අඩුම ගාණට ඉංග්‍රීසි පොත් අරගෙන ඔන්ලයින් එන වෘකයා! බිග් බෑඩ් වුල්ෆ් මේ පාරත්...

සාහිත්‍ය මාසේ ඔන්න ඉවරයි. ඊළඟට කියවීමේ මාසේ. BMICH එකේ තිබුණ බුක් ෆෙයා එකට ගිහින් පොත් අරන් ආපු අය දැන් ඒවා කියවන්න ලකලෑස්ති වෙනවා ඇති. සමහරු නම් කියවන්න පටන් අරගෙනත් ඇති. පොඩ්ඩක් හෝව්! සාහිත්‍ය මාසේ ඉවර වුණාට පොත් වසන්තය තාම ඉවර නෑ. විශේෂයෙන් ඉංග්‍රීසි පොත් කියවන අයට, දැන් තමයි වසන්තය උදා වෙන්න යන්නෙ ඕං!

දන්නවනේ හැම අවුරුද්දෙ ම ඉංග්‍රීසි පොත් මිටි ගණන්, ගෝනි ගණන් අරගෙන ලංකාවට එන වෘකයා.. බිග් බෑඩ් වුල්ෆ්! මෙයා මේ පාරත් ඔන්න එනවලු ඩිස්කවුන්ට් තොගයක් ම අරන්. හැබැයි වෙනදට වඩා වෙනසක් තියනවා. මෙයා මේ අවුරුද්දෙ අපි හම්බෙන්න එන්නෙ ඔන්ලයින්. ඒ කියන්නේ වෙනද වගේ සේල් එකට ගිහින් ඇවිදලා අතපත ගාලා කල් ගත කරලා පොත් තෝරනවා වෙනුවට, මෙයාගෙ වෙබ්සයිට් එකට ලොග් වෙලා අවශ්‍ය පොත් තෝරගන්නයි මේ වතාවෙ අපිට තියෙන්නේ.

කවුද මේ වෘකයා?

Big Bad Wolf කියන්නෙ 2009 දී මැලේසියාවෙන් ඇරඹුණ, දැනට ඉන්දුනීසියාව, පකිස්තානය, පිලිපීනය, මියන්මාරය, තායිලන්තය, තායිවානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව වගේ රටවල අවුරුද්දකට සැරයක් පැවැත්වෙන ලෝකේ ලොකු ම පොත් සේල් එක. මෙයාල කරන්නේ පිටරටවල පොත් බෙදාහරින දැවැන්ත සමාගම්වල ඉතිරි වෙන පතපොත මිලට අරන් හුඟක් අඩු මිල ගණන්වලට විකුණන එක. 

2017 අවුරුද්දෙ තමයි මෙයාල මුලින්ම ලංකාවට ආවෙ. ඒ අවුරුද්දෙ ඉඳන් ගිය අවුරුද්ද වෙනකන් හැම වතාවක ම කොළඹ ලේක්හවුස් එක ඉස්සරහ තියන ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දින 10ක් තිස්සේ බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය පැවැත්වුණා. ඒ දවස් දහයේ ම පැය 24 පුරා ම සේල් එක විවෘතව තියන එක මේ ප්‍රදර්ශනයේ විශේෂත්වයක්.

හැබැයි මේ අවුරුද්දේ කොරෝනා වසංගත පැතිරීමත් එක්ක බිග් බෑඩ් වුල්ෆ්ට රටින් රටට සංචාරය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා නේ. ඉතින් එයා ඒ වෙනුවට අපි ළඟට එන්න පහසු ක්‍රමයක් හොයාගෙන. ඒ අනුව www.bigbadwolfbooks.lk වෙබ් අඩවියට පිවිසිලා අපිට අවශ්‍ය පොත් තෝරගෙන මිල දී ගන්න මේ වතාවෙ පුළුවන්. සේල් එක ආරම්භ වෙන්නේ සැප්තැම්බර් 30 වෙනිදා රෑ 8ට. වැඩේ කියන්නේ මේ පාර සේල් එක පැවැත්වෙන්නේ දවස් 4යි. ඒ කියන්නේ ඔක්තෝබර් 4 වෙනිදායින් බිග් බෑඩ් වුල්ෆ් අවසන් වෙනවා.

කොහොම වුණත් වෙබ්සයිට් එක පැය 24 ම විවෘත නිසා පුළුවන් ඉක්මනින් සයිට් එකට ලොග් වෙලා පොත් තෝරගන්න තරමට වාසියි. හැමෝම එක පාර ලොග් වෙන්න ගිහින් සයිට් එක ක්‍රෑෂ් වෙනවා වගේ අනතුරකටත් ඉඩ තිබ්බට, ඒකට මොකක් හරි විසඳුමක් දැනටමත් ඒගොල්ලො හොයාගෙන ඇති කියලා අපි හිතනවා.

පොත්පත් සහ ඩිස්කවුන්ට්

සාමාන්‍යයෙන් කලින් අවුරුදුවල සේල් එකට ගිය ඈයො නං දන්නවා, බිග් බෑඩ් වුල්ෆ් ළඟ ලොකු පරාසයක විවිධ ක්ෂේත්‍රවල විසිරුණ පැතිරුණ ඉංග්‍රීසි පොත්පත් ගොඩක් තියනවා. ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන පොත්, නවකතා, සාහිත්‍ය, ළමා සාහිත්‍ය, යොවුන් සාහිත්‍ය, කොමික් පොත්, ශාස්ත්‍රීය පතපොත වගේ ම, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර කලාව, ඡායාරූපකරණය, සංගීතය, සිනමාව, විද්‍යාව, පරිසරය, ඉතිහාසය, අපරාධ, චරිතාපදාන වගේ නොයෙක් විෂයයන්වලට අදාළ පොතපත මෙයාල අරන් එනවා. ඒ විතරකුත් නෙවෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් හොයාගන්න නැති අඩල්ට් කලරිං බුක්ස්, අමුතු අමුතු ජාතියේ නෝට් බුක්ස් එහෙමත් ගිය අවුරුදුවල මේගොල්ලො අරන් ඇවිත් තිබුණා. කොහොම හරි ආරංචියේ හැටියට 30,000කට අධික පොත් එකතුවක් මේ පාරත් එයාල ළඟ තියනවලු!

සාමාන්‍යයෙන් ලංකාවේ බුක් ෂොප්ස්වලින් ඉංග්‍රීසි පොත් ගන්න ගියාම තරු විසි වෙනව නේ ගණන් දැකලා. හැබැයි බිග් බෑඩ් වුල්ෆ්ගෙන් පොත්වලට 50% ඉඳන් 90% දක්වා ඩිස්කවුන්ට් ලබාගන්න පුළුවන්. ඒ වගේ ම ඉන්ටනැෂනල් ෂිපිං ගාස්තු නෑ. මීට අමතරව විවිධ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්වලට විශේෂ වට්ටම් එහෙමත් දෙන්න ඒගොල්ලො ලෑස්තියි. ආ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. තෝරගත්ත 10 දෙනෙකුට රු. 5000 වවුචර් තෑගි දෙන ඔෆර් එකකුත් මෙයාල පහුගිය දවස්වල පටන්ගත්තා. මේ ඔක්කොම ගැන වැඩි විස්තර බිග් බෑඩ් වුල්ෆ් ෆේස්බුක් පේජ් එකෙන් බලාගන්න පුළුවනි.

ඉතින් එහෙනම් බිග් බෑඩ් වුල්ෆ් එක්ක ඔන්ලයින් ෂොපිං කරලා බලන්න. හැමෝටම තමන්ගෙ කැමති ම ඉංග්‍රීසි පොත් ඔක්කොම හොයාගන්න ලැබේවා කියල අපි පතනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide