1. තණහාල් නූඩ්ල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් පිටි කිලෝ 1යි, නටන ජලය මිලි ලීටර් 500යි.
මුලින්ම තණහාල් පිටි වලට වතුර දාලා මෝලියක් හදාගන්න. හදලා ඒක විනාඩි 45ක් වාෂ්පයෙන් තම්බගන්න. තම්බලා නූඩ්ල්ස් මිරිකන අත් මැෂිමකින් නූඩ්ල්ස් මිරිකලා.. ඒ නූඩ්ල්ස් ආයෙත් විනාඩි 20ක් විතර වාෂ්පයෙන් තම්බන්න ඔ්න. තම්බලා පැය 6ක් විතර සිසිල් වියළි ස්ථානයක වේලාගන්න. වේළලා, අසුරලා තියලා පාවිචචියට ගන්න පුලුවන්.
2. තණහාල් පෑන් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් පිටි ග්‍රෑම් 200යි, පාන් පිටි ග්‍රෑම් 50යි, ලුණු, කහ සහ පිරවුම සඳහා හීනියට ගාගත්ත පොල් මිට 4-5ක්, සීනි ග්‍රෑම් 150ක්.
මුලින්ම පෑන් එකක සීනි උණු කරගෙනන්න. ඒක තරමක් දියාරු කරගන්න ඔ්න නම් උණු වතුර අවශ්‍ය ප්‍රමාණයට දාන්න. දාලා පොල් සහ ලුණු ටිකක් රස පදමට දාලා හොඳහැටි කලවම් කරලා පැණිපොල් එක හදාගන්න. ඒක පැත්තකින් තියෙද්දී.. තණහාල් පිටි, පාන් පිටි, වතුර එකට මිශ්‍ර කරලා, රස අනුව ලුණු සහ කහත් එකතු කරලා දියාරු පිටි මිශ්‍රණය හදාගන්න. හදාගත්තට පස්සෙ පෑන් එකක් රත් වෙන්න තියලා පෑන් කේක් හදන්නයි තියෙන්නෙ.
3. තණහාල් අග්ගලා
අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් ග්‍රෑම් 500යි, පොල් මිට 4-5ක්, සීනි ග්‍රෑම් 300ක්
සාදන ක්‍රමය: මුලින්ම පොල් කබලේ බැදගන්න. ඊට පස්සෙ ඒක පැත්තකින් තියලා තණහාල් ටිකත් කබලේ බැදලා ගලේ අඹරගන්න හීනියටම. ඒ අතරට සීනි ටික උණු වෙන්න තිබ්බා නම් තණහාල් ටික හොඳට ඇඹරෙද්දි, උණු වෙච්ච සීනි ටිකට තණහාල් දාන්න තිබ්බා. දාලා, ඒ එක්කම පොල් ටිකත් දැම්මා නම් පොඩ්ඩක් නිවෙන්න ඇරලා ගුලි හදන්නයි තියෙන්නෙ. ඒ ගුලි කන්න කිතුල් පැණි ටිකක් ගලප ගන්න පුලුවන් නම් පංකාදුයි.
4. තණහාල් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් පිටි ග්‍රෑම් 80යි, කිරි පිටි ග්‍රෑම් 30යි, වතුර ලීටරයයි, සීනි ග්‍රෑම් 250යි, මාගරින් ග්‍රෑම් 25යි, ලිසිතින් ග්‍රෑම් 5යි, ලික්විඩ් ග්ලුකෝස් ග්‍රෑම් 10යි.
මුලින්ම තණහාල් පිටි උණු කර නිවාගත් ජලය එක්ක මිශ්‍ර කර ද්‍රාවණය හදාගන්න. පස්සෙ ඒක හොඳින් පෙරලා සීනි, ලික්විඩ් ග්ලුකෝස්, ඇස්ට්‍රා හා ලිසිතින් එකතු කරලා උකුවෙනකම්, හැඳි ගගා රත් කරන්න. උකු වුනාට පස්සෙ ඒ මිශ්‍රණය කාමර උෂ්ණත්වයේ සිසිල් කරගන්න ඔ්න. සිසිල් වුනාට පස්සෙ බීටරයකින් උපරිම මෘදු වෙනකම් බීට් කරගෙන කප් වලට දාලා ෆ්‍රීස් කරන්න. ඒකෙ කෑමට ගන්නකොට මෘදු ගතිය මදි වගේ නම් ෆ්‍රීස් ඇරෙන්න තියලා ආයෙත් බීට් කරලා ෆ්‍රීස් කරන්න
5. කුරක්කන් අග්ගලා
අවශ්‍ය ද්‍රව්‍ය: කුරක්කන් පිටි ග්‍රෑම් 500යි, සීනි ග්‍රෑම් 350යි, පොල් ගෙඩියක විතර ගා ගත්ත පොල් සහ වතුර.
සාදන ක්‍රමය: කුරක්කන් හොඳට සුද්ද කරලා.. හෝදලා, ගරලා කබලෙ බැදගන්න. බැදගෙන ඒක වංගෙඩිය දාලා කොටලා පිටි කරගන්න. ඒ අතරට පොල් ටිකත් බැදගන්න ඔ්න ලාවට. අන්තිමටම කරන්න තියෙන්නෙ සීනි ටික උණු කරගන්න එක. සීනි උණු කරපු අනික් පැත්තට ඒක පිටි කරගත්ත කුරක්කන් වලට දාලා, ලුණු සහ බැදපු පොල් ටිකත් එකතු කරලා, අනලා ගුලි හදන්න. ඔ්කෙ රස වැඩි කරගන්න පුලුවන් එනසාල්, කරාබුනැටි කුඩු ටිකක් එකතු කලානම්.
6. කුරක්කන් ටොෆී
අවශ්‍ය ද්‍රව්‍ය: කුරක්කන් ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 250යි, බැදගත් පොල් මිට 2-3යි, ටින් කිරි ග්‍රෑම් 50යි.
මුලින්ම කුරක්කන් හෝදලා, ගරලා කබලෙ බැදගන්න. ඊට පස්සෙ පොල් ටිකත් බැදගන්න. ඒ දෙකම ලෑස්ති වුනාට පස්සෙ එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඒ අතරට සීනි සහ වතුර දාලා උණු කරලා කැරමල් එක හදාගන්න. අන්තිමටම අර පොල්-පිටි මිශ්‍රණයට කැරමල් දාලා, ටින් කිරිත් දාලා, බටරුත් දාලා රස පදමට ඔ්න කරන වැනිලා, එනසාල් වගේ ඒවත් දාලා හොඳ මිශ්‍රණයක් හදාගනෙ.. ඒක රත් වෙච්ච තැටියක තුනී කරලා කෑලි කපාගන්න.