උදේ කෑම වෙනුවට උදේ බීම! උදේට ලේසියෙන්ම හදාගන්න, රස ගුණ පිරි ස්මූදීස් 6ක්.

උදේ පාන්දරට ගෙවල් ඇතුළෙ තියන කලබලෙත් එක්ක, ඊටපස්සෙ උදේට ඔෆිස් එකේ තියන කලබලෙත් එක්ක, හුඟක් අයට උදේ කෑම වේල මිස් වෙනවා. ඒත් උදේ කෑම මිස් කරගන්න එක එච්චර ඇඟට ගුණ දෙයක් නෙමෙයි නේ.. උදේට රජෙක් වගේ කන්න ඕන කියල නෙ කතාවටත් කියන්නෙ. ඉතිං උදේට තියන කලබලේ අතරෙ ම වෙලාව කළමනාකරණය කරගෙන ලේසියෙන් ම හදාගන්න පුළුවන්, උදේ කෑම වේලකට සමාන බීමක් තමයි ස්මූදි කියන්නෙ.

ස්මූදීස් හදන්න ගන්නෙ පලතුරු, එළවළු හෝ කොළ ජාති එක්ක කිරි. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න බව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි දැන් කියන්න යන්නෙ රස වගේ ම ගුණත් පිරුණ ස්මූදීස් ජාති 6ක් හදාගන්න රෙසිපි 6ක්. ඩයට් කරන අයට එහෙම නං මේව විශේෂයෙන් ම වැදගත් වෙයි. 

දොඩම් අඹ කැරට් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය: (දෙන්නෙකුට)

දොඩම් යුෂ කෝප්ප කාලක් (මිලිලීටර් 60)

දොඩම් ගෙඩියක්

අඹ ගෙඩියක්

ලොකු කැරට් ගෙඩි 3ක්

අයිස් කැට කෝප්ප එකහමාරක් (ග්‍රෑම් 225)

හදන ක්‍රමය:

දොඩම් ගෙඩිය පොතු ඇරලා දොඩම් බික් වෙන් කරල ගලවන්න. අඹ ගෙඩිය පොතු ඇරලා කෑලිවලට කපාගන්න. කැරට් ගෙඩි තුන සුද්ද කරලා ග්‍රේට් කරගන්න. දොඩම් යුෂ, දොඩම් බික් ටික, අඹ කෑලි ටික බ්ලෙන්ඩර් එකේ හොඳට බ්ලෙන්ඩ් කරන්න. ටිකක් බ්ලෙන්ඩ් වුණාම ඒකට අයිස් කැට ටික එකතු කරලා, මිශ්‍රණය ස්මූත් වෙනකං නැවතත් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. වීදුරුවකට දාල එවෙලෙම රස බලන්න.

පිපිඤ්ඤා ඇපල් මින්ට් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය: (දෙන්නෙකුට)

පිපිඤ්ඤා ගෙඩියක්

කොළ ඇපල් ගෙඩියක්

මිංචි කොළ කෝප්ප කාලක් (ග්‍රෑම් 10)

මීපැණි මේස හැඳි 1ක්

අලිගැටපේර ගෙඩි බාගයක්

අයිස් කැට කෝප්ප එකහමාරක් (ග්‍රෑම් 210)

හදන ක්‍රමය:

පිපිඤ්ඤා ගෙඩිය පොතු ඇරලා පෙති කපන්න. ඇපල් ගෙඩියයි අලිගැටපේර ගෙඩි බාගයයි කෑලිවලට කපන්න. පිපිඤ්ඤා පෙති, මිංචි කොළ, ඇපල්, අලිගැටපේර කෑලි සහ මීපැණි බ්ලෙන්ඩර් එකට දාල හොඳින් බ්ලෙන්ඩ් වෙන්න දෙන්න. ඊටපස්සෙ මිශ්‍රණයට අයිස් කැට එකතු කරල ආයෙත් හොඳට බ්ලෙන්ඩ් කරන්න. වීදුරුවකට වත් කරන්න, එවෙලෙම බොන්න.

ස්ට්‍රෝබෙරි ඉඟුරු බීට්රූට් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය: (දෙන්නෙකුට)

ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක් (ග්‍රෑම් 150)

සලාද කොළ කෝප්ප එකහමාරක් (ග්‍රෑම් 115)

රතු බීට්රූට් ගෙඩි බාගයක්

අඟලක විතර ඉඟුරු කෑල්ලක්

අයිස් කැට කෝප්ප එකහමාරක් (ග්‍රෑම් 210)

හදන ක්‍රමය:

ස්ට්‍රෝබෙරි, සලාද කොළ, බීට්රූට්, ඉඟුරු එකට දාල බ්ලෙන්ඩ් කරන්න. ඝන ජාති තියන නිසා බ්ලෙන්ඩ් වෙන්න ටිකක් වෙලා යයි. ටිකක් බ්ලෙන්ඩ් වුණාම අයිස් කැට එකතු කරලා ආයෙත් හොඳට බ්ලෙන්ඩ් කරන්න. වීදුරුවකට දාන්න, එවෙලෙම පිළිගන්වන්න. කැමති නං  සලාද කොළ වෙනුවට නිවිති එකතු කළත් කමක් නෑ. ඒ වගේ ම කෙසෙල් ගෙඩියක් එකතු කළත් වරදක් නෑ.

බ්ලූබෙරි කෙසෙල් නිවිති ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය: (දෙන්නෙකුට)

බ්ලූබෙරි කෝප්ප 1ක් (ග්‍රෑම් 100)

නිවිති කෝප්ප 1ක් (ග්‍රෑම් 40)

කෙසෙල් ගෙඩියක්

අයිස් කැට කෝප්ප එකහමාරක් (ග්‍රෑම් 225)

හදන ක්‍රමය:

බ්ලූබෙරි, නිවිති, කෙසෙල් බ්ලෙන්ඩර් එකට දාන්න. උකු මිශ්‍රණයක් එනකං බ්ලෙන්ඩ් කරගන්න. මඟදි නවත්තල අයිස් කැට ටික එකතු කරල නැවත බ්ලෙන්ඩ් කරන්න. වීදුරුවකට වත් කරලා එවෙලෙම රස විඳින්න.

චොක්ලට් අලිගැටපේර ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය: (එක්කෙනෙකුට)

අලිගැටපේර ගෙඩි බාගයක්

කෙසෙල් ගෙඩියක්

කැමති ජාතියක චොක්ලට් කිරි කෝප්ප 1ක් (මිලිලීටර් 240)

හදන ක්‍රමය:

අලිගැටපේර බාගය, කෙසෙල් ගෙඩිය සහ චොක්ලට් කිරි කෝප්පය බ්ලෙන්ඩර් එකට දාල හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඊටපස්සෙ ග්ලාස් එකකට දාලා, අවශ්‍ය නං අයිස්  කැටයක් දෙකකුත් දාලා, කූල් එකේ රස විඳින්න.

කෙසෙල් ඕට්ස් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය: (එක්කෙනෙකුට)

ඕට්ස් කෝප්ප බාගයක් (ග්‍රෑම් 50)

කෙසෙල් ගෙඩියක්

කැමති ජාතියක කිරි කෝප්ප 1ක් (මිලිලීටර් 240)

කුරුඳු පොතු

හදන ක්‍රමය:

ඕට්ස් ටික ග්‍රයින්ඩර් එකට දාල හොඳට කුඩු වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න. නැත්තං බීම එක බොන්න බැරි තරමට උකු, ඝනකම් එකක් වෙයි. හොඳට කුඩු වුණාම, ඒකට කෙසෙල් ගෙඩියයි කිරි කෝප්පයයි එකතු කරන්න. කැමති නං කුරුඳු පොත්තක් දෙකක් එහෙමත් දාලා, මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට වත් කරලා රස බලන්න. උදේ කෑමක් වෙනුවට ආදේශ කරන්න පුළුවන් හොඳ ම බීමක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide