මාස්ක්! දාන්නද එපාද?.

COVID-19 වසංගතයේ පැතිරීම සහ පැතිරීමේ වේගය පාලනයකරන්නෙ මේ වෙනකොට ලෝකය පුරා හැම තැනක ම වගේ විවිධ ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනවා. පිරිස එක්රැස් වෙන තැන් මගෑරලා හැකි තාක් ගෙවල්වලට වෙලා ඉන්න එක, පාරෙ තොටේ දී හෝ කඩේකට බඩු ගන්න ගියාම අවම වශයෙන් මීටරයකවත් පරතරයක් තියාගන්න එක, නිතර ම සබන් හෝ ඇල්කොහොල් යොදල අත් හෝදන එක, එහෙම අත් හෝදන්න නැතුව මුහුණ ස්පර්ශ නොකිරීම වගේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන දේවල් හරියට කළොත් අපට මේ වසංගතය පැතිරීම අවමකරගන්න පුළුවන්.

මේ අතර ලෝකේ සමහර රටවල වගේ ම ලංකාවෙත් පාරතොටේ යද්දි, කඩවලට බඩුගන්න යද්දි ගොඩදෙනෙක්  මාස්ක් එකක්, එහෙමත් නැත්නම් මුහුණු ආවරණයක් පළඳිනවා දකින්න පුළුවන්. මේවා අතර සර්ජිකල් මාස්ක්, අර මෝටර්සයිකල් පදිද්දි එහෙම දාන වර්ගයේ මාස්ක්, ගෙදර දි රෙදිවලින් හදාගත්ත මාස්ක් වගේ ම ලේන්සු හෝ රෙදි කෑලිවලින් මූණු වහගත්ත අයත් හිටියා.

ඔය අස්සෙ ඇඳිරිනීතිය අයින්කරපු වෙලාවේ මේ විදියට මුහුණු ආවරණ නැතුව ආපු අයට පොලිසියෙන් විවිධ අඩත්තේට්ටම් කරනව වගේ ම පොලිසිය සහ මාධ්‍ය ආයතන එකතුවෙලා ඒ වගේ අයගේ මූණුවල රෙදිකෑලි ගැටගහනවත් දකින්න ලැබුණා.

Footage: Ada Derana

හැබැයි ඔය අතරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාහිටියේ මේ විදියට සාමාන්‍ය ජනතාව පාරට, කඩපිළට යද්දි මාස්ක් දාන එක සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ නොකරන බවයි.

දාන්නද? එපාද?

ඉතිං මොකක්ද මේ මාස්ක් ගැන ඇත්ත කතාව? අපි මාස්ක් දාන්නද, එපාද? 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයට අනුව මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශය මුහුණු ආවරණ පළඳින්න කියල නිර්දේශකරන්නෙ රෝගීන් යැයි සැකකකරන පුද්ගලයින්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයින්, රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන්ට සහ ස්වසන රෝග ලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයින් රෝහලයට යාමේ දී විතරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙත් COVID19 වගේ වෛරසයකින් අපිව ආරක්ෂා කරන්න සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකකට බෑ කියලා. ඔයාට උණ, කැස්ස සහ හුස්මගැනීමේ අපහසුතාව තියෙනව නම් මාස්ක් එකක් පැළඳගෙන වෛද්‍යවරයෙක් වෙත යොමුවෙන්න ඕන. හැබැයි නිරෝගී කෙනෙක්ට රෝගය වැළඳීම නවත්වන්න මාස්ක්වලට පුළුවන් කියල කියන්න දැනට කිසිම සාක්ෂියක් නෑ. මොකද සර්ජිකල් මාස්ක් එකක මූලික කාර්යය වෙන්නෙ ඒක පැළඳගෙන ඉන්න කෙනාගෙන් පිටවෙන විෂබීජ එළියට යන එක වළක්වන්න මිසක් එළියෙ තියෙන විෂබීජ ඒ පුද්ගලයට ඇතුළ්වෙන එක වළක්වන්න නෙවෙයි.

ඔය කීවට ඉතිං…

වෛද්‍යවරු සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මොනව කීවත් අපේ ගොඩක් කට්ටිය තාමත් මාස්ක් දානවා. “ඔය කීවට ඉතිං පරෙස්සම් වෙන එක කෝකටත් හොඳයි නෙ. ඕක දැම්ම කියල අවුලක් වෙන්නෙ නෑනෙ.” වගේ කතාවල ඉඳන් මාස්ක් දාන්න එපා කියල කියන වෛද්‍යවරුන්ගෙ අම්ම මුත්තා මතක්කිරීම දක්වා මේ ගැන එක එක විදියේ අදහස් මේ දවස්වල සමාජ මාධ්‍යවල දකින්න පුළුවන්. අර කීවත් වගේ ඉතිං නිකං ඉන්නවට වඩා හොඳ නැද්ද කෝකටත් කියල වැඩි පරිස්සමට මාස්ක් එකක් දාගෙන යන එක?

“නෑ” කියන උත්තරේ තමයි ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මේ ප්‍රශ්නෙට දෙන්නෙ. වෛද්‍ය කොතලාවලට අනුව මේ විදියට මාස්ක් දාන එකේ තියෙන එක අවදාමක් තමයි false sense of security, එහෙම නැත්නම් තමන් ආරක්ෂිතයි කියල හැඟීමක් තමන්ට එන එක. මේ හැඟීම නිසා මීටරයක් දුරින් ඉන්න එක, නිතර මූණ අල්ලන එක, අත් හෝදන එක වගේ දෙවල් ගැන අවධානය අඩුවෙනවා. එකම මාස්ක් එක ගලවල සාක්කුවේ දාගෙන ඉඳලා නැවත නැවත පාවිච්චි කරන අය, සැරෙන් සැරේ මාස්ක් එක පාත්කරලා හෝ බෙල්ලෙ දාගෙන කතාකරන අය ගොඩක් තැන්වල දි අපට දකින්න පුළුවන්. 

බොරු සැනසිල්ල?

මේ  false sense of security එක ගැන තවත් උදාහරණයක් වෛද්‍ය නුවත් තොටවත්ත ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒකෙ දි එක්කනෙක් වෛද්‍යවරයගෙන් අහල තිබුණේ ඔය මොනව කීවත් තමන්ගේ අවුරුදු පහක පොඩි දරුවව මාස්ක් එකක් නැතුව සුපර්මාර්කට් එකකට එක්ක යන්න හිතහදාගන්න පුළුවන්ද කියලා.

මේකට  වෛද්‍ය තොටවත්ත දීලා තිබුණු උත්තරය වුණේ, "මම කොහොමටවත් මේ දවස්වල අවුරුදු පහක දරුවෙක් සුපර් මාර්කට් එකකට ගෙනියන්නෙ නෑ. මාස්ක් එකක් නොදා වත් ගෙනියන්නෙ නෑ. මාස්ක් එකක් දාල නම් කොහොමටවත් ගෙනියන්නෙ නෑ."

“තාත්ත හිතන්නෙ බැරිවෙලාවත් කොරෝන රෝගියෙක් දරුවගෙ මූණ ළඟට ඇවිත් කැස්සොත් මොකද වෙන්නෙ කියල. තාත්ත කෙනෙක් හැටියට එහෙම හිතෙන එක හරි.” වෛද්‍ය තොටවත්ත පැහැදිලි කරනවා. “හැබැයි එයා හිතෙන දේ හරියන්න හරියටම එයාල යන වෙලාවට කොරෝන රෝගියෙක් එයලගෙ මූණ ඉස්සරහට ඇවිත් කහින්න ඕන.”

නමුත් සුපර් මාර්කට් එකට දවස පුරා ම ආපු හැමෝම කැහැල පිටවෙච්ච කෙළ බින්දු හැම රාක්කයක ම හැම පැකට් එකකම තියෙනවා. පොඩි දරුවෙක් නෙවෙයි, ලොකු කෙනෙක් වුණත් මේවා අල්ලලා ඒ අතර මාස්ක් එක හදන්න, ගියොත් මූණ අතගැවුණොත් අර කෙළ බිඳිතිවල රැඳිලා තියෙන වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. 

ලංකාව නේ, අපි නේ

“ඔය කීවට ඔය පෝලිම්වල දි  ප්‍රායෝගික ව මීටරේ පරතරේ තියාගන්න බෑනෙ,” කියන අයටත් තියෙන්නෙ මීටරේ පරතරේ තියාගන්න බැරිවුණත් මාස්ක් එක තියෙන නිසා තමන් ආරක්ෂිතයි කියල හිතෙන අර කියපු  false sense of security එක ම තමයි. 

මීට අමතර ව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල කියන විදියට මාස්ක් දාන එකේ තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ මේ වෙනකොට තියෙන සර්ජිකල් මාස්ක් තොග ප්‍රමාණය සීමිත වීම. දැනට මේවා ලංකාවේ හදන්නෙ නෑ. මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරා ම තියෙන ප්‍රශ්නයක් නිසා මේ දවස්වල පිටරටින් අලුතින් සර්ජිකල් මාස්ක් ගෙන්නන්නත් අමාරුයි. ඉතිං මේ විදියට හැමෝම දවස ගානෙ අලුතින් මාස්ක් දාන්න ගියොත් එහෙම රෝග ලක්ෂණ තියෙන අය සහ රෝගීන්ට සත්කාර කරන අය වගේ අත්‍යවශ්‍ය අයට ගන්න මාස්ක් නැතිවෙන්න පුළුවන්.

හැබැයි අනිත් අයට හෙනගහල ගියත් මුලින් තමන් ආරක්ෂාවෙන්න ඕන නෙ කියල හිතන අය වගේ ම රටේ තියෙන සර්ජිකල් මාස්ක් තොගය ඉවර නොකර ගෙදර දි රෙදි මාස්ක් හදාගෙන දාන අයත් ඉන්න පුළුවන් නෙ. අන්න ඒ අයට වෛද්‍ය නුවන් තොටවත්ත කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්:

“…සර්ජිකල් මාස්ක් එකක් එලියෙ තියෙනවා පොලිතීන් වගේ තට්ටුවක්. ඒකෙන් කෙළ බිඳිති උරාගන්නෙ නැතිව එලියට ඉවත් කරල දානවා. හැබැයි රෙදි මාස්ක් එකක් ඉක්මනින් ම කෙළ බින්දුවලින් පෙඟෙනවා. ඊට පස්සෙ වෛරස් ටික එතන එකතු වෙලා තියෙනවා. මාස්ක් එක නැති වෙලාවට වඩා වැඩි වෙලාවක් වෛරසය මූණ අවට ගෑවි ගෑවි තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නෙ කියලා තමන් ම හිතල බලන්න…”

ජනේලෙන් වෙරළු ගෙඩිවක් ගැහුව වගේ

“…සාමාන්‍ය රෙදි මාස්ක් එකක් තියෙන සිදුරුවල ප්‍රමාණය නැනෝ මීටර දහදාහක් පනස්දාහක් අතර වගේ වෙනව. කොරෝනා වෛරසය නැනෝමීටර එකසිය විස්සක් විතර. ඒ කියන්නෙ අඩුම තරමෙ රෙදිවල නූල් අතර තියෙන සිදුරක් වයිරසය වගේ සිය ගුනයකට වඩා ලොකුයි. කෙළ ටික වේලුණාම වෛරසය ඔය සිදුර ඇතුළෙන් යන හැටි අපිට සමාන කරන්න පුළුවන් ජනේලයකින් වෙරළු ගෙඩිය විසිකරන ඒකට…”

තමන් මාස්ක් දාගෙන තමන් විතරක් බේරෙන්න හදන අයට කියන්නෙ තියෙන්නෙ ඒ වගේ ආත්මාර්ථකාමී වෙලා මේ වගේ වසංගත තත්ත්වයකින් ගැලවෙන්න බෑ කියන එක තමයි. මොකද වෛද්‍ය කාර්යමණ්ඩල සහ අත්‍යවශ්‍ය අයට මාස්ක් නැතිවීම නිසා ඒ් ප්‍රතිකාර කිරීමේ සහ රෝග මර්දන ක්‍රියාවලිය කඩාවැටුණොත් මේක මීට වඩා සෑහෙන දරුණුවට පැතිරෙන්න පුළුවන්. ඒ මට්ටමට ආවොත් එදාට ඔයාගෙ මූණෙ දාන මාස්ක් එකට බෑ ඔයාව බේරගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide