ආ නැද්ද කියන්නකො?
අපි කවුරුත් එහෙමනෙ යාළු. පඩි ආපු ගමන්ම දවස් ටිකේ ඔය හයිෆයි තැන් වලින් කෑවට.. අන්තිම සතිය දෙකේ, රු. 200, 300න්වත් පහල තමා ඉතින්.
ආ.. ඒකට කාරි නෑ. ඔන්න පහලින් තියෙනව ගැලපෙනම තැන් ටිකක්. බලන්නකො කොහොමද කියල, මේ දවස් ටිකට විතරක්වත්..!
1. Hotel Suvai
බත්තරමුල්ල හංදියෙම තියෙන පුංචි සයිවර් ප්ලේස් එකක්. ඒ වගේම පංකාදු පහට, ඔරිජිනල් ඉන්දියන් රසටම කෑම හැදෙන ප්ලේස් එකක්. මෙයාලගේ.. රු. 300ට අඩුවෙන් තියෙනව නෝමල් තෝසෙ, වඩේ ටික හැරුනාම තලු මැරෙන රසට, උණු උණුවට මේසෙට එන පේපර් තෝසෙ, මසාලා තෝසෙ, මෂ්රූම් තෝසෙ වගේ සුපිරි තෝස ජාති. නැත්නම් පිට්ටු එක්ක සාම්බාර්, මිරිස් හොදි. එහෙමත් නැත්නම් පූරි සෙට්, චපාති වුනත් ගන්න පුලුවන්. කොහොම වුනත්, ඒ මොනවා කෑවත් අන්තිමට මතක තියාගන්න අනිවා මසාලා චායි එකක් නම් බොන්න. මොකද ඒකෙ තමයි තියෙන්නෙ ගැම්ම!
2. The Chaat Co
වැල්ලවත්ත, රෝහිනි පාරට හැරෙන තැනම වගේ.. ටිකක් වෙනස් සයිවර් ප්ලේස් එකක්. මොකද මෙතන තියෙන්නෙ තෝසෙ, වඩේ වගේ කෑම නෙවෙයි. අමුතුම ඉන්ඩියන් ස්ට්‍රීට් ෆුඩ් සෙට් එකක්. රු. 200 ඉඳන් උඩට පුරි ජාති, චාට්, ජිරා වගේ බත් වර්ග, ඉන්ඩියන් පෑන් කේක් වගේ අතුරුපස වර්ග.. එතකොට.. බොන්න ලැසි, ෆලුඩා වගේ ටොප් බීම ජාති, උණු උණුවට රස බලන්න මසාලා ටී..
ඒකත් මාරම වෙනසක් ඈ..
3. Sri Sai Bhavan
කොහුවල හංදියෙම වගේ.. ආයෙ දෙකක් නෑ අපිටම හරියන ප්ලේස් එක. රු. 300ට කන්න පුලුවන් බඩ පැලෙන්න තෝසෙ, වඩේ විතරක් නෙවෙයි.. පේපර් තෝසෙ, මසාලා තෝසෙ, ඉඩ්ලි, පිට්ටු, ඉඳිආප්ප.. ඊටත් එහෙම කාලා අතුරුපසට.. පැණි වළලු, බුන්දි, ලඩ්ඩු. කොහොමද ඒ අතුරුපසත් එක්ක වැඩි කහට මසාලා ටී එකක් ගැලපෙද්දි? යම්.. ආයෙ පංකාදු පහයි ආ..!
4. Navarathne Pure Indian Vegetarian Restaurant
නුගේගොඩ තියෙන්නෙ මේ ප්ලේස් එක. ටිකක් හයිෆයි. හැබැයි කෑමවල ගණන් පොඩ්ඩක් අඩුවෙන් යන්නෙ. සාමාන්‍යයෙන් පේපර් තෝසෙ, මසාලා තෝසෙ වගේ ගන්න පුලුවන් රු. 300ට. ඒ හැරුනාම නාන්, පූරි වගේ ඒවා යන්නෙ රු. 100-150 අතරෙ. අර වැඩේ තියෙන්නෙ ඒවා කන්න වෙනමම කරි ගත්තොත් තමයි ගාණ වැඩි වෙන්නෙ. හැබැයි ඒකත් ෂේප් දෙන්නෙක් වගේ සෙට්වුනා නම්. බටර් චිකන්, ගෝබි, පනීර් වගේ කරි ගන්න පුලුවන් රු. 400ට වගේ.. පෝෂන් එකත් ලොකුයි, රස අතින් නම් ඉතින්.. නොම්මර එකයි.
5. Chettinad Restaurant
පිටකොටුව කෙලවරේ.. කදිරේසන් කෝවිලට ඔන්න මෙන්න.
මෙතනත් තෝසෙ, වඩේ වලට වඩා යන්නෙ ජිරා බත්, නාන්, පරාටා වගේ කෑම. ඒවා එක්ක චිකන්, පනීර්, ගෝබි වගේ කරි එහෙමෙත් තියෙනව, සාමාන්‍යයෙන් රු. 300න් වගේ යන. ඉතින් හොඳම වැඩේ තමයි තව යාළුවෙක් එක්කගෙන යන එක. මොකද මෙයාලගෙ කෑම පෝෂන්වල සයිස් එකත් ලොකුයි, රසත් ආයෙ තිතටම තියෙනවනෙ.
6. Golden Cafe
වත්තල බෑන්ක්ෂෙල් වීදියෙ. කොලඹ මායිමේ වුනාට මොකද ඉතින් මේක බලන යාළුවො එහෙත් ඇතිනෙ. ම්.. ආරංචියෙ හැටියට නම් නොම්මර එකේ සයිවර් ප්ලේස් එකක්. ගණනුත් සෑහෙන්න අඩුවෙන්ලු යන්නෙ. කොටින්ම කියතොත් චීස් මසාලා තෝසෙ එක රු. 250ට! ඒ හැරුනාම ඉතින් ඊට අඩුවට තෝසෙ, වඩේ, ඉඩ්ලි, පාරාටා ඔ්න දෙයක් කෑ හැකිනෙ. මෙතන තියෙන විශේෂත්වය තමයිලු ඔ්න වෙලාවක ගියොත් කෑම උණු උණුවෙන් කන්න පුලුවන් එක. ඒ නිසාම ඒවයෙ රසත් පංකාදුයි කියන්නෙ!