ළගක දි ඉඳන් ගොඩක් අය සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න පටන් අරන්. මේක හොඳ දෙයක්. ව්‍යායාම ගැන වගේ ම සෞඛ්‍යසම්පන්න කෑම බීම ගැනත් වැඩිපුර හිතන්න ගොඩක් අය පෙළඹිලා.
ඒත් අපි මේ හෙල්ති කියල හිතාගෙන කන බොන හැම දේ ම අපි හිතන තරම් හෙල්ති ද?
මේ උනන්දුවත් එක්ක පලතුරු බීම වගේම කෝල්ඩ් ප්‍රෙස් වගේ එක එක ජාතිවල පලතුරු බීම සම්බන්ධවත් පහුගිය කාලෙ ගොඩක් දෙනෙක්ගෙ උනන්දුව වැඩිවුණා. කෝක්, පෙප්සි වගේ සෝඩා වර්ග බොන එක අඩුකරලා වැඩවැඩියෙන් පලතුරු බීම බොන්න ගොඩක් අය පෙළඹුණා. හැබැයි ගොඩදෙනෙක් නොදන්න දේ තමයි පලතුරු බීම කියල අපි බොන්නෙ සීනි තොගයක් කියන එක.
ගොඩක් පලතුරු වර්ගවල තියෙන විටමින්, ඇන්ටිඔක්සිඩන්ට් වර්ග වගේ දේවල් ඒ පලතුරුවලින් හදන ජූස්වලත් තියෙනවා; මිලිග්රෑම් ගාණක්. හැබැයි ඒකට හරියන්න සීනි තියෙනවා ග්රෑම් බර ගාණක්. ගොඩක් වෙලාවට පලතුරු ජූස් එකක තියෙන සීනි ප්‍රමාණය කෝක්, පෙප්සි වගේ සෝඩාවල තියෙන සීනි ප්‍රමාණෙටත් වඩා වැඩියි!
කන්න හොඳ නම් ඇයි බොන්න බැරි?
පලතුරු වැඩියෙන් කන එක සෞඛ්‍යය පැත්තෙන් හොඳ දෙයක් කියල තමයි අපි කවුරුත් වගේ අහල තියෙන්නෙ. ඉතිං කන එක හොඳ නම් ඒ පලතුරෙන් ම හදන ජූස් එක නරක වෙන්නෙ කොහොමද?
මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ තමයි පලතුරුවල තියෙන ෆයිබර් කොටස් ටික ජූස් එකේ නැති එක. ඉතිං කනව වගේ හපහප ඉන්න දෙයක් නෑනෙ, බීගෙන බීගෙන යන්න තියෙන්නෙ. පලතුර හපල කද්දි අර ෆයිබර් කොටස් නිසා අපේ බඩ පිරෙනවනෙ. මේ ෆයිබර් කොටස් කියන්නෙත් අන්තිමේ දි බලද්දි සීනි තමයි. ඒ වුණාට මේ ෆයිබර් හැදිලා තියෙන්නෙ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්වලින් නිසා මේවා හෙමින් සැරේ තමයි ඇඟට උරාගන්නෙ. හැබැයි ජූස් එකක් විදියට බොද්දි අපිට ඊට වඩා ලොකු පලතුරු ප්‍රමාණයක් බඩට දාගන්න පුළුවන්. ඉතිං වැඩිපුර පලතුරු කියන්නෙ වැඩිපුර සීනි කියන එකම තමයි. ඒ වගේ ම මෙතන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්වලට වඩා වැඩිපුර තියෙන්නෙ ඉක්මණින් ශරීරයට උරාගන්න ග්ලූකෝස්.
ගෙදර හැදුවම හරිනෙ?
ඇත්ත; ලංකාවේ කඩෙන් ගන්න තියෙන ගොඩක් පලතුරු බීම බෝතල්වල නම් පලතුරුවලට අමතර ව එකතුකරපු සීනිත් තියෙනවා. හැබැයි ගෙදර හදන හැම දේම හොඳයි කියල ලංකාවේ ගොඩක් අය හිතන් හිටියට පලතුරු ජූස් ගැන නම් ඒක කියන්න බෑ. මොකද කලින් කීව වගේ පලතුරුවල කොහොමත් සෑහෙන සීනි ප්‍රමාණයක් තියෙන නිසා කොහොම හැදුවත් ඒ සීනි ප්‍රමාණය ජූස් එකට එනවා. ගෙදර හදන දොඩම් මි.ලී. 100ක සීනි ග්‍රෑම් 11කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. මැන්ගෝ ජූස් එකක නම් මේ ගාණ ග්‍රෑම් 13කටත් වැඩියි. අන්නාසිවල ග්‍රෑම් 13යි. ඇපල් ජූස් මි.ලි. 100ක සීනි ග්‍රෑම් 12ක් විතර තියෙනවා.
‘කෝක්’ බොනවද ජූස් බොනවද?
මේ තියෙන්නෙ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ පලතුරු බීම බෝතල් සහ සෝඩා බෝතල්වල තියෙන සීනි ප්‍රමාණ. මේ දවස්වල මයිලෝ ගැනත් ලොකු කතාවක් යන හින්දා මයිලෝ සහ අනිත් කිරි ආශ්‍රිත බීම වර්ගත් අපි මේකට එකතු කළා. ඔය යටින් ම තියෙන්නෙ ගෙදර හදන බීමවල තියෙන සීනි ප්‍රමාණ (මේ තොරතුරු ගත්තෙ fatsecret.com එකෙන්). මේකේ රතු පාටින් තියෙන්නෙ සීනි ප්‍රමාණය. තැඹිලිපාටින් තියෙන්නෙ ඉතිරි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. කලිනුත් කීව වගේ මේ කාබෝහයිඩේට් අන්තිමට ඉතිං සීනි තමයි. රතු, කහ, කොළ ලේබල් නීතිය කිරි ආශ්‍රිත බීමවලට අදාළ නැති නිසා ඒවයේ සීනි ප්‍රමාණ වෙනම පැකට් එකේ ගහලා නෑ. ඒ නිසා ඒවයෙ තියෙන සමස්ත කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය විතරයි අපි දන්නෙ.
මැරෙන්නද කියන්නෙ?
දැන් ඉතිං මේ විදියට බලන් ගියාම කිසි දෙයක් කන්නෙ බොන්න බෑනෙ?
එහෙමම නෑ. සෞඛ්‍ය ගැන හිතල පලතුරු බොන අයට කරන්න තියෙන්නෙ පලතුරු කන එකට මාරුවෙන්න. හැබැයි ඉතිං පලතුරු කෑවට පලතුරු බීම බොනව වගේ තිබහ නිවෙන්නෙ නෑනේ. තිබහට වතුර බොන එක තමයි ගොඩක් හොඳ. එහෙම නැති නම් ප්‍රමාණය දැනගෙන පලතුරු බීම ටිකක් බීවට අවුලක් නෑ. ඇත්තට ම අප කන බොන දේවල දි ගොඩක් ම වැදගත් වෙන්නෙ ප්‍රමාණය තමයි. සෝඩා බීවත් පලතුරු බිම බීවත්, බත් කෑවත් උගුර ගාවට එනකල් කන්නෙ බොන්නෙ නැතුව ඒ කන බොන ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන් නම් අවුලක් නෑ.