මේ දේවල් 8 පිළිපැද්දොත්, වැස්සත් එක්ක හිස ඔසවන ලෙඩරෝගවලට අහු වෙනවා බොරු!.

ජලය කියන්නේ සම්පතක් බව හැබෑව. කොටින් ම කිව්වොත් මේක අපේ එදිනෙදා ජීවිතය පවත්වාගන්න නැතුව ම බැරි දෙයක්. ඒත් ජලය වැඩි වුණාමත් හරි කරදරේ. පහුගිය දවස්වල ආව ගංවතුර ම ඒකට සාක්කි. ඒ විතරක්ද, වැස්සත් එක පැතිරිලා යන ලෙඩ තොගේ! වැස්සට තෙමීමෙන්, අපිරිසිදු ජලය පානය කිරීමෙන්, නෑමෙන්, ආහාර පිළියෙළ කිරීමට යොදාගැනීමෙන් මේ ලෙඩරෝග වැළදෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ? අන්න ඒ ගැනයි අද අපි කතා කරන්න යන්නේ.

1. වැස්සෙන් ඔළුව බේරගන්න

වැස්ස වහින පලියට යන්න තියෙන ගමන් බිමන් නවත්තන්න බැහැනේ. හැබැයි වැස්සට නොතෙමී ඉන්න තරමට, මේ ලෙඩවලින් බේරෙන්න පුළුවන්. මොකද වැස්සකට අහුවෙලා හෙම්බිරිස්සාවක් වගේ හැදෙනවා කියන්නේ, ඔයාගේ ඇඟ දුර්වල වෙනවයි කියන එක. එතකොට වෙන රෝගකාරකවලට පවා ඔයාව ලෙඩ කරවන්න තියෙන චාන්ස් එක වැඩිවෙනවා. ඒ නිසා හොඳ ම වැඩේ තමයි එලියටපහලියට යනකොට කුඩයක් අරගෙන යන එක. ඒ නැත්තන් රේන් කෝට් එකක් වුණත් කමක් නෑ.

2. වැඩිවැඩියෙන් විටමින් C ගන්න

Image Source : stylecraze.com

සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුණා ම, විටමින් C පෙත්තක් බොන පුරුද්දක්  අපේ අය අතරේ තියෙනවා. දොස්තර මහත්තුරු පවා ලෙඩාට දෙන බෙහෙත් වට්ටෝරුවේ ඕක සඳහන් කරනවා. හැබැයි ගොඩක් පර්යේෂකයෝ කියන්නේ විටමින් C කියන්නේ හෙම්බිරිස්සාව හොඳ කරන්න පුළුවන් බෙහෙතක් නෙවෙයි කියලා.

ඒ මොනවා වුණත්, විටමින් Cවලට පුළුවන් ඇඟේ ප්‍රතිදේහ ප්‍රාණවත් කරන්න. ඔය ප්‍රතිදේහවලින් ගේම ගහල තමයි අපේ ඇඟට එන ලෙඩ සනීප කරවන්නෙත්. ඒ නිසා මේ දවස්වල වැඩියෙන් විටමින් C ඇඟට දාගන්න පුළුවන් නම් හොඳයි. ඒකට ඉතින් පෙති ගිලින්න ම ඕනේ නෑ. පළතුරු වැඩිපුර කෑවනම් හරිනේ. ඔය දොඩම්, නාරං එහෙම.

3. වැස්සකට අහු වුණාට පස්සේ හොඳින් නාගන්න

දැන් කට්ටිය බලනවා ඇති මේ මොකද්ද මේ කියන හරුපේ කියලා. මේකයි කතාව. සමහර රෝගකාරක ඇඟ ඇතුළේ ඇක්ටිව් වෙන්න, අපේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් වීමත් බලපානවා. ඉතින් වැස්සකට අහු වුණාට පස්සේ ඇඟට මේ දේ වෙන්න පුළුවන්. නෑමෙන් වෙන්නේ මේක යථා තත්ත්වයට එන එක.

4. බොන දෙයක් උණුවෙන් බොන්න

උණු බීමක්, විශේෂයෙන් ම සුප් වගේ දෙයක් මේ කාලෙට බොන එක ගොඩක් හොඳයි. ඒකෙන් ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගන්න උදව් කරනවා වගේ ම, ඇඟට ඕනේ කරන පෝෂ්‍ය පදාර්ථ ලබාදෙනවා. නාස් කුහරයේ තියෙන සෙම පිරිසිදු කරන ගමන්, උගුර ආශ්‍රිත ප්‍රදේශ නිරවුල් කරන්නත් උණු සුප්වලට හොඳ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ දවස්වල උණු තේ, කෝපි වගේ දේවල් බීමෙන් ඇඟේ ඉන්න අහිතකර බැක්ටීරියා මුත්‍රා ඔස්සේ පහකරන්නත් ශරීරයට පුළුවන් වෙනවා.

5. පිරිසිදුවට ඉන්න

ඔන්න ඉතින් වතුර සීතලයි කියලා ඇඟක් පතක් හෝදන්නේ නැතුව ඉන්න එහෙම එපා හොඳේ. වැස්ස කාලෙට විතරක් නෙවෙයි, හැමවෙලාවේ ම පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න තරමට ලෙඩ හැදෙන එක අඩු කරගන්න පුළුවන්.

6. හොඳට වතුර බොන්න

ගොඩක් වෙලාවට මේ වගේ සීතල දවස්වලට වතුර තිබහ දැනෙනවා අඩුයි. ඒ වුණාට වතුර නොබී හිටියොත් සිරුර විජලනය වෙන්න පුළුවන්. ඇඟේ තියෙන ටෝක්සින් බැහැර කිරීමේ හැකියාවක් වතුරවලට තියෙනවා. ඒ නිසා වැස්ස දවස්වලට විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතේදී වතුර වැඩිපුර බොන එක ඇඟට ගුණයි. සාමාන්‍යයෙන් දවසකට වතුර වීදුරු 8ක් බොන්න පුළුවන් නම් ගොඩක් හොඳ බව තමයි කියවෙන්නේ. ඒත් ඇත්ත ම ඔය වතුර ප්‍රමාණය තීරණය වෙන්නේ තමන්ගේ ඇඟේ බර අනුවයි. ඔයාගේ බර මැනලා, ඒ ගාණ දෙකෙන් බෙදන්න. ඒකෙන් එන උත්තරේ සමාන වෙන්නේ ඔයා දවසකට බොන්න ඕනේ වතුර අවුන්ස ගණනට. හැබැයි බොනවා කියලා ඉතින් කූල් වතුර බොන්න එපා. රස්නේ වතුර බොන්න.

7. කන බොන දෙයක් ගෙදරින් ගන්න

මේකත් බොහොම වැදගත් කාරණයක්. මේ දවස්වල ඔයාලට බඩගිනි වෙනවත් වැඩි ඇති. මොකද වෙනදට වඩා ආහාර ප්‍රමාණයක් ඇඟේ උෂ්ණත්වය ඒකාකාරීව පවත්වාගන්න වැය වෙනවා. ඒ නිසා හොඳින් කාලා බීලා ඉන්න එක වැදගත්. හැබැයි ටිකක් පරිස්සමෙන්. වැස්ස වැඩිවීමත් එක්ක මේ දවස්වල වතුරෙන් බෝවෙන රෝග (කොළරාව) ව්‍යාප්ත වෙන්නේ හරි ම ඉක්මනට. ඒ නිසා කෑම පිටින් ගන්න එක ටිකක් අඩු කරලා, ගෙදර හැදෙන කෑම ගන්න පුළුවන් නම් තමයි හොඳ. මොනවා වුණත් ගෙදර හැදෙන කෑම එකේ පිරිසිදුකම ගැන ෂුවර්නේ.

8. වටපිටාව පිරිසිදුව තියාගන්න

ආරංචියි නේද, මේ දවස්වල තියෙන ඩෙංගු වසංගතේ කරලා තියෙන හරිය ගැන? එහෙනම් වටපිටාව පිරිසිදුව තියාගන්න තවත් හේතුවක් ඕනේ නැහැනේ. වැස්ස තුරල් වෙන වෙලාවක් බලලා ඔය මදුරුවෝ බෝවෙන තැන් ටික සුද්ද කරලා දාන්න මතක ඇතුව. ඩෙංගු විතරක් නෙවෙයි, බරවා වගේ මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩරෝග ගාණක් මේකෙන් වලක්වගන්න ඇහැකි. මදුරු දැල් පාවිච්චිය, මදුරු දඟර පාවිච්චිය මඟින් මදුරුවන් දෂ්ට කිරීම වළක්වන්නත් මේ දවස්වල කටයුතු කරන්න ම ඕනේ.

පහුගිය දවස්වල ගංවතුර සැරට ම තිබුණු කාලෙත් ඒවා බලන්න ගිහින් ගොඩක් අය අමාරුවේ වැටුණා. මොකද මේ කට්ටිය යන්නේ අවතැන් වෙච්ච අයට උදව් කරන්න නෙවෙයිනේ. ඒවායේ තියෙන ඕපදූප බලන්න. ලෙඩ විතරක් හදාගත්තා නම් මදැයි. ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වුණු අය මේ අතරේ හිටියනේ. ඒ නිසා මේ වැස්ස අස්සේ ඒ වගේ වැඩවලට නැඹුරු වෙන්න එපා හොඳද. ඕවයින් තමයි උණසන්නිපාතය, මී උණ වගේ ලෙඩ හැදෙන්නෙත්.

ලොක්කන්ට විතරක් නෙවෙයි, විශේෂයෙන් ම පොඩ්ඩන්ටත් මේ දේවල් වැදගත් වේවි කියලා අපි හිතනවා. ඩෙංගු ගැන වැඩි විස්තර ඕනෙනම් මෙන්න මේ ආටිකල් එකත් ඔය හුස්මට ම කියවලා බලන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide