ලෝකයම හඳුනන සමකාලීන දකුණු ආසියානු ලේඛකයෝ II.

දකුණු ආසියානු කලාපයෙන් බිහි ව ලොව පුරා අවධානයට ලක් වුණු සමකාලීන ලේඛකයන් ගැන තොරතුරු ඇතුළත් ලිපි මාලාවක දෙවැන්න මේ.. පළමු ලිපිය මෙතැනින්.

ශ්‍යාම් සෙල්වදුරෙයි

පසුගිය වසරේ එළිදැක්වුණු, දීපා මේතා අධ්‍යක්ෂණය කළ ‘ෆනී බෝයි’ චිත්‍රපටයට පාදක වුණු නවකතාවේ රචකයා තමයි ශ්‍රී ලාංකික ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයි. 1994 දී ඔහු ලියූ මේ නවකතාව Books in Canada First Novel සහ Lambda සාහිත්‍ය සම්මාන දිනාගත්තා. ශ්‍යාම් ලංකාවේ ඉඳන් කැනඩාවට සංක්‍රමණය වෙද්දි ඔහුට වයස අවුරුදු දහනවයයි. ඒ 1983 ජූලි කලබල කාලය. ඔහුගේ ෆනී බෝයි පොතටත් මේ කාලය ආශ්‍රිත සිදුවීම් තමයි පසුබිම් වෙන්නේ. 56 වැනි වියේ පසු වෙන ශ්‍යාම් දැනට කැනඩාවේ ජීවත් වෙනවා.

රූපි කෞර්

ඉන්දියාවේ ඉපදී කැනඩාවේ ජීවත් වන රූපි කෞර් 28 හැවිරිදි තරුණ ලේඛිකාවක් වගේ ම චිත්‍ර ශිල්පිනියක්. ඇය වයස 21 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය Milk and Honey ප්‍රකාශයට පත් කළා. ඉන්පසුව The Sun and Her Flowers සහ Home Body කාව්‍ය සංග්‍රහ පළ කළ ඇය ලොව පුරා අවධානයට ලක් වුණා. ඇගේ කාව්‍ය සංග්‍රහ සඳහා සිතුවම් අඳින්නෙත් ඇයමයි. මේ කවි පොත් ලොව භාෂා 42කට වඩා පරිවර්තනය වී තිබෙනවා. ඇගේ කවි වැඩිපුර ම ප්‍රකට වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ. 

මොහ්සින් හමීඩ්

පකිස්තානයේ උපත ලබා එංගලන්තයේ ජීවත් වන මොහ්සින් හමීඩ් නීති ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලැබුවත් සාහිත්‍යකරණයට පිවිසී ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍ර වුණා. ඔහුගේ ප්‍රථම නවකතාව වන Moth Smoke කෘතිය පාඨක විචාරක පැසසුමට ලක් වුණේ දකුණු ආසියානු සාහිත්‍යයට පෙර නුවූ විරූ රසයක් එක් කිරීම හේතුවෙන්. හමීඩ්ගේ දෙවැනි නවකතාව සහ අවසන් වරට එළිදැක්වුණු නවකතාව බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ වුණා. ඔහු දැනට 50 වැනි වියේ පසු වෙනවා.

අරවින්ද් අදිගා

මෑතකදී ලොව පුරා ප්‍රකට වුණු ‘ද වයිට් ටයිගර්’ චිත්‍රපටයට පාදක වුණු නවකතාවේ රචකයා තමයි ඉන්දීය ලේඛක අරවින්ද් අදිගා. ඔහුගේ ප්‍රථම නවකතාව වන මේ පොතට 2008 වසරේ දී බුකර් ත්‍යාගය හිමි වුණා. ඉන්දියාවේ චෙන්නායිහි උපත ලබා තරුණ වියේ දී ම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු ඔහු, පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යනවා. බොහෝ කලක් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කළා. 46 හැවිරිදි අදිගා දැනට මුම්බායි නගරයේ වාසය කරනවා.

ෂෙහාන් කරුණාතිලක

ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක 2010 වසරේ දී සිය ‘චයිනමන්’ පොතෙන් ලොව අවධානය දිනාගත්තා. මේ පොතට පොදුරාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය, දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිදෙන DSC සම්මානය සහ ග්‍රේෂන් සම්මානය හිමි වුණා. වෝටර්ස්ටෝනස් හොඳ ම කුලුඳුල් නවකතා 11 අතරත් චයිනමන් පොත වැජඹුණා. ඊට අමතර ව විස්ඩන් සඟරාව මඟින් චයිනමන් පොතට ලොව හොඳ ම ක්‍රිකට් නවකතා අතර දෙවැනි ස්ථානය ලබා දුන්නා. ඒ අනුව චයිනමන්, ජාත්‍යන්තර සම්මාන වැඩි ම ගණනක් දිනාගත් ශ්‍රී ලාංකික නවකතාව විදිහට නම් කරන්න පුළුවන්. දිලීප අබේසේකර මේ පොත සිංහලට පරිවර්තනය කළා. මෑතකදී ෂෙහාන් සිය දෙවැනි නවකතාව Chats With The Dead එළිදැක්වූවා.

කිරන් දේසායි

ඉන්දීය ලේඛිකා කිරන් දේසායි 2006 දී The Inheritance of Loss කෘතිය වෙනුවෙන් බුකර් ත්‍යාගය ඇතුළු සම්මාන ගණනාවක් දිනාගත්තා. ඇගේ මව ඇනිටා දේසායිත් ලේඛිකාවක්. අවුරුදු 14 දී සිය මව සමග ඉන්දියාවෙන් පිට වෙන ඇය, මුලින් එංගලන්තයෙත් පසුව ඇමරිකාවෙත් වාසය කරනවා. 2015 දී ‘ද ඉකොනොමික් ටයිම්ස්’ පුවත්පත ලොව වඩාත් ම බලපෑම් සහගත ඉන්දීය කාන්තාවන් 20 දෙනා අතරට කිරන් එක් කළා. ඇය දැනට 49 වැනි වියේ පසු වෙනවා.

මොනිකා අලී

බංග්ලාදේශයේ උපන් මොනිකා අලී ඇයට වයස අවුරුදු තුනේ සිට ජීවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. ඇය 2003 දී ‘ග්‍රන්ථ’ සඟරාව විසින් නම් කෙරුණු, බ්‍රිතාන්‍යයේ විශිෂ්ටතම තරුණ නවකතාකරුවන් අතරට එක් වුණා. ඒ ගෞරවය හිමි වුණේ ඇගේ පළමු නවකතාව වන Brick Lane සඳහා. මේ කෘතිය බුකර් ත්‍යාගය සඳහාත් නිර්දේශ වුණා. පසුව 2007 දී එය සිනමාවට නැඟුණා. ඉන්පසුව තවත් නවකතා කිහිපයක් ලියා පළ කළ ඇය මේ වන විට 53 වැනි වියේ පසු වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide