එන පොට හොඳ නෑ යාළු. මේ පාර නම් නැට්ටටම කෙලවෙන්නයි යන්නෙ. ඊටත් ඒ කෙලවෙද්දි රස්සාවත් නැතිවෙලා, බිංදුවටම වැටුණොත්?
පාරට තොටට බැහැලා බිස්නස් එකක් කරගන්නත් බැරි වුනොත්?
ඉතින් කල්තියාම කියන්නම්. පුලුවන් උපරිමයෙන් කාලය යොදවලා ඉගෙන ගන්න.. මේ වගේ ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුලුවන් සබ්ජෙක්ට් ටිකක්..
1. Programming Languages
ඉන්ටනෙට් එකේම හොයලා බලලා වැඩේට බහින්න පුලුවන් වගේම, සම්පූර්ණ කෝස් එක ඉන්ටනෙට් එකෙන්ම කරගන්නත් පුලුවන්. ඔයාට ලොකු කැප කිරීමක් කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න පටන් ගන්න Python, Java Script, Java වගේ ලැන්වේජස් ටිකක්. එහෙම අමාරු නම් හොඳම වැඩේ තමයි හෙමි හෙමිහිට PHP, C++ වගේ ඒවා ටිකක් ඉගෙන ගන්න එක. හැබැයි ඔය කොහොම ඉගෙන ගත්තත්.. එක්ස්පීරියන්ස් එක හදාගන්න නම් පොඩි පොඩි වැඩ ගොඩක් කරන්න වෙනව. එහෙම කරලා ඉතින් වැඩේ ඇඟට ඇල්ලුවාම.. ගාණකට ඉල්ලන්න බැරියැ!
2. Graphic Softwares
මොන ජාතියක හරි ඇඩ්වටයිසින් ලෝකෙ තියෙන තාක්කල් පවතින අදායම් ක්රමයක්. හැබැයි ඉතින් මේක නිකම් අයට නම් හරියන්නෙ නෑ. මොකද සොෆ්ට්වෙයා එක පුලුවන් වුනාට වැඩක් නෑනෙ මනුස්සයා නිර්මාණශීලි නැත්නම්. ඉතින්.. නිර්මාණශීලි ඔයා, ඉගෙන ගන්න Photoshop, Illustrator, Coreldraw, Indesign
3. Video Editing
මොනවා නැතත් අන්තිමට ලස්සන, කොලිටි වීඩියෝ තියෙන යූ ටියුබ් චැනල් එකක් හරි කරලා සල්ලි කීයක් හරි හොයාගන්න පුලුවන්. මොකද ඉතින් දැන් වීඩියෝ කරන්න ලොකු ලොකු කැමරා ඔ්නම කියල එකකුත් නෑනෙ. අතේ තියෙන්නෙ හොඳ ස්මාර්ට් ෆෝන් එකක් නම් ඒ හොඳටම ඇති. කොහොමත් ලොකු ලොකු වීඩියෝ, ෂෝට් ෆිල්ම් එඩිට් කරන්න කලින් ලඟ තියෙන මොකකින් හරි වීඩියෝ කරලා, එඩිට් කරලා එක්ස්පීරිඅන්ස් එක හදාගන්න එපැයි. අන්න ඒකට ඉගෙන ගන්න.. Premiere Pro, Premiere Elements, DaVinci Resolve, Final Cut Pro
4. Social Media Handling
නිතර දෙවේලෙ රවුම් ගහන ෆේස්බුක්, ඉන්සටග්රැම් තමයි..
උඩ පල්ලෙහා ගියාට ජීවිතේටවත් හෙව්වෙ නෑ නේද මේවයින් සල්ලි හම්බකරන ක්රමය!
ඒකනෙ, එහෙනම් අද ඉඳන්වත් පටන් ගන්න ෆේස්බුක්, ඉන්ස්ට බිස්නස් පේජ් එකක් කරන්නෙ කොහොමද? ඒවයි දත්ත බලලා ඇඩ්වටයිසින් වලට යොදාගන්නෙ කොහොමද? අදාළ දේ අදාළ පිරිස අතරට, නියම වෙලාවට යවන්නෙ කොහොමද? වගේ ගොඩක් දේවල් තියෙනවා..
අනික හරිම ලේසියි ඉගෙන ගන්නත්. ඊටත් හරි හැටි ඉගෙන ගත්තොත්.. නිතර දෙවේලෙ රවුම් ගහන ගමන්ම සල්ලි තමයි.