..ව්‍යාප්ත වෙලා නෑ වගේම, ව්‍යාප්ත වීමට තියෙන ඉඩ ප්‍රස්ථාවත් ඉතාමත්ම අඩු බවයි මේ වනවිට වෛද්‍ය විද්‍යාව අප හට පවසන්නේ. ඊට ප්‍රධාන හේතුව වශයෙන් රටේ ඉදිරි කාලයන්හි පැවතිය හැකි කාලගුණික, දේශගුණික තත්වයන් හඳුන්වා දේ. මන්දයත් මාර්තු මාසයෙන් පසුව, අප්‍රේල් සිට සැප්තැම්බරය දක්වා ශ්‍රී ලංකාව තුල පවතින අධික වියළි, උෂ්ණාධික දේශගුණික තත්වය, වෛරසයට සජීවිව පැවතීමට හැකි පරිසරය; 29 °Cට අඩු උෂ්ණත්වය, බෙහෝදුරට පාහේ නැති කරනු ඇති.
කෙසේ නමුත්.. COVID-19හි විශාලම ව්‍යාප්තිය සහ ව්‍යසනය සිදුවනුයේ මාර්තු මස අග භාගයෙහි බව ලොවපුරා පර්යේෂකයන්ගේ මතයයි.
එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් සතු කරගනුයේම නම් එය වඩාත්ම උචිත බව විද්‍යාවෙහි මතය වී ඇත!
ඉදින්.. දැන් අපි සොයමු,
මොකක්ද මේ කොරෝනා?
මිනිසා සහ පක්ෂීන් ඇතුළු ක්ෂීරපායින් හට රෝග ඇති කරන වෛරස් කාණ්ඩයක් වන මෙය බෙහෝ දුරට ශ්වසන ආසාදනයන් සඳහා මූලික වේ. ඒ හෙයින්ම මෙහි මුල්ම සොයාගැනීම 1960 කාල වකවානුව තුල සිදුවන අතර, එය සොයාගනුයේ කුකුළන් තුළ බෝවන ‘බ්රොන්කයිටිස් වෛරසය’ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති මිනිසුන්ගේ නාස් කුහර තුලින්ය. ඉන් පසුව එම මානව වෛරසයන් ‘කොරෝනා 229 ඊ’ සහ ‘කොරෝනා ඕසී 43’ ලෙස නම් කරන ලදී.
කෙසේ හෝ 2003 වසරේ පැතිර ගිය ‘සාර්ස්’ වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටුකළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතාගේ නිගමනයද ඊට බොහෝදුරට සමානය. ඔහු පවසනුයේ මීට සමාන වෛරස් කාණ්ඩයන් වවුලන් තුළද දැකිය හැකි බවය. විශේෂයෙන්ම ඉතා කුඩා වවුල් විශේෂයක් වන ‘රයිනෝලෝපස් වවුලන්’ මෙවන් වෛරසයක් රැගෙන යන අතර, එය මිනිසුන් වෙත පැතිරවීමෙහි මූලාරම්භකයාද ඔවුන් වීමේ සම්භාවිතාව වැඩි බවය. මන්දයත් ශීත කාලයන්හිදී දඩමස් ආහාරයට ගැනීමට චීන ජාතියින් බෙහෝසෙයින් යුහුසුළුවන හෙයින් සහ එහි වවුල් මාංශ අන්තර්ගත වීම හේතුවෙන්, වෛරසය පැතිර ගියා යැයි උපකල්පනය කල හැකි බවය.
තවද ‘චයිනීස් කෝබ්‍රා’ නැමති සර්පයා ආහාරයට ගැනීමෙන් COVID-19 පැතිරීම සිදුවූවා යන්නටද යම් මතයක්ද ඇත.
ඒ නිසාවෙන්ම මෙම වෛරසයට විශේෂී ඖෂධයක් සොයා ගැනීම සඳහා බොහෝ කාලයක් ගතවනු ඇති බව වෛද්‍ය පර්යේෂකයන්ගේ මතයයි. මන්ද යත් මෙහි පැතිරීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම කැස්සෙන් සහ කිවිසුමෙන් වීමයි. එහිදී එය ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුමක් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා ඇති. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත්ව, පසුව යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස, නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි. නමුත් එහි විශේෂත්වය නම් අත මතුපිට ගැටීමෙන් වෛරසය ආසාදනය විය නොහැකිය යන්නයි. එම නිසා පොදු ප්‍රවාහන සේවා වැනි සෙනඟ ගැවසෙන ස්ථානයන්හි ගැවසීමෙන් පසු අත් සේදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු භාවිතය අනිවාර්යය වී ඇත. ඒ හැරුණුකොට එවැනි ස්ථානයන්හි ගැවසීමෙන් පසුව ඔබේ ඇස, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමට හැකි උපරිමයෙන් කටයුතු කල යුතුය.
මුලික රෝග ලක්ෂණ
- උණ, කැස්ස සහ ශ්වසන අපහසුතා.
- ඔක්කාරය, වමනය, සාමාන්‍ය සීතල, විඩා ගතිය, උගුරේ අපහසුතා, වෙව්ලීම සහ සෙම ගතිය (බොහෝදුරට නියුමෝනියා රෝග ලක්ෂණවලට පොදු)
- මුත්‍ර කිරීමේ අපහසුතා (වකුගඩු රෝග ලක්ෂණවලට පොදු)
රෝගය වැළක්වීම
- හැකි උපරිමයෙන් ජනාකීර්ණ ප්‍රදේශවලින් බැහැරව සිටින්න.
- දෑත් අවම වශයෙන් තත්පර 20ක්වත් සබන් ගා සෝදා භාවිතයට යොමුවන්න (පිරිසිදු නොකළ දෑතින් නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වලකින්න)
- කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවන්හිදී නාසය සහ මුඛය ආවරණය කරගන්න සහ ඊට භාවිතා කරන ලේන්සුව හෝ අනෙකුත් ද්‍රව්‍යය වහාම බැහැර කරන්න.
- නිරන්තරයෙන්, පොදුවේ ස්පර්ශ වන ගෙදර දොරේ, කාර්යාලයේ හෝ අනෙකුත් ස්ථානයන්හි විෂබීජ නාශනය හැකි උපරිමයෙන් සිදු කරන්න.
- හැකි උපරිමයෙන් සංචාරය කිරීම අවම කරන්න.
- නිරන්තරයෙන් උතුරා නිවාගත් ජලය පානය කරන්න.
- මස් මාංශ ආහරයට ගැනීමේදී හොඳින්ම පිස ගන්න.
තවද..
මීට අමතරව, එපිට, හෙළ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන්හි එන ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩි කරගැනීමෙන් වෛරස මැඩපැවැත්වීමේ ක්‍රමවේද ඉදිරියෙහිදී බලාපොරාත්තුවන්න!