බයිට් එකට වේවා, ඩයට් එකට වේවා ක්‍රිස්පි චිකන් නම් ඉතින් කෝකටත් ගැලපෙනවනේ! උණු උණුවෙ, දුම් දදා මේසෙට එද්දි කාටද නොකා ඉන්න පුලුවන්.
කටට සැරට ඕන අයට නම් සෙට් වෙන්නෙ කොච්චි පේස්ට්, චිලී සෝස් වගේ දෙයක් තමයි. හැබැයි බඩට හොඳට ඕන කට්ටියට, චීස්, මයොනීස්, තක්කාලි සෝස්… ඕන දෙයක්නෙ ඉතිං. එහෙමයි කියල, ක්‍රිස්පි චිකන් නිකං කන්න බැරි කමකුත් නෑ. එහෙම නැත්තතං ක්‍රිස්පි චිකන් බර්ගර්, සබ්මැරීන්, කොත්තු, රයිස් වගේ දෙයක් වුනත් සෑහෙන්න නැගල යනව. හැරත් ඔය, ලෝකල් චයිනීස් එකකට ගියත් කට්ටිය නෝර්මල් චිකන් ඉල්ලන්න කලින් ක්‍රිස්පි චිකන්නෙ ඉල්ලන්නෙ.
අන්න ඒ නිසයි අතේ තියෙන ගාණට, හිතේ හැටියට ක්‍රිස්පි චිකන් කන්න කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න හිතුවෙ. එතකොට, කට්ටියට ඔය ලොකු ලොකු ඈයො ගොඩවෙන KFC, Mc ඕනත් නෑනෙ නේ…
1. Burgers Hut
ප්ලේස් එක තියෙන්නෙ දෙහිවල ඇලන් ඇවිනියු එකේ. දන්නවනෙ සූ එකට යන පාර.
මෙයාලා ලඟ වැඩියෙන්ම තියෙන්නෙ බර්ගර්, සබ්මැරීන් තමයි. ගණනුත් පට්ට අඩුයි වගේම කෑමත් පංකාදු පහට තියෙන නිසා බය නැතුව ගොඩ වෙන්න පුලුවන්. විශේෂයෙන්ම මෙයාලගෙ ක්‍රිස්පි චිකන් බර්ගර් එක ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධයි. චීස් ටිකක් වැඩිපුර දාලා ගත්තාම ගමකට කත හැකි. ඒ හැරුනාම තඩි ක්‍රිස්පි චිකන් කෑලි 4ක් වෙන්නෙත් රු. 200ක් වගේ. වැඩේ කියන්නෙ මේ කඩේ අරින්නෙ දවල් 11ටනෙ.
2. Leesh
නුගේගොඩ හයිලෙවල් එකේ පාළම පහු කරගෙන මහරගම පැත්තට යනව කියල හිතන්නකො. ඔන්න ආවා චිකන් බඩ ගින්නක්. අවුලක් ගන්න එපා මීටර 100ක් ඇවිදන් ගියා, ගොඩ වුනා ලීෂ් එකට. ෂහ්, චිකන් විතරක් නෙවෙයි ටූනා වුනත් කනවනම් අන්න තැන. එවෙලෙ හදන නිසා රස ඩබල් ත්‍රිබල්. මෙයාලගෙ ක්‍රිස්පි චිකන් බර්ගර්, සබ් එහෙම නම් රු. 400ක් 500ක් වෙනව. ඒත් ලොකු, චිකන් පීස් එකක් විතරක් ගත්තොත් රු. 200ක් වගේ වෙන්නෙ. ඒකටම කෝක් එකකුත් ගත්ත නම් ඉතින්…
3. Malay Restaurant
මැලේ රෙස්ට් එකේ බයිට් කෝනර් පැත්තට කිට්ටු කලා නම් අන්න ක්‍රිස්පි චිකන් කන්න පුලුවන් බඩ පැලෙන්න. හිතා ගන්න බැරි වෙයි, ගාර්ලික් සෝස් එක්ක එන ක්‍රිස්පි චිකන් කෑල්ලක් රු. 60යි කිව්වාම. එතකොට ක්‍රිස්පි චිකන් වින්ග් එකක් රු. 50යි වෙන්නෙ. උණු උණුවෙම ගන්න පුලුවන් වුනත් බැරි වුනත් මොකද යාළු, ඒ ගාණට වෙන කොහෙන්ද ක්‍රිස්පි චිකන්?
ආ.. ඒක නෙවෙයි, මැලේ රෙස්ට් කඩ 2ක් තියෙනව. එකක් දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ. අනික බම්බ ගෝල් රෝඩ් එකේ.
4. Burger’s King
මෙතනට ගිහින් ක්‍රිස්පි චිකන් කියල ඉල්ලනවට වැඩිය හොඳ ‘චිකන් චාර්ලි’ කියල ඉල්ලන එක. මොකද මෙයාලගෙ ක්‍රිස්පි චිකන් බර්ගර්, සබ්මැරීන් ටික හැරුණාම අනිත් වැඩ කිඩ යන්නෙ එයාලම දාපු නම් වලින්නෙ. චිකන් චාර්ලි කියන්නෙ මයොනීස්, තක්කාලි සෝස් වගේ තව රස දෙක තුනක් එකතු කරල බනිස් ගෙඩියකට ඇඩ් කරල එන පට්ට කෑමක්. හොඳම වැඩේ තමයි අපේ විස්තරේ නාහා, ගිහින් කාලා බලන එක. ගාණත් රු. 330ක් වගේ වෙන්නෙ. මතක තියා ගන්න බර්ගර්ස් කිංග් එක තියෙන්නෙ කොම්පඤ්ඤ වීදියෙ හොඳද.
5. Royal Burger
හැව්ලොක් ටවුන් වල තියෙන මේ කඩේට වැඩි හරියක්ම යන්නෙ අපේ යමු එකේ සෙට් එකම වෙන්න ඇති. ඇයි ඉතින් අඩු ගාණට බඩ පැළෙන්න කන්න පුලුවන්නෙ. එක එක රහට හදපු තඩි චිකන් පලු මැදි වුනු බර්ගර් ජාති එමටයි. ඒ අතරෙ නැගලම යන බර්ගර් එකක් තමයි රෝයල් බර්ගර්ලගෙ ක්‍රිස්පි චිකන් බර්ගර් එක. ඒ හැරුනාම මෙයාල ලඟ රස ක්‍රිස්පි චිකන් එහෙමත් තියෙනව. රු. 220ක් වගේ වෙන්නෙ. ලොකුවට වගේම උණු උණුවට මේසෙට එද්දි නොකා ඉන්න බැරි තරම්. කටට සැරට චිලී ටොමැටෝ සෝස් ටිකකුයි, මයොනීස් ටිකකුයිත් ගා ගත්තම පංකාදු පහයි.
6. Happy Burger
හැව්ලොක් ටවුන් පහු කරගෙන නුගේගොඩ පැත්තට යද්දි පාළමට කලින් හෝල්ට් එකෙන් බැස්ස නම් කෙලින්ම හැපි බර්ගර් එක ඉස්සරහ. වැඩියෙ ඕන නෑ, මෙයාලගෙ ක්‍රිස්පි චිකන් බර්ගර් එක කෑව නම් ඇති. ආයෙ වේල් දෙකකට බඩගිනි වෙන්නෙ නැති තරම්. කියන්න සන්තෝසයි යාළු බර්ගර් බනිස් එකේ හතර පැත්තෙන් එළියට පනින තරම් කියන්නකො චිකන් කෑල්ල. චීස් පෙත්තක් එහෙමත් දාලා, සෝස් ටිකකුත් මදි පාඩුවට කිට්ටු කර ගත්ත නම්… ටොප් තමයි. ගාණත් රු. 230යි කියන්නකො. ඒ හැරුනාම, ඕනම නම් ක්‍රිස්පි චිකන් විතරක් ගන්නත් පුලුවන්. එතකොට නම් රු. 200ක් වගේ වෙයි.
7. Shandong
ඔරිජිනල් චයිනීස් රහට ක්‍රිස්පි චිකන් කන්න කියාපු තැනක්. මොකද මෙයාලාගෙ ක්‍රිස්පි චිකන් වින්ග්ස් මේසෙට එන්නෙ හොයිසින් සෝස් එක්ක. මයොනීස්, චීස්, චිලී සෝස් වගේ ඒවා නෑ. හැබැයි පට්ට රසයි. ලොකු ක්‍රිස්පි චිකන් වින්ග් එකක ගාණත් රු. 300ක් වගේ නිසා ලොකු අවුලකුත් නෑනෙ. මේ ෂැන්ඩොන්ග් රෙස්ට් එක තියෙන්නෙ රාජගිරිය, කෝට්ටෙ පාරෙ.
මේ හැරුනාම ඉතින් රාජගිරිය KBQ වගේ තැනුත් තියෙනව කටට රහට ක්‍රිස්පි චිකන් කන්න හැබැයි. ගාණ වැඩියිනෙ. එහෙම නැතුව, ඔය අපි කිව්ව වගේ අඩු ගාණට, බඩ පැලෙන්න ක්‍රිස්පි චිකන් කන්න පුලුවන් කඩ ඔයාලා දන්නව නම් පහලින් කමෙන්ට් කරන්න හොඳද. අපිට කෙසේ වෙතත් අපේ යාළුවන්ට හරි යන්න බැරියැ නේ…