අයිස්ක්‍රීම් ගැන කවුරුත් නොදන්න දේවල් 7ක්….

ඔන්න අද අපි කියන්න යන්නේ මිනිස් ඉතිහාසයේ නිපදවූ කූල් ම අතුරුපස විදිහට සැලකෙන, හැමෝම ආස කෑමක් ගැන හැමෝම නොදන්න කරුණු ටිකක්.

මේ රස කෑමට සිංහලෙන් කියන්නේ හිමකිරම කියල. 

දන්න සිංහලෙන් කියන්නේ අයිස්ක්‍රීම් කියල.

අතුරුපසක් විදිහටත් ස්නැක් එකක් විදිහටත් ලෝකෙ පුරා ම ජනප්‍රිය ම කෑමක් වෙන අයිස්ක්‍රීම් කන්න අපි දන්න කියන හැමෝම වගේ පෙරේතයි නේ. කොච්චර කෑවත් හැබැයි මේ ගැන අපි නොදන්නා හුඟක් දේවල් තියනවා. කියවල බලන්නකො ඕගොල්ලො අයිස්ක්‍රීම් ගැන මේ කරුණු දැනගෙන හිටිය ද කියල.

1 මුලින් ආවෙ වැනිලා ද චොක්ලට් ද?

ගෙස් කරන්න බලන්න… වැනිලා කියල නේද හිතුවෙ? උත්තරේ වැරදියි!

අපි හිතන්නෙ හැම අයිස්ක්‍රීම් ජාතියක ම බේස් එක වැනිලා වෙන්න ඇති, ඒ නිසා මුලින් හදන්න ඇත්තෙ වැනිලා අයිස්ක්‍රීම් කියල නේ. හැබැයි තොරතුරුවල හැටියට නම් චොක්ලට් අයිස්ක්‍රීම් නිපදවල තියෙන්නේ ලෝකෙ වැනිලා අයිස්ක්‍රීම් නිපදවන්න හුඟක් කාලෙකට කලින් ලු.

2 වැඩිපුර ම අයිස්ක්‍රීම් කන්නේ කවුද?

ලෝකෙ පුරා ම අයිස්ක්‍රීම් කන රටවලින් වැඩිපුර ම අයිස්ක්‍රීම් කන්නෙ මොන රට ද දන්නව ද?

ඇමරිකාව! ආරංචියේ හැටියට ඇමරිකාවෙ ගෙවල්වලින් 90%ක ම ෆ්‍රිජ් එකේ හැම වෙලේ ම අයිස්ක්‍රීම් තියනව ලු. ඒ වගේ ම ඇමරිකාවෙ නිපදවන කිරිවලින් 9%ක ප්‍රමාණයක් වැය වෙන්නෙ අයිස්ක්‍රීම් නිෂ්පාදනයට. කැලිෆෝනියාවෙ තමයි වැඩි ම අයිස්ක්‍රීම් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නෙ. සාමාන්‍ය ඇමරිකානුවෙක් අවුරුද්දකට අයිස්ක්‍රීම් කප් 50කට ආසන්න ප්‍රමාණයක් කනව ලු! කොහොම ද කෑම!

දෙවැනි ලෝක යුද්ධය කාලෙ ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවය වඩවන්න ඔවුන්ට අයිස්ක්‍රීම් ආහාරයට ලබා දුන්නා කියල ඉතිහාසයේ සඳහන්. ඒ විතරක් ද? ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධය අවසන් වීම සමරලා තියෙන්නෙත් අයිස්ක්‍රීම් කාලා. මේගොල්ලො ජූලි මාසෙ ජාතික අයිස්ක්‍රීම් මාසෙ කියලත් නම් කරල ලු තියෙන්නේ. හිතාගන්න පුළුවන් නෙ අයිස්ක්‍රීම් පිස්සුවක තරම?

මීට අමතරව ඇමරිකාව තරමට ම නවසීලන්තයෙත් අයිස්ක්‍රීම් පරිභෝජනය සිදු වෙනවා. ඔස්ට්‍රේලියාව සහ නෝර්වේ කියන රටවල් තමයි අයිස්ක්‍රීම් පෙරේතයන්ගේ ලැයිස්තුවේ ඊළඟට ඉන්නෙ.

3 එක ස්කූප් එකක් කාල ඉවර කරන්න කී වතාවක් ලෙව කන්න ඕන ද?

සාමාන්‍ය මනුස්සයෙක් එක අයිස්ක්‍රීම් ස්කූප් එකක් සම්පූර්ණයෙන් කාල ඉවර කරන්න දළ වශයෙන් පනස් වතාවක් ලෙව කන්න ඕන ලු. පුදුමයි නේද? කාගෙන කාගෙන යනව මිසක් ඕව ගණන් බලන්න සිහියක් තියන එකක් යැ!

4 වැඩි ම ඉල්ලුම සහිත රස..

ලෝකෙ තවමත් වැඩි ම ඉල්ලුම තියෙන්නෙ වැනිලා අයිස්ක්‍රීම්වලට. චොක්ලට්, ස්ට්‍රෝබෙරි, කුකීස් විත් ක්‍රීම් වගේ ෆ්ලේවර්ස් එන්නේ ඊළඟට. ඒ වගේ ම ජනප්‍රිය ම ටොපින්ග් එක චොක්ලට් සිරප්. හොට් ෆජ්, කැරමල්, විප්ඩ් ක්‍රීම්, ඔරියෝ, ස්ප්‍රින්කල්ස් වගේ ඒව එන්නෙ ඊටපස්සෙ.

5 මොකද්ද මේ Brain Freeze?

කූල් ම කූල් අයිස්ක්‍රීම් එකක් වේගෙන් කාගෙන කාගෙන යද්දි මුළු ඔළුව ම හිරිවැටෙන මොහොතක් එනව නේද? ඔළුව කැක්කුමක් වගේ එකක්? මෙන්න මේකට තමයි Brain Freeze කියන්නෙ. මොකද්ද දන්නව ද ඒ වෙන්නෙ?

ඔයා අයිස්ක්‍රීම් එක කාගෙන යනකොට ඔයාගෙ කටේ උඩ හරිය, ඒ කියන්නෙ උඩු තල්ල සීතලට හිරිවැටෙනවා. එතකොට සීතල දේවල් ඇඟට වැටෙන්න කලින් ම උඩු තල්ල දන්නවා උෂ්ණත්වය අහිමි වේගෙන යන බව. ඒ ගැන උඩු තල්ලෙ තියන සෙන්සර්ස්වලින් මොළේට පණිවිඩයක් යැවීම තමයි මෙතනදි වෙන්නෙ. ඒ වෙලාවට තමයි අපිට දැනෙන්නෙ ඔළුව කූල් වෙලා යනව වගේ.

මේක සාමාන්‍යයෙන් අමාරු වෙන අයට කරන්න තියෙන්නෙ අයිස්ක්‍රීම් කන ගමන් උඩු තල්ලේ දිව තියාගෙන ඉන්න එක. එතකොට ආයෙත් උෂ්ණත්වය පාලනේ වෙනවා.

6 Sundae හැදුවෙ සන්ඩේ වෙනුවෙන්!

රස කර කර අයිස්ක්‍රීම් සන්ඩේ කෑවට සන්ඩේවල උපත සිද්ධ වුණේ කොහොම ද කියල දන්නෙ නෑ නේද? ඔන්න ඉස්සර කාලෙ අයිස්ක්‍රීම් සෝඩා කියන්නෙ ජනප්‍රිය පානයක් ලු. හදිස්සියෙ ම ආගමික පූජකවරු කීප දෙනෙක් මිනිස්සුන්ට නීතියක් දැම්ම ලු ඉරිදට අයිස්ක්‍රීම් සෝඩා පරිභෝජනය කිරීම තහනම් කියල. ඉරිදා කියන්නෙ කට්ටිය ආගමික වතාවත්වල යෙදෙන දවස වීම තමයි මේකට හේතුව.

ඉතිං මේ අලුත් නීතියට උත්තරයක් කල්පනා කරපු එඩ්වඩ් බර්නර්ස් කියන නිර්මාණශීලී අයිස්ක්‍රීම් වෙළෙන්දා, අයිස්ක්‍රීම් සහ සිරප් විතරක් දාපු, සෝඩා රහිත අතුරුපසක් නිර්මාණය කළා ලු. ඉරිදට ම කන්න හදපු නිසා මේකට සන්ඩේ කියල ම නම දාන්න ඔහු තීරණේ කළා. හැබැයි අන්තිම Y අකුර වෙනුවට ඔහු E අකුර පාවිච්චි කරල තියනවා. ඉතිං එදා ඉඳන් අයිස්ක්‍රීම් සෝඩා වෙනුවට අයිස්ක්‍රීම් සන්ඩේ උණු කැවුම් වගේ විකිණුනා ලු. අදටත් ලෝකෙ වැඩියෙන් ම අයිස්ක්‍රීම් අලෙවි වෙන්නෙ ඉරිදට බවයි කියවෙන්නෙ.

7 ජෙලාටෝ සහ කුල්ෆි..

ජෙලාටෝවල නිජබිම තමයි ඉතාලිය. ලංකාවෙත් සෑහෙන ජනප්‍රිය මේ ඉතාලි අයිස්ක්‍රීම්වලට මුළු ලෝකෙ ම මිනිස්සු සෑහෙන කෑදරයි. කොළඹ විතරක් වුණත් ජෙලාටෝ කඩ ගොඩක් තියනවා. කුල්ෆි කියන්නෙ ඉන්දියාවට ආවේණික අයිස්ක්‍රීම් වර්ගයක්. මේ අයිස්ක්‍රීම් එන්නෙ පුංචි මැටි මුට්ටියක. ඉන්දියාවට ම විශේෂ වුණ රසක් තමයි තියෙන්නෙ. දහසය වන සියවසේ මෝගල් අධිරාජ්‍යයේ තමයි පළමුවෙන් ම කුල්ෆි නිෂ්පාදනය වුණේ. ලංකාවෙත් තියනව කුල්ෆි රස බලන්න පුළුවන් ඉන්දියන් කෑම කඩ. වෙලාවක කාල ම බලන්නකෝ…

ඔන්න දැන් අයිස්ක්‍රීම් බඩගින්නක් එනව නේද? ඔයා ඉන්නෙ ගෙදර වුණත් ඔෆිස් එකේ වුණත් කොළඹ අවට නම්, මෙන්න මේ ලිස්ට් එකෙන් තැනක් දෙකක් තෝරගෙන දුවල ගිහින් අයිස්ක්‍රීම් බඩගිනි නිවාගන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide