කඩා වැටෙන තරු අතර සැබෑ නළුවෙක්.. ඉර්ෆාන් ඛාන් ගැන කෙටි සටහනක්..

මේ අවුරුද්ද අපේ ග්‍රහලෝකෙට හුඟක් දේවල් අහිමි කරමින් යන අවුරුද්දක්. බොහොම අමාරුවෙන් ඉවසීමෙන් මාසෙන් මාසෙ ගෙවාගෙන යද්දි, එන්න එන්න ම කන වැකෙන්නේ නරක ආරංචි. ඒ විදිහට සිනමා ලෝකය කම්පා කරන පුවතක් අද දවල් ආරංචි වුණා. ඒ ඉන්දීය සිනමාවේ අතිදක්ෂයෙකුගේ නික්ම යෑමක් ගැන. ඔහු ප්‍රතිභාපූර්ණ නළු ඉර්ෆාන් ඛාන්.

ඉර්ෆාන් ඛාන්ගේ නික්ම යෑම සිනමා ලෝකයට පිරවිය නොහැකි අඩුවක් බව අවිවාදිතයි. මේ, ඔහු ගැන යමු අපෙන් සටහනක්..

සහාබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් උපත ලැබුවේ 1967 ජනවාරි 7 වැනිදා ඉන්දියාවේ ජායිපූර්හිදී, දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක පළමුවැන්නා විදිහට. ටයර් ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහුගේ දෙමාපියන් එතරම් වත්පොහොසත්කම් තිබුණු අය නෙවෙයි. පුංචි කාලයේ ඉර්ෆාන්ගේ හීනය වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම. ඒත් අගහිඟකම් නිසා ඔහුගේ ක්‍රිකට් ජීවිතය මඟ නවතිනවා. පියාට ඕනෑ වෙන්නේ සිය වැඩිමල් පුත්‍රයා පවුලේ ව්‍යාපාරය කරගෙන යනවා දකින්නයි. ඒත් සිය ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්න අතරෙ ඉර්ෆාන්ට ඉන්දියාවේ ‘නැෂනල් ස්කූල් ඔෆ් ඩ්‍රාමා’ වෙත ශිෂ්‍යත්වයක් ලැබෙනවා. සිය පියාගේ වියෝවෙන් පසුව, එනම් 1984 දී නවදිල්ලියේ නැෂනල් ස්කූල් ඔෆ් ඩ්‍රාමා වෙත පැමිණෙන ඉර්ෆාන් රංගනය හදාරන්නට පටන්ගන්නවා.

ඔහුගේ ජීවිතයට නොසිතූ දොරක් ඇරෙන්නේ මේ ගමනින් පසුවයි. ක්‍රීඩකයෙකු වීමට හිතාගෙන හිටපු ඔහුට නළුවෙකු වීමට මේ ගමනින් මඟ සැකසෙනවා. ඒත් නළුවෙකු වීම කියන්නේ ඉන්දියාවේදී ලේසියෙන් අත්පත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉන් පසුව මුම්බායට පැමිණෙන ඉර්ෆාන් මුලින් ම සිය මුම්බායි ජීවිතය අරඹන්නේ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙසයි. පසුව කියැවෙන විදිහට ඔහු ඒ කාලයේදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියාවට රාජේශ් ඛන්නාගේ නිවෙසටත් ගොස් තිබෙනවා.

මේ ආකාරයට ජීවිතය අරඹන ඔහුට කලක් යන විට රූපවාහිනී මාලා නාටකවලට සිය රංගන දායකත්වය ලබා දෙන්නට අවස්ථාව උදා වෙනවා. චිත්‍රපට රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ 1988දී. ඒ ඔස්කා සම්මානවලට නිර්දේශ වුණු මීරා නායිර්ගේ සලාම් බොම්බේ චිත්‍රපටයේ. ඒත් චිත්‍රපටයේ අවසන් සංස්කරණයේදී ඔහුගේ දර්ශනය කපා හැර තිබෙනවා. ඔහු රඟපෑ නිර්මාණ දිගින් දිගට ම අසාර්ථක වීම නිසා මේ කාලයේ දී රංගනය අත්හැර දාන්නට පවා සිතුණු බව ඔහු පසුව පවසනවා.

ඉර්ෆාන්ට ප්‍රධාන චරිතයකට පණ දෙන්නට ලැබුණේ අසීෆ් කපාඩියාගේ ‘ද වොරියර්’ චිත්‍රපටයෙන්. ඒ 2001 වර්ෂයේදී පමණ. මෙය ජාත්‍යන්තර සිනමා උළෙලවලට පවා නිර්දේශ වීමෙන් පස්සේ ටිකෙන් ටික ඔහුගේ සිනමා දිවිය සාර්ථක දිශාවකට යොමු වෙනවා. ප්‍රථම වතාවට බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණයට ඔහුට අවස්ථාව ලැබුණේ 2005 දී තිරගත වුණු ‘රොග්’ චිත්‍රපටයෙන්. ඒ අනුව ඉන් පස්සෙ ලැබෙන චරිත හරහා දිගට ම ප්‍රේක්ෂක සහ විචාරක පැසසුමට වගේ ම, සම්මානවලට පාත්‍ර වෙන්නත් ඉර්ෆාන්ට අවකාශය ලැබෙනවා.

මක්බූල් (2003), හාසිල් (2003), ද කිලර් (2006), ලයිෆ් ඉන් අ මෙට්‍රෝ (2007), හිස් (2010), තැන්ක් යූ (2011), ද ලන්ච්බොක්ස් (2013), හේඩර් (2014), ගුන්ඩේ (2014), පිකු (2015), ටල්වාර් (2015), හින්දි මීඩියම් (2017), කැර්වෑන් (2018), බ්ලැක්මේල් (2018), ඇන්ග්‍රීසි මීඩියම් (2020) මේ කාලය පුරා ඔහු රඟපෑ චිත්‍රපට ඉන්දීය අතරින් කීපයක්. මේ අතරින් ලන්ච්බොක්ස් ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා.

ඉර්ෆාන් ලෝකය පුරා ම වඩාත් ප්‍රකට වුණේ ‘ලෝක සිනමාවේ ඉන්දීය මුහුණ’ නියෝජනය කරමින්. ඔහු රඟපෑ ජාත්‍යන්තර තලයේ චිත්‍රපට, ඔහුව ලෝක ප්‍රකට නළුවෙකු බවට පත් කළා. ද නේම්සේක් (2006), ස්ලම්ඩෝග් මිලියනයර් (2008), නිව්යෝක් අයි ලව් යූ (2009), දි අමේසිං ස්පයිඩර් මෑන් (2012), ලයිෆ් ඔෆ් පයි (2012), ජුරාසික් වර්ල්ඩ් (2015), ඉන්ෆර්නෝ (2016), පස්ල් (2018) ඉන් කිහිපයක්. මේ අතර ඔහු හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් නොලන්ගේ ‘ඉන්ටර්ස්ටෙලර්’ චිත්‍රපටයේ ඔහුට ලැබුණු චරිතය ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රකට කරුණක්.

1995 පෙබරවාරි 23 දා විවාහ වූ ඉර්ෆාන්ට පුතුන් දෙදෙනෙකු සිටිනවා. බොලිවුඩයේ නළුවන් අතර වැඩි ම උසකින් (6’ 1’’) යුතු අයෙකු ලෙස ප්‍රකට ඉර්ෆාන්, තරු ගුණයට වඩා ප්‍රතිභාපූර්ණ නළු ගුණය පිහිටි රංගන ශිල්පියෙකු ලෙස විචාරකයන් හඳුන්වනවා. රංගන කුසලතාව අතින් ඔහුට ලං වන්නට බොහෝ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය නළුනිළියන්ට පවා හැකියාවක් නැහැ. ඒ වගේ ම, ඔස්කා සම්මානයට පාත්‍ර වුණු සිනමා නිර්මාණ දෙකක රඟපෑ එක ම බොලිවුඩ් නළුවා ඔහුයි. ස්ලම්ඩෝග් මිලියනයර් සහ ලයිෆ් ඔෆ් පයි තමයි ඒ නිර්මාණ දෙක.

කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙය උදෙසා 2011 වර්ෂයේදී ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ ඉර්ෆාන් ඛාන් 2018 වර්ෂයේදී අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයකට ගොදුරු වෙනවා. ඊයේ දිනයේ හදිසි තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු ඔහු, ප්‍රතිකාර මධ්‍යයේ ඉන්නා අතරතුර අද (29) දහවල් සිය ජීවිතයෙන් නික්ම ගියේ ලොව පුරා සිනමාලෝලීන් කම්පනයට පත් කරමින්.

ඉර්ෆාන් ඛාන්ගේ වියෝවෙන් නිර්මාණය වන හිඩැස පුරවන්න තවත් සෑහෙන කාලයක් යයි. සමහරවිට ඒ හිඩැස කවදාවත් පිරෙන එකක් නෑ. කොහොම වුණත්, ජීවත්ව සිටි අවුරුදු 53 තුළ සිනමා ලෝකය පෝෂණය කරන්නට ඔහුගෙන් සිදු වුණු මෙහෙය අසමසම එකක් බවට විවාදයක් නෑ. 

ඉර්ෆාන් ඛාන්, ඔබට සුව නින්දක්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide