා බලන්නකො.

3. The Mango Tree

ටිකක් අතමිට සරු අයට හොඳ තැනක්. මොකද… මෙයාලගෙ බිරියානි ටිකක් ගණන්. එහෙම කිව්වට ඉතින් ඒ ගාණටම හරියන්න දෙන එක දෙනව. කොටින් ම කියතොත් දෙන්නෙක්ට ඇති වෙන්න ඔන්න තඩි මැටි මුට්ටියක හොඳේ. ඒකත් කීරි සම්බා හාලෙ බතෙන් හදල, පංකාදු පහට රස තියෙන්න හයිඩ්‍රාබාද් තුනපහ අඩුමකුඩුම මසාලා ටිකත් නූලට ගළපල. අනික බලන්න එපැයි… තඩි චිකන් පළුවකුත් බතට ම ගිල්ලල තියෙන්නෙ ඔය. ඉතින් ඒකට මීකිරි සලාද ටිකක් එහෙමත් ගළප ගත්තාම… ආයෙ කතා නෑ ඉතින්.

4. Saveira Indian Restaurant

මෙයාලගෙත් තියෙන්නෙ හයිඩ්‍රාබාද් බිරියානියක්. හැබැයි බාගෙට වගේ ඒක අරාබි ආරටත් බරයි. කොහොම වුණත්… ඒ මට්න් එකේ රස නම්, කියල වැඩක් නෑ ආ… මල් හතයි! මිරිස්, තුනපහ වගේ ම කුළුබඩු අඩු පාඩු ටිකත් දාලා තියෙනවා… හිතා ගන්න බැරි මට්න් රසත් හොඳ හැටි තියෙන්න, මසාලා රසත් හොඳ හැටි තියෙන්න ම හැදුවෙ කොහොමද කියල. අනික බතත් කීරි සම්බා හාලෙන් එහෙම. ඔක්කොමත් හරි කාට කාටත් කන්න පුළුවන් ගාණටනෙ දෙන්නෙත් ඈ… මං කියන්නෙ ඒක නෙවෙයිද වටින්නෙ?

5. Chana’s

මෙන්න තැන. හොඳම හයිඩ්‍රාබාද් බිරියානියක් කනව නම් යන්න කියාපු ම. මට්න් නම් එහෙමයි, චිකන් නම් එහෙමයි. ඒකත් නිකම් නෙවෙයි, රස පදමට බිරියානි අඩුම කුඩුම දාලා හදලා… ග්‍රිල් රසයි, තන්දුරි රසයි අනූන තඩි චිකන් පළුවක් එක්ක මේසෙට එවලා… එහෙම නැත්නම් මට්න් කෑලි තොගයක් තියෙන කරි මට්න් එකක් වෙනමම එවලා… අපිව අසරණ කරනව අප්පා…

අනික ඒ උණු උණු බතේ සුවඳ… මීකිරි දාලා හදපු සලාදෙ…? හප්පේ… මතක් වෙද්දිත් කටට කෙළ උනනව යාළු.

6. New Banana Leaf

මේක අරකෙ කොපිය. හැබැයි බිරියානිය හරියට කොපි වෙලා නෑ. ඒ කිව්වේ… සවුත්තුයි නෙවෙයි. රියල් ශ්‍රීලංකන් බිරියානියක් තමයි මෙයාලා අපිට දෙන්නෙ. එනසාල්, කරාබුනැටි, රම්පෙ කරපිංච, කහ ටිකක් දාලා සම්බා හාලෙන් හදපු බතට දෙනවා… ටොප් රෝස්ට් චිකන් පළුවක්. ඒකෙ හැබැයි තන්දුරි නෑ. අනික මට්න් ඉල්ලුවොත් එන්නෙ, මිරිස් තුනපහ මදි නොකියන්න දාලා පංකාදු පහට හදාපු ශ්‍රී ලංකන් මට්න් කරියක්. ම්… ඉතින් බිරියානි කාරිය කෙසේ වෙතත්… ඒ කරිත් එක්ක ඕන දෙයක් යමරෙට දෙසා බාන්න නම් පුළුවන්.

7. Sulthan Palace

මේක ඇවිල්ල අමුතුම ප්ලේස් එකක්. අපේ රසට හරියන්න, ගාණත් ටිකක් අඩු වෙන්න ඉන්ඩියන් බිරියානි හදන තැනක්. වැඩේ කියන්නෙ ඒ කොහොම හැදුවත් රස නම් ටොපේ ටොප් ආයෙ බොරු කියන්න ඕන නෑනෙ. අනික තන්දුරි නැතත් චිකන් පළුවෙ තියෙන රෝස්ට් රසයි, පදමයි… කීරි සම්බා හාලෙ බතේ බිරියානි, මසාලා මික්ස් රසයි…

එක්ක කෑ හැකි… රම්පෙට පොරි හැලෙන්න, ඕ…!

එහෙම කාලා ඉතින් තව කඩ හොයන එක නම් හරි නෑ… මං කිව්වෙ ‘හ්ම්’ කියාගන්න බැරුව ඉඳිද්දි වගේ…

ඒත් ඉතින් එහෙමයි කියල වැඩේ අල්ලල දාන්නත් බෑනෙ. ඒ නිසා දන්න කියන තැන් සියල්ල, කෑම කන ගමන් ම හරි කමක් නෑ පහළින් කමෙන්ට් කරන්න. මොකද අපිට හරි යන්න බැරියැ වෙන දවසක, ආයෙ ආයෙත් බිරියානි ම කන්න…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide