ලෝකයම හඳුනන සමකාලීන දකුණු ආසියානු ලේඛකයෝ I.

දකුණු ආසියානු කලාපයෙන් බිහි ව ලොව පුරා අවධානයට ලක් වුණු සමකාලීන ලේඛකයන් ගැන තොරතුරු ඇතුළත් ලිපි මාලාවක පළමුවැන්න මේ..

අරුන්දතී රෝයි

1997 සිය ප්‍රථම නවකතාව The God of Small Things ලියූ අරුන්දතී රෝයි, ලේඛිකාවක් වගේ ම මානව හිමිකම් සහ පරිසරය පිළිබඳ සමාජ ක්‍රියාකාරිනියක්. විප්‍රවාසී නොවන ඉන්දියානු ලේඛකයෙකු අතින් ලියැවුණු වැඩි ම අලෙවියක් සහිත නවකතාව බවට ඒ කෘතිය පත් වුණා. එය ඒ වසරේ බුකර් සම්මානයෙනුත් පිදුම් ලැබුවා. ඇගේ දෙවැනි නවකතාව Ministry of Utmost Happiness ඉන් වසර විස්සකට පසුව, 2017 දී එළිදුටුවා. අරුන්දතී රෝයි දැනට 59 වැනි වියේ පසු වෙනවා.

තස්ලිමා නස්රින්

බංග්ලාදේශයේ තස්ලිමා නස්රින් ලොව පුරා අවධානය දිනා ගත්තේ ‘ලජ්ජා’ නම් නවකතාව නිසා. ඇය නිරන්තරයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ අදහස් දැක්වීම නිසා සහ ඇගේ කෘතිවල ආගම් පිළිබඳ විවේචන ඇතුළත් වීම හේතුවෙන් ඇයට ප්‍රහාර සහ මරණ තර්ජන එල්ල වුණා. පසුව ඇයව බංග්ලාදේශයෙන් පිටුවහල් කරන්නටත් ඇගේ කෘති වාරණයට ලක් කරන්නටත් එවක රජය පියවර ගත්තා. 59 හැවිරිදි ඇය දැනට ඉන්දියාවේ නවදිල්ලි නුවර වාසය කරනවා.

සල්මන් රෂ්ඩි

‘මැදියම් රැයේ දරුවෝ’ නමින් සිංහලට පරිවර්තනය වුණු, 1981 දී ලියැවුණු Midnight’s Children කෘතියේ රචකයා තමයි ඉන්දියානු ජාතික සල්මන් රෂ්ඩි. මේ නවකතාවට එම වසරේ බුකර් සම්මානය හිමි වුණා. පසුව මෙය සිනමාවටත් නැඟුණා. 1988 දී රෂ්ඩි ලියූ The Satanic Verses කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. එහි සිය ආගම පිළිබඳ සඳහන් කරුණුවලට විරෝධය පාමින් ආගමික අන්තවාදීන් පිරිසක් ඔහුට මරණ තර්ජන එල්ල කළා. මේ හේතුවෙන් රෂ්ඩිට රටෙන් පිට වන්නට සිදු වුණා. මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් එතැනිනුත් නැවතුණේ නැහැ. ඔවුන් මේ පොත ජපන් බසට පරිවර්තනය කළ හිතෝෂි ඉගරෂි නම් ලේඛකයා මරා දැම්මා. මෙය ඉන්දියාව ඇතුළු රටවල් 13ක තවමත් තහනමට ලක් වූ කෘතියක්. රෂ්ඩි දැනට 74 වැනි වියේ පසු වෙනවා.

මයිකල් ඔන්ඩච්චි 

2018 වසරේ දී ගෝල්ඩන් මෑන් බුකර් සම්මානය දිනාගත් The English Patient කෘතිය ලියූ මයිකල් ඔන්ඩච්චි කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ලේඛකයෙක්. මේ නවකතාව 1996 දී සිනමාවට නැඟුණා. 1943 දී කොළඹ බර්ගර් පවුලක උපන් ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් සිටියත් 1954 දී එංගලන්තයේ පදිංචියට ගියා. ඔහු සාහිත්‍ය ලෝකයට පිවිසුණේ 1967 දී The Dainty Monsters නම් කාව්‍ය සංග්‍රහය පළ කරමින්. ඔන්ඩච්චි දැන් 77 වැනි වියේ පසු වෙනවා.

චේතන් භගත්

3 Idiots, 2 States, Half Girlfriend, Kai Po Che! වැනි හින්දි චිත්‍රපට බලල තියනව නම් චේතන් භගත් ගැන ඔබ අහල ඇති. ඔහු තමයි ඒ චිත්‍රපටවලට පාදක කරගත් නවකතාවල රචකයා. ඉන්දියාවේ තරුණ ප්‍රජාව අතර බොහොම ජනප්‍රිය ලේඛකයෙක් වෙන චේතන්, නවකතා රචනයට අමතරව ධනාත්මක චින්තනය පිළිබඳ ආරාධිත කථිකයෙක් වශයෙනුත් ලොව වටා සම්මන්ත්‍රණවලට සහභාගි වෙනවා. තරුණ පාඨකයන් විශාල පිරිසක් ඔහු වටා රොක් වෙලා හිටියත්, ඔහු කිසිම බරක් නැති සරල නවකතා ලියන්නෙක් යැයි ඇතැමුන්ගෙන් සෑහෙන විවේචනත් එල්ල වෙනවා.

ඛාලිඩ් හොසෙයිනි

The Kite Runner නවකතාවෙන් ලොව පුරා අවධානයට පාත්‍ර වුණු ඛාලිඩ් හොසෙයිනි ඇමරිකාවේ ජීවත් වෙන ඇෆ්ගන් ලේඛකයෙක්. ඇෆ්ගනිස්තානයේ සංස්කෘතිය ගැන සහ ඔවුන් යුද්ධවලට ගොදුරු වුණු ආකාරය ගැන සිය නවකතාවලින් ප්‍රථම වරට ලෝකය දැනුවත් කළේ ඔහුයි. The Kite Runner කෘතිය සිනමාවටත් නැඟුණා. එය ‘සරුංගල් ලුහුබඳින්නා’ නමින් සිංහලට පරිවර්තනය වුණා ඔබට මතක ඇති. මේ කෘතියේ සාර්ථකත්වයත් සමග ඔහු සිය වෛද්‍ය වෘත්තිය අතහැර සම්පූර්ණයෙන් නවකතාකරණයට පිවිසුණා. ඉන් පසුව ඔහු ලියූ A Thousand Splendid Suns සහ The Mountains Echoed නවකතා දෙකත් ඇෆ්ගනිස්තානය සහ එහි ජන ජීවිතය කේන්ද්‍ර කරගත් කෘති. 56 හැවිරිදි හොසෙයිනි දැනට ජාත්‍යන්තර සාම නියෝජිතයෙක් වශයෙනුත් කටයුතු කරනවා.

ඇනිටා දේසායි 

ඇනිටා දේසායි බුකර් සම්මානය සඳහා තෙවරක් නිර්දේශ වුණු ඉන්දීය ලේඛිකාවක් වගේ ම මහාචාර්යවරියක්. ඇය 1978 දී ඉන්දීය සාහිත්‍ය ඇකඩමි සම්මානයත්, 1983 දී බ්‍රිතාන්‍ය ගාඩියන් ත්‍යාගයත් ඇතුළු සම්මාන ගණනාවක් දිනාගත්තා. ඇගේ දියණිය කිරන් දේසායිත් බුකර් ත්‍යාගය දිනාගත් ප්‍රකට ලේඛිකාවක්. ඇනිටා දේසායි මේ වන විට 84 වැනි වියේ පසු වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide