ඉස්සර නං සින්දුවක් අහන්න ඕන වුණාම ඒක කීයට හරි ප්ලේ වෙනකං රේඩියෝ එක, ටීවී එක ළඟට වෙලා ඉන්න ඕන නේ. ඒ කාලෙ වගේ නෙමෙයි දැන්. දැන් සින්දුවක් හොයාගන්න හරි අහන්න හරි ඕන වුණාම අපි යන්නෙ අත ළඟ ම තියන යූටියුබ් එකට. යූටියුබ් එකේ ජනප්‍රියත්වයත් එක්ක නැගල යන්න පටන්ගත්ත සින්දු ජාතියක් තමයි කවර් වර්ෂන්ස් කියන්නෙ. ඔරිජිනල් සින්දුවකට අලුත් හැඩයක්, අලුත් රහක් දීල කවර් වර්ෂන්ස් රිලීස් කරන්න හුඟක් මියුසික් කරන අය දැන් පුරුදු වෙලා ඉන්නවා.
ඉතින් මේ වගේ කවර්ස් යූටියුබ් එකේ ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. අපි මේ කියන්න හදන්නෙ යූටියුබ් එකෙන් හොයාගන්න ලැබෙන සිංහල සින්දුවල ලස්සන කවර්ස් කීපයක් ගැන.
කසුන් කල්හාර
කසුන් කල්හාර ගයන ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’ සින්දුවේ මුල් ගායිකාව ඔහුගේ ම මව මාලිනී බුලත්සිංහල. ගීතයට සංගීතය නිර්මාණය කළේ කසුන් කල්හාරගේ පියා, සංගීතවේදී එච්. එම්. ජයවර්ධන. ගේය පද රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංඛ දිනෙත්
උපාලි ධනවලවිතාන ලියලා, ස්ටැන්ලි පීරිස් සංගීතය නිර්මාණය කරලා, මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරපු ‘කඳු පාර ඈත අයිනේ’ ගීතයේ මේ කවර් එක සංඛ දිනෙත්ගේ.
සජිත අනුත්තර
මේක සංගීත් විජේසූරියගේ ‘නිවාඩුවටත්’ සින්දුවේ කවර් එකක්. පද රචනය හේමසිරි හල්පිටගෙන්. ඔරිජිනල් සින්දුවට සංගීතය නිර්මාණය කළේ සරත් ද අල්විස්.
නදීමාල් පෙරේරා
පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් ගැයූ ‘කුමරියක පා සළඹ සැලුණා’ ගීතය තමයි මේ. කේ. ඩී. කේ. ධර්මවර්ධන රචනා කරපු පද සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්.
සහන් චාමිකර
කාලයක් සෑහෙන ජනප්‍රිය වුණු මේ කවර් එක ‘ඔබ ගාව මම ඉන්නෙමි’. මුල් ගීතය ගැයුවේ මිල්ටන් මල්ලවාරච්චි. සංගීත නිර්මාණය සහ පද රචනය රූකාන්ත ගුණතිලකගෙන්.
අපි මචං
අපි මචං කියන්නෙ කවර්ස්වලට ම ප්‍රසිද්ධ බෑන්ඩ් එකක්. ඒගොල්ලො කරපු කවර් වර්ෂන්ස් ගොඩක් අතරින් එකක් තමයි මේ. ‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්..’ මේ සින්දුව සංගීතවත් කරලා මුලින් ගායනා කළේ වික්ටර් රත්නායකයන්. ගී පද ලියැවුණේ ප්‍රේමකීර්ති ද අල්විස් අතින්.
සනුක වික්‍රමසිංහ – වින්ඩි ගුණතිලක
ප්‍රවීණ ගේය පද රචක අජන්තා රණසිංහයන් රචනා කළ ‘දෑසම රිද්දන’ ගීය සංගීතවත් කළේ රූකාන්ත ගුණතිලක. ගායනා කළේ රූකාන්ත ගුණතිලක සමග නෙලූ අධිකාරී. මේ කවර් වර්ෂන් එකේ ගීතය ගයන්නේ රූකාන්ත ගුණතිලකගේ දියණිය වින්ඩි ගුණතිලක සමග සනුක වික්‍රමසිංහ.
යොහානි
පහුගිය දවස්වල මෑෂ් අප් එකකින් ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත් ජනප්‍රිය වුණු යොහානිගෙ මේ කවර් එකත් අහල ම බලන්න. මුල් ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ. සංගීතය නිර්මාණය කළේ ගුණදාස කපුගේ. වචන ලිව්වේ යමුනා මාලිනී පෙරේරා.