රස මතක හද රැඳේ… (2015, KAMU මතකයන්).

රස කෑම ගැන වගේම ඒව ගන්න තියෙන ආපනශාලා ගැනත් YAMU එකේ අපේ යාළුවො සෙට් එක ඉංග්‍රීසි භාෂාවෙන් නිතරම වගේ ඔයාලට කිව්වා. ඒත් ඒ තැන් ගැන සිංහලෙන් ඔයාලට කියන වැඩේ මම පටන් ගත්තෙ පහුගිය අගොස්තු මාසෙ ඉඳන්. ඉතින් මේ 2015 අවුරුද්ද ඉවර වේගෙන යන වෙලාවෙ මට හිතුණා මම කියපු අවන්හල් අතරින් හොඳ ඒවා දෙක තුනක් ගැන ආයෙත් වතාවක් ඔයාලට විස්තර ටිකක් මතක් කරලා දෙන්න.

Yarl Hotel

අපි කථා කරන අතරෙ කෙසෙල් කොලේ පිරෙන්න රතු බතුයි ඇති පදමට පරිප්පුයි මෑකරලුයි අල හොදියි බෙදපු සේවක මිත්‍රයා පපඩම්, මෝරු මිරිස් වගේම බැදපු මාළු කූරියෙකුත් පැත්තකින් තියලා ''මස් මාළු මොනවද?'' කියලා ඇහුවෙ. ඉතින් ආයෙත් පොඩ්ඩක් මස්, මාළු තැටි ටික දිහා බලපු මම පුරුදු විදියට කුකුල් මස් ව්‍යංජනයක් ගේන්න කිව්වා. යාළුව නම් හැමදාම කන්න ලැබෙන්නෙ නෑනෙ කියල මිරිසට හදපු කකුළු ව්‍යංජනයක් තමයි ඇණවුම් කලේ. කුකුල් මස් එක මේසෙට ආවෙ පොඩි ඇලුමිනියම් භාජනයක. හැබැයි යාළුවගෙ කකුළුවා නම් මේසෙට ආවෙ කෙසෙල් කොලයක් තියපු ලොකු ඇලුමිනියම් පිඟානක. හොදි ටික වෙනම පොඩි ඇලුමිනයම් දීසියක පැත්තකින් තිබුණා.

Cricket Club Cafe

බඩ කට පිරිලා තිබුණත් චීස් බේරෙන බර්ගර් එකෙන්නම් කෑල්ලක් නොකා ඉන්න බෑ. ඉතින් යාළුවත් ටිකක් අමාරුවෙන් කකා ඉඳපු බර්ගර් එකෙන් කෑල්ලක් කඩා ගත්ත මම හෙමිහිට රස බලන්න පටන් ගත්තෙ අනිත් අතට සෝස් ගෑවුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලක් අතට ගන්න ගමන්. ෂහ්… චීස් බේරෙන බර්ගර් එකේ මැද්දෙ තිබුණ ලොකු කුකුල් මස් පෙත්තෙ රස නම් උපරිමයි. නියම පදමට බැදිලා තිබුණ කුකුල් මස් එකේ පුංචි සැර ගතියක් වෙග්ම බාබකියු රසකුත් තිබුණා.

Sri Vihar

ඒකෙන් තමයි මේ කටට කෙල උණන සුවඳ එන්නෙ. මම තෝසෙ එකේ හැඩ බලන අතරෙ යාළුව වැඩේ පටන් අරන්. බල බල ඉන්න දෙයක් නෑනෙ. මමත් තෝසෙ කෑල්ලක් කඩා ගෙන සාම්බාරු හොදි ටිකක් එක්ක රස බැලුවා. ෂහ්… කියල වැඩක් නෑ. එළවළු රසෙන් උපරිමයි කියන්න පුළුවන් සාම්බාරු හොද්දෙ සැර ගතියයි ඉන්දියානු හොදි වලට ආවේණික මසාලා රසයි නම් අඩු නැතිව තියෙනවා. තෝසෙ එකත් හදලා තිබුණෙ තෙල් ගතිය ටිකක් අඩු වෙන්න. අල, ළූණු පිරවුමට මම නම් එච්චර කැමැති වුණේ නෑ. මොකද කියනව නම් සැර පදමට තිබුනට ඒකෙ තෙල් ගතිය ටිකක් වැඩියි. තෝසෙ වලට යාළුවගෙ තිබුණ කෑදර කම නිසාම විනාඩි 10ක් යන්නත් කලින් තෝසෙ පිඟාන හිස් වුණා. ඉතිරි වුණේ සාම්බාරු හොදි ටිකක් විතරයි.

Alumka Caterers

දවස තිස්සේ රාජකාරී කටයුතුවල යෙදිලා ඉන්න ඔයාලා හවස් වෙද්දි හොඳටම මහන්සි වෙලා තමයි කාර්යාලයෙන් එළියට බහින්නේ. ඉතිං ඒ වෙලාවට එන බඩගින්නට මොනවා හරි පොඩි දෙයක් බඩට දාගෙන ගෙදර යන්න සමහර අය පුරුදු වෙලා හිටියට ගොඩක් අය තමන්ගේ යාළුවෙක් එක්ක හරි පෙම්වතිය එක්ක හරි හොඳ අවන්හලකට ගිහින් රෑ කෑම වේල රස විඳිනවා. ඒ අතරෙ තවත් පිරිසක් ඉන්නවා නිවි හැනහිල්ලෙ ගෙදර ගිහිල්ලා ඇඟ පත හෝදගෙන රෑ කෑම වේල ගන්න කැමති අය. අන්න ඒ වගේ අයට නියමෙට ගැලපෙන තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.

Lavinia Restaurant & Bar

‘‘සිත් තුල සුපිපුන සෙනෙහස් මල් දම් මිලින වී…’’ ෂහ්, හොඳ සද්දෙට උඩ තට්ටුවෙන් සිංදුවකුත් ඇහෙනවා. ඉතිං මම අඩියට දෙකට පඩිපෙළ නැගලා උඩ තට්ටුවේ අපේ කට්ටිය සෙට් වෙලා ඉඳපු මේසෙට ගිහින් වාඩි වුණා. ‘‘ආ… වාඩිවෙයන් මචං. මොනවද බොන්නෙ?’’ ඒ වෙනකොටත් හොඳ පදමට ඇවිල්ලා ඉඳපු යාළුවෙක් මගෙන් ඇහුවා. කොහොම හරි මම වාඩිවෙලා විනාඩියක් වත් ගියේ නෑ. අවන්හලේ සේවකයෙක් මගේ ළඟට ඇවිල්ලා ‘‘ සර්ට මොනවද  ඕනේ’’ කියලා අහන ගමන් මගේ අතට මෙනු තුනක් දුන්නා. දීලා නිකන් හිටියෙත් නෑ. පළවෙනි මෙනුව දිග ඇරලා ‘‘සර් මේකේ තියෙන්නේ ශ්‍රී ලන්කන් ඇන්ඩ් චයිනීස් කෑම වර්ග. එතකොට මේකේ තියෙන්නේ තායි කෑම වර්ග. මේ පොඩි මෙනුවේ බොන දේවල් ටික තියෙනවා. බලලා කියන්නකෝ’’.

Kamrose Restaurant

ෆ‍්‍රයිඩ් රයිස් එකේ කටවල් හත අටක්ම එක දිගට කෑවට පස්සෙ තමයි මට මතක් වුණේ මේසෙ පැත්තකට වෙලා තිබුණ හොං කොං චිකන් එක. ඉතින් බත් කන එක පොඩ්ඩකට නතර කරපු මම කුකුල් මස් කෑලි දෙකක් පිඟානට දා ගත්තා. ඊට තව පොඩි කුකුල්මස් කෑල්ලක් අරගෙන කටේ දාගත්ත මම හෙමිහිට ඒකෙ රස බැලුවා. පිස්සු හැදෙන රසක්නෙ! හොං කොං චිකන් එකේ තියෙන පුංචි ලුණු ගතියක් එක්ක එන සැර ගතියට නම් මම ගොඩක්ම කැමතියි. ඒ වගේම ඒකට එකතු කරලා තියෙන සෝස් එක නිසා ලාවට දැනෙන පැණි රසකුත් තියෙනවා. අමු මිරිස්, මාළු මිරිස්, බී ළූණු වගේම පොඩියට කපලා බැදපු කුකුල් මස් කෑලි දහයක් දොලහක් විතර දාලා හදල තිබුණ මේ හොං කොං චිකන් එකත් එක්ක ෆ‍්‍රයිඩ් රයිස් එක නම් නැගලා යනවා. මට හරිම සතුටුයි. හොඳ සේවයක් තිබුණෙ නැති නිසා හිතේ තිබුණ අවුලත් නිකම්ම අමතක වෙලා ගිහින්.

Quick Thai

ක්වික් තායි අවන්හලේ තට්ටු දෙකක් තියෙනවා. ලීයෙන් හදපු මේස දාලා විසි දෙනෙක්ට විතර එකපාර වාඩි වෙන්න ඉඩ හදලා තියෙන පල්ලහා තට්ටුවේ භෝජනාගාරයට කෙලින්ම පේන්නෙ අවන්හලේ මුළුතැන්ගේ. මේ අවන්හලේ කෑම හදන්නේ මුළු මනින්ම තායිලන්ත සූපවේදීන්. එයාලා සුදු පාට නිළ ඇඳුම් ඇඳගෙන උස තොප්පි දාලා මුළුතැන්ගේ ඇතුලෙ ගජරාමෙට වැඩ. සමහර අවන්හල්වල වගේ ක්වික් තායි අවන්හලේ හැංගි හොරා වැඩ නෑ. ඇතුලතත් හරිම පිළිවෙලයි වගේම පිරිසිදු කමෙනුත් උපරිමයි. සේවක මඩුල්ලත් අවන්හලට එන හැමෝටම ‘‘ගුඩ් ඊවිනින් සර්’’ කියලා පිළි අරන් මෙනුවකුත් අතට දීලා මෙනුවෙ තියෙන කෑම වර්ග තෝරන්නත් උදව් වෙනවා. එළිය තරමක් අඩු විදුලි බුබුළු දාලා ලස්සන තායිලන්ත සැරසිලි එල්ලා හදලා තියෙන භෝජනාගාරය දැක්කාම නම් අපි දෙන්නට හරිම සතුටු හිතුණා.

Machan Koswatta

කටට කෙල උනන සුවඳක් එන දයියා පෝක් එක තවත් මේසේ උඩ නිකං තියෙන්න දෙන්න බෑ. ගෑරප්පුවකින් දයියා පෝක් කෑල්ලක් කටේ දාගත්ත මම හිමිහිට ඒකේ රස බලන්න පටන් ගත්තා. ‘‘පට්ට බයිට් එක’’ ඌරූ මස්වල තියෙන තෙල් තට්ටුව අඩු වෙන්න පොඩියට කෑලි කපලා ගැඹුරු තෙලේ බැදලා තමයි මේක හදලා තිබුණේ. එහෙම බැදපු  ඌරූ මස් කෑලී පුංචි පැණි රසක් එක්ක තද සැර ගතියක් එන විදියට සෝස්, අමු මිරිස්, කැරට්, ලූණු කොළ, චීලී පේස්ට් දාලා ඩෙවිල් කරලා තිබුණා. දයියා පෝක් එකේ රස නම් කාලා බලලාම තීරණය කරන එක තමයි වැඩිය හොඳ.

Mr. Kottu

අවන්හලේ කුස්සියෙන් එන සුවඳට බඩගින්න දෙගුණ තෙගුණ වෙලා. මට නම් ආස හිතුණෙ දැල්ලෝ කොත්තුවක් කන්න. යාළුවට ආප්ප කොත්තුවක් ඕන කිව්වා. ඉතින් මම කෑම ඇණවුම් කරන්න කියල කැෂියර් එක ළගට ගියාම එතන තිබුණ අත් පත්‍රිකාවක් දැකල තමයි දැනගත්තෙ මේ අවන්හලේ Mr. කොත්තු කියල කොත්තු වර්ග විතරක් නෙවෙයි Mr. බර්ගර් කියල බර්ගර් වර්ග ගොඩකුත් තියෙනවා කියලා. ඇණවුම් කරන කොට කැෂියර් එකේ ඉඳපු මිත්‍රයා ‘‘සර් දැල්ලො කොත්තු නම් තියෙන්නෙ වීක් එන්ඩ් එකේ විතරයි’’ කිව්වා. මොනවා කරන්නද ඉතින්, යාළුවට ආප්ප කොත්තුවක් ඕඩර් කරපු මම, මට චිකන් බර්ගර් එකක් ගත්තා. යාළුවගේ ආප්ප කොත්තුවට බැදපු කුකුල් මස් දාලා චීසුත් දාලා තමයි හදන්න කිව්වේ. මගේ බර්ගර් එකටත් වැඩිපුර චීස් ටිකක් දාන්න කිව්වා.

Chop Chop Kottu

බැදපු කුකුල්මස් සහ රොටි යොදා ගනිමින් සකසා තිබූ කොත්තුව තරමක් වියළි ගතියක් ඉසිලුව ද, කොත්තු වලට ආවේණික සැර ගතිය අඩු නොවන ලෙස සකසා තිබිණි. කුළුබඩු රසයද යාන්තමින් දිවට දැනෙන සේ පිසූ මෙම කොත්තුවෙහි ක්‍රිස්පි ගතිය හොඳින් ඉස්මතු වනසේ බැදූ කුකුල්මස් නොමඳව අඩංගු විය. සපයා තිබූ හොදි ස්වල්පයක් එකතුකර ගැනීමෙන් ඉතා ප‍්‍රණීත රසයක් කොත්තුව තුලින් නිර්මාණය කර ගැනීමට ද මෙහිදී අපට හැකි විය.

Lantheruma

සාමාන්‍යයෙන් රතු බත් සහ සුදු බත් ද, කුකුල්මස්, ඌරු මස්, මාළු, දැල්ලන්, ඉස්සන්, කරවල හෝ හාල්මැස්සන් ඇතුළු මාංශමය ආහාර ද, බෝංචි, මෑකරල්, පරිප්පු, පළා මැල්ලුම්, දඹල, ඇඹරැල්ලා, අඹ, වම්බටු, බටු, කොස් මැල්ලුම් හා පොළොස් ඇතුළු නිර්මාංශයමය ආහාර ද, කට ගැස්මට පපඩම්, මිරිස් හෝ කරවල බැදුමක් ද ලන්තෑරුම අවන්හලේ ප්‍රධාන මෙනුවට අඩංගු වේ. ප්‍රධාන ආහාර තරම් විවිධත්වයක් නොමැති වුවද අතුරුපස ලෙසින් ආහාරයට ගැනීමට ලාංකීය සහ ඉන්දීය කැවිලි වර්ග කිහිපයක් ද ලන්තෑරුම අවන්හලෙහි මෙනුවට අඩංගු කර ඇත.

එබැවින් යනෙන ගමනේ ගුණවත් රසවත් මෙන්ම පිරිසිදු දිවා ආහාර වේලක් රිසි සේ භුක්ති විඳීමට ලන්තෑරුම අවන්හල කදිම ස්ථානයක් වනු නොඅනුමානයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide