කොච්චර වුණත්… අපි හැමෝම බලාගෙන ඉන්නෙ අතේ තියෙන කාඩ් එකට ඩිස්කවුන්ට් එකක් ලැබෙනකම්නෙ. හැබැයි ගොඩක්ම වෙන්නෙ ඩිස්කවුන්ට් නොලැබෙන එක නෙවෙයි, ඒවා ලැබෙන වෙලාවට ම අපි ඒවා දැනගන්නෙ නැති එක. මොකද ඒ විස්තර අපිට එන්නෙ ගොඩක් දුරට එස්එම්එස් හරහා හරි ලීෆ්ලට් හරහා හරිනෙ. ඇත්තටම ඉතින් කවුද ඔය එන එන වෙලාවට ම ඒ මැසේජ් බල බල ඉන්නෙ. ඊටත් බැංකුවකින් හරි ෂොප් එකකින් හරි කියල දැක්කාම කොහොමත් වැඩි සැලකිල්ලක් නෑ.
අන්න ඒ නිසයි…
‘Coffer’ (iOS, Android) අපිට දීලා තියෙන්නෙ සුපිරි ම අවස්ථාවක්, වෙනම ම මහන්සියක් දරන්නෙ නැතුව, සියලු කාඩ් ඔෆර්ස් එකම තැනකින් බලාගන්න. කොටින් ම කිව්වොත් මේක ඇප් එකක්. පහළින් තියෙනව මේක වැඩකරන විදිය. හෙමින් සැරේ කියවල බලල තේරුම් අරගෙන… එහෙනම් අද හෙටම රෙජිස්ටර් වෙන්නකෝ!
ලියාපදිංචිය:
-
ගූගල් එකවුන්ට් එකෙන් ඇප් එකට ලොග් වෙන්න
එහෙමත් නැතිනම් ඔයාගේ ඊෙමේල් එක දාල ලේසි පාස්වර්ඩ් එකක් දාගන්න
- ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාළඟ කාඩ් තියෙන බැංකු ටික තෝරගන්න. සහ… ඒ ඒ කාඩ්පත් ටිකත් තෝරන්න.
එහෙම තේරුවට පස්සේ… ඒ කාඩ්වලට, ඒ ඒ කාලවලට තියෙන සියලු ඔෆර්ස් ඔයාට ඇප් එකේ පෙන්නනව. ඇත්තම කිව්වොත් ඔයා පුදුම වේවි ඒ වෙලාවට.
කොටින්ම කියතොත් මේ ඇප් එක දාගන්නකම් මම දැනගෙන හිටියෙත් නෑ, මගේ කොමර්ෂල් කාඩ් එකට ඩර්ඩන්ස් හොස්පිටල් එකේ 40% ඉතිරියක් තියෙනව කියල. ඒ විතරක් නෙවෙයි, ලා පැන්තෙරා ට්‍රී හවුස් එකේ නිවාඩුවක් ගත කරන්නත් 60%ක් ඉතිරියි කියල.
එතකොට… කාගිල්ස් බැංකු කාඩ් එකට, ජීවිතේට හිතුවෙ නෑ ඩිස්කවුන්ට් තියෙයි කියල. ඒත් දැන් බලන්න එපැයි… බොල්ගොඩ ගඟේ අධිසුඛෝපභෝගී බෝට්ටු ගෙදර ‘ඇම්බර් ෆ්ලෝ’ එකේ සුන්දර නිවාඩුවක් ගතකරන්න යන්න 45%ක් ඉතිරියි කියන්නෙ!
තව… KFC, TGI Friday අවන්හල්වලත් 20%ක් ඉතිරියිලු.
ඉතින් බලන්නකො, ‘Coffer’ එනකම් අපි හිතලවත් තිබ්බද ඕවා.
අනිත් කාරණය තමයි මේ ඇප් එකෙන් ඔයාට අවශ්‍ය කරන ඔෆර්ස් විතරක් තෝරගන්නත් පුළුවන්. ඒ කිව්වේ… හිතන්නකො ඔයාට ‘රෙස්ටුරන්ට්' ඔෆර්ස් විතරයි ඕන කියල. එතකොට ඔයාට කරන්න තියෙන්නෙ ෆිල්ටර් එකේ ‘රෙස්ටුරන්ට්’ කියන එක විතරක් තෝරන්න.
ඒ හැරුණාම.. ඒ අතරිනුත් 50% ඩිස්කවුන්ට් තියෙන ඒවා විතරක් නම් ෆිල්ටර් එකේ 50% තෝරන්න. එතකොට ඔයාට එන්නෙ 50% ඩිස්කවුන්ට් තියෙන රෙස්ටුරන්ට් විතරමයි.
තව… ඔයාලට පුළුවන් නිකම් හිතට අල්ලන, ඒත් එවෙලෙ ඕන නැති ඔෆර්ස් වගේ ඒවා තිබ්බොත් ‘විෂ් ලිස්ට්’ එකට එකතු කරල තියන්න. එතකොට ඔයාලට ඕන වෙන වෙලාවට ඇප් එක පුරා රවුම් ගගහ ඉන්නෙ නැතුව කෙළින්ම ‘විෂ් ලිස්ට්’ එකට ගිහින් ඒව තෝරන්න පුළුවන්. අනික ඒ වගේ ඔෆර්ස් ‘විෂ් ලිස්ට්’ එකට විතරක් නෙවෙයි ඔයාලගෙ යාළු හිතමිත්‍රයන්ට යවන්නත් මේ ඇප් එකෙන් පුළුවන්නෙ.
ඇත්තටම කාලෙන් කාලෙට එන පොඩි පොඩි ලිස්ට්වලට වඩා මේ ඇප් එක දාහකින් සම්පතක්. ඒ නිසාම වෙන්න ඕන දැනටමත් 12000කට වැඩි ගාණක් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන, නොසෑහෙන්න ඩිස්කවුන්ට් හොයනව කියන්නෙ.
ඔයාලත් එහෙනම් පරක්කු වෙන්න එපා… ෆ්‍රී ලැබෙන එක, ෆ්‍රී ඉන්ස්ටෝල් කරගෙන, ෆ්‍රී එකේ… ෆ්‍රී ගාණට වගේම වැඩ ටික කරගන්න!