අළුත් අවුරුදු පාර්ටි කාලේ! තඩි චිකන් පලුවක් එක්ක සුපිරි බිරියානියක් කන්න කියාපු කඩ 8ක්.

අනුග්‍රහය: ‌‌කොකා කෝලා   

 

ෂොපින්ග් යනව ඉතින්.. බඩු ගන්නවා, ඇවිදල කරල විනෝද වෙනවා, යාළුවොත් එක්ක පාර්ටි දානවා…

අළුත් අවුරුද්දනේ! හැරත් කොල්ලො කෙල්ලොනේ…

කොහොමහරි ඉතින් ඔය හැමදේම අතරට බඩ කට පිරෙන්න කන්නත් ඕන. නැත්නම් පාර්ටි සීසන් එකෙන් වැඩකුත් නෑනෙ.

වැඩේ තියෙන්නෙ උදේ ඉඳන් රවුම ගහල ගහල දවල් වෙද්දි එන බඩගින්නට මොනවද හොඳටම සෙට් වෙන්නෙ කියලනෙ. ඇත්තටම ඔයාලට නොකිව්වට, අපිත් ඔය ගැන කල්පනා කලා. රයිස්, කොත්තුද නැත්නම් බර්ගර් සබ්මැරීන්ද.. වෙන මොනවහරි නම් ඒ මොනවදත් කියල. එහෙම කල්පනා කරගෙන යද්දි තමයි පොඩි අයිඩියා එකක් ආවෙ බිරියානි ගැන.

ලොකු මස් පලුවක්, බැදපු බිත්තරයක් රස වෑහෙන බතක් එක්ක රසම් හොදි එහෙමත් එනවනෙ. අනික සාමාන්‍යයෙන් බිරියානි එකක් දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්නත් පුළුවන්. ඊටත් රයිස් කොත්තු අනම් මනම් වගේ ඇඟට අවුලකුත් නෑනෙ. වැඩිය ඕන නෑ, හොඳ සැරට හැදෙන තන්දුරි චිකන් කෑල්ලක් එක්ක රස වෑහෙන බත් කටක් තලු මරද්දි කෝක් බඩියකුත් පැත්තකින් තියාගත්ත නම්…

හැන්දෑවෙ රවුම ගහල ගෙදරට ගොඩ වෙනකම්ම ඇති ඉතින්!

අන්න ඒ නිසයි අපි හිතුවෙ ඔය පහළින් තියෙන සුපිරි බිරියානි කඩ ටික ඔයාලටත් කියන්න. එතකොට කාට කාටත් පුළුවන්නෙ අළුත් අවුරුදු රස්තියාදුවෙ බඩගින්න හිතේ හැටියට නිවාගන්න.

1. Chola Authentic Indian Restaurant

(0114 363118/ උදේ 11 – හැන්දෑවෙ 3, හැන්දෑවෙ 6.30 – රෑ 11.30)

වැල්ලවත්ත ලිලි ඇවිනියු එකේ තියෙන ‘චෝල’ එක, දෙහිවල පැත්තෙ රවුම් ගහන අයට ගොඩ වෙන්න කියාපුම ප්ලේස් එක. මොකද එයාලගෙ තියෙනව සුපිරි, චිකන් ටික්කා බිරියානි (රු. 850) එකක්. ඒ විතරක් නෙවෙයි කීරි සම්බා හාලෙන් හැදුණු බතත් මසලා රසින් උපරිමයි. ඊටත් චිකන් කෑල්ලෙ සයිස් එක. බත් එක කාලා ඉවර වෙලා කන්නත් පුළුවන් ගාණයි. වැඩේ කියන්නෙ චිකන් කෑල්ල එච්චර සයිස් වෙලා, තව බිත්තර 2කුත් තියෙනව කිව්වාම. ඔක්කොටමත් වැඩියි චිකන් කෑල්ලෙ රසත් එක්ක තියෙන සැර. ආයෙ කෝක් එකක් එක්ක නම්.. පංකාදු පහයි ඈ.

2. Sudarshan Veg.

(011 2502013/ උදේ 11 – රෑ 11.00)

බම්බ ෆ්ලැට් වලට පොඩ්ඩක් කොළඹ පැත්තට වෙන්න තියෙන මේ වෙජිටේරියන් ප්ලේස් එකෙත් තියෙනව හොඳ කටට රහට හැදෙන වෙජි සබිස් ඩම් බිරියානි (රු. 565) එකක්. ඇත්තටම වෙජි කට්ටියට නම් පංකාදු බිරියානි එක. හැබැයි චිකන් නෑ කියල මස් කන කට්ටියට කන්න බැරි කමකුත් නෑ. මොකද මේ බිරියානි එකේ කැරට්, ලූණු, ග්‍රීන්පීස්, අල වගේ එළවළු තොගයක්ම තියෙනවනෙ. අනික බාස්මතී හාලෙ බත නිසා රසත් ඩබල්.

3. Chana’s

(0113 288788/ උදේ 11 – රෑ 11.00)

මේකත් තියෙන්නෙ වැල්ලවත්තෙ. කවුරුත් දන්න කියන සුප්ප ඉන්දියන් කෑම කඩයක්. ඒ වගේම තමයි මෙයාලගෙ බිරියානිත්. මස්, බිත්තර වලින් අනූනයි. විශේෂයෙන්ම තන්දුරි චිකන් ඩම් බිරියානි (රු. 600) එක එහෙම. බිරියානි හාලෙන් හදපු බතේ රස, මසාලා රසෙන් පිරිලා වගේම චිකන් කෑල්ලත් හොඳ පදමට මිරිස් තුනපහ වලින් පදම් වෙලා. ඒ විරතක් නෙවෙයි, ඒකට එන මිරිස් හොද්දත් බිරියානි එකටම තකටතකනෙ. ඔය ඔක්කොමත් හරි උණුඋණු බිරියානි කටක් එක්ක සීතල කෝක් උගුරක් සෙට් වෙද්දි. ආයෙ ගමකට කතහැකි හොඳේ!

4. Arabian Nights

(0112 301031/ දවල් 12 – රෑ 11.00)

කොල්ලුපිටිය ගාලු පාරෙ තියෙන බිරියානි කන්න කියාපු තවත් තැනක්. හැබැයි මෙයාලගෙ තියෙන්නෙ මැදපෙරදිග බිරියානි. ඔය. ග්‍රිල්ඩ් චිකන් බිරියානි (රු. 490) වගේ. ඒ නිසාමද මන්දා බිරියානි එකේ රස සුපිරියට තිබ්බට චිකන් කෑල්ලෙ එහෙම සැර ගතිය මදි. ඒත් හොද්ද ටිකක් සැරයි. වැඩේ කියන්නෙ බිරියානි එකට එන සලාදෙත් සැර නෑනෙ. හොඳ හැටි සීසන් කරල එහෙම හදපු ග්‍රිල්ඩ් චිකන් කෑල්ලෙ සයිස් එකත් ලොකුවට තිබ්බට.. ඒක ඇතිවෙන්නෙ නම් එක්කෙනෙක්ට වගේ තමයි.

5. Classy Cuisine

(075 202 2339/ ටේකවේ සහ ඩිලිවරි විතරයි)

මේක අමුතුම බිරියානි එකක් (රු. 450). ෆුල් වෙස්ටන් ටයිප්. මොකද මේකට එන්නෙ තක්කාලි, සලාද, පිපිඤ්ඤා පිරිච්ච ලොකු සලාදයක්. ඒ එක්ක තම්බපු බිත්තරයකුත් එනව. එතකොට… මසාලා රසට හැදුනු පොඩි කුකුල් කකුලකුත් එනවා. එතනින් එහාට ඉතින් අර රයිතා එකත් තියෙනවා හොඳ රසට. වැඩේ තියෙන්නෙ මේ බිරියානි එකේ බත හොඳ රහට, බාස්මති හාලෙන් හදල තියෙන නිසා උණුඋණුවෙන් මේසෙට ආවාම ඉතින් තලු මරමර කන්න පුලුවන්.

6. Alhambra by Ramada

(0112 422001/ දවල් 12 – හවස 3.00, රෑ 7.00 – රෑ 11.00)

කොල්ලුපිටිය රාමදා හෝටලේ තියෙන රෙස්ටුරන්ට් එකක් තමයි මේ. මෙයාලගෙ බිරියානි (රු. 950) එකනම් ඇත්තටම ටිකක් වෙනස්. මොකද ඒක එන්න මැටි කලේක. උඩින් මුද්දරස් පලම්, ග්‍රීන් පීස් එහෙම තොගේට දාලා හරිම ලස්සනයි. අනික බාස්මති බත නිසා සුවඳිනුත් අනූනයි. මුට්ටිය මැද්දට වෙන්න තියෙන තුනපහ පදමින් රසවුනු චිකන් කෑල්ලෙත් තියෙන්නෙ පංකාදුම රසක්. කොටින්ම කියනව නම් බිරියානි එකට එන හොද්දත් ගැලපුණාට පස්සේ… තලු මරමර රස බැලුවහැකි ආයෙ.

7. Pot Biriyani

(0777 330938, 071 6669669/ උදේ 8.30 – රෑ 7.00)

ආයෙ බිරියානි කනව නම් ආයෙ කියාපුම තැන් තමයි. මාර බිරියානි සෙට් එකක්නෙ මෙයාල ළඟ තියෙන්නෙ. වෙජි බිරියානි, ඉඳිආප්ප බිරියානි, චිකන් පොට් බිරියානි… පිස්සු හැදෙනව ඈ. අනික ඒවයෙ රසත් ආයෙ උපරිමයි. මොකද චිකන් එහෙම හොඳ මිරිස් තුනපහ රසට පදම් කරලා, ග්‍රිල් කරන ඒවා ග්‍රිල් කරලා, එතකොට තන්දුරි රසට හදන ඒවා එහෙම හදලා… ඊටත් ඒ බිරියානි (රු. 950) එකක සයිස් එකත් හතර දෙනෙක්ට බඩ පැලෙන්න තියෙනවනෙ. ඔක්කොමත් හරි හොඳ සැරට හැදෙන බිරියානි නිසා කූල් කෝක් බඩියක් එක්ක එහෙම හුරේ කියල නැගල යන්නෙ!

8. The Biriyani Restaurant

(0112 440339 / උදේ 11.00 – රෑ 9.30)

මරදාන ආමර් වීදියෙ තියෙන බිරියානි වලට කියාපුම තැනක්. කොටින්ම කියනව නම් කොළඹ අවටින් ගන්න පුළුවන් හොඳම බිරියානි තමයි. බාස්මති හාලෙන් හැදෙන බත මුලින්ම චිකන් තම්බපු වතුරෙන් තම්බලා, ඊට පස්සෙ මසාලා අඩුම කුඩුම ටික එකතු කරලා පංකාදුවට රස කරලා තියෙනව. ඊටත් එහා එයාලගෙ කුකුල් මස් එක. මසාලා රසින් අනූන වෙන්න හදපු සාමාන්‍ය සයිස් කුකුල් මස් කෑලි. බත් එකකට දෙකක් විතර එන නිසා හිත පිරෙන්න කන්න පුළුවන්. අනික හයිඩ්‍රාබාද් ඩම් කච්චි චිකන් (රු. 450) බිරියානි එකේ එහෙම තම්බපු බිත්තරත් තියෙනවනෙ.

තවත් ඉතින් මොනවද නේ. මෙච්චර බිරියානි කන්න තැන් තියෙද්දි. හැරත් බඩගින්න දෙපිටින් ගිහිල්ල තියෙන වෙලාවට මේ වගේ බිරියානියක් ගත්ත නම් දෙන්නටම බඩ පැලෙන්න කෑ හැකි. මොකද ඒකත් එක්ක තිබහ නිවෙන්න කෝක් උගුරක් දෙකකුත් බැස්ස කියන්නෙ ආයේ…!

කතා ඕන නෑනේ.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide