කායන්කර්නි, ශේෂවූ මුහුදු වැදි ජනාවාසය පැත්තෙ රවුමක් ගහලා, හැන්දැ වරුවෙ වෙරළ අයිනෙ ටෙන්ට් ගහගෙන රැය ගත කරපු කතාව මම ඔයාලට කියලා ඇතිනෙ. හැබැයී.. ඒ කතාවෙ රසවත්ම, රසබරම..
කටට රහට කාපු කෑම ටික හැදිච්ච විදිය ගැන ඔයාලට කියන්න බැරිවුනා.
ඇත්තටම.. එදා ඒ වැඩේ බාරව හිටියෙත් අපේ ‘කමල්’ම තමයි. මොකද.. මනුස්සයගෙ ගමනෙ. ඊටත් කෑම්පින්ග් ප්ලේස් එක, බෝට්ටු, ඩයිවින්ග් බඩු, ඔක්කොටමත් වැඩිය තනි කෝල් එකට ඔ්න දෙයක් ලඟට එන ආකාරය! ආයෙ ගල් ආවා, පොල් ආවා, බීරත්.. කේස් එකක්ම.
ඔය විදියට ඉතින්.. හැන්දෑවත් එක්ක රතු පාට වෙච්ච ක්ෂිතිජයේ, අපි පටන් ගත්තා පාටිය ගජරාමේ..! පටන් ගන්න අතරේ.. ඉස් ඉස්සෙල්ලාම කියලා ග්‍රිල් එක උඩට වැටුනෙ පදම් කරලා ඇලුමිනියම් කොලයක ඔතපු පුංචි පරාවෙක්.
“මචං මේක අපේ එකක් ඈ.. හොඳට ලුණු ඇඹුලට ගැලපෙන්නෙ” කමල් පුංචි විස්තරයකුත් එක්කම කුක් වැඩේ.
“ඒ කිව්වෙ බං. මේක ස්පෙෂල් එකක්ද?”
“ඔව් ඔව්. අද කොහොමත් ඔක්කොම ස්පෙෂල්නෙ. මේක ඇවිල්ලා බං මේ අපේ ගම්වල හදන ජාඩි පැත්තට බර කෑමක්. හැබැයී හරියටම එන්නෙ නැති වෙයි. මොකද ලුණු, ගොරකා පදමෙ වැල්ලෙ වළලලා තිබ්බෙ නෑනෙ.”
“හප්පට එහෙමත් තියෙන්න ඔ්නද?”
“ඔව් බං. ඇත්තටම මේක හදන්නෙ කූරියා හොඳට සුද්ද කරලා අරගෙන තම්බලා වේලපු තල් කොලයක ලුණු, ගොරකා තට්ටුවක් අතුරලා, ඒ උඩින් තියලා.. ආයෙත් ඒ වගේම ලුණු ගොරකා තට්ටුවක් උඩින් දාලා, සීල් වෙන්නම ගැට ගහලා වැල්ලෙ වළලලනවා. ඔය විදියට ඉතින් සෑහෙන කල් තියා ගන්න පුලුවන්. ඒත් මාසෙ මාස 3 අතරෙ වගේ අරගෙන කරියට හැදුව හැකි, බැද්ද හැකි.. ඔ්න දෙයක් කරන්න පුලුවන්.”
කියන ගමන්ම කමල් ඊලඟට දිගඇරියෙ කෙහෙල් කොලයක ඔතලා තිබ්බ තඩි පාර්සලයක්.
“හප්පේ.. දැල්ලො”
“හ්ම් හ්ම්.. දැල්ලො තමා. උඹලා එන්න කලින්ම කියපු නිසා ලොකු ඒවයින් බඩු ටිකක් ගෙන්න ගත්තා. මේක ගමු දැන් බයිට් එකට”
“හා එළ. ඒක නෙවෙයි බං මේක මොන විදියටද හදලා තියෙන්නෙ”
“මේක ඇවිල්ලා හරි අමුතු විදියක්. අපේ අම්මා තමයි හදන්නෙ. නමක් නං දන්නෙ නෑ. හැබැයි තාත්තගෙ ඉඳන් ගමේ කාගෙ කාගෙත් ෆේමස් බයිට් එකක්.
මුලින්ම දැල්ලො වලලු ටික කපාගෙන දෙහි, ගොරකා, ඉඟුරු සුදුලූණු එක්ක පදම් වෙන්න දානවා මං හිතන්නෙ වරුවක් විතරම. ඊට පස්සෙ කෙලින්ම ගැඹුරු තෙලේ බදිනවා. ඒ බදිද්දි බං වටේ විතරයි පාටට බැදෙන්නෙ. මැද්ද තැම්බෙනවා. එහෙම බැදලා අරගෙන අනික් පැත්තටම කිරට කරිය හදනවා ගම්මිරිස් වැඩි කරලා. හප්පා.. ආයෙ, මේකෙ කෑලි බයිට් එකට, බොර ටික රොටි කන්ඩ.”
…අතරෙ මම කෑලි 2, 3ක්ම ගිලල ඉවරයි.
කිව්වට විශ්වාස කරන්න යාළු.. රසක් නෙවේ ඒක නම් දිව්‍ය භෝජනයක්. ඊටත් කට්ටිය කාපු කෑමක් කියන්න.. පහුවෙනිදා කූරුම්බා ගෙඩි 2, 3 ගාණෙ එක්කෙනා බිව්වෙ. ඇයි උෂ්ණෙට ඇස් ඇරගන්න බෑ?
ඊටත් තඩි ඉස්සො?
ඔලු සුද්ද කරලා පොත්ත පිටින්.. ‘කෑලි මිරිස්, අබ, ඉඟුරු, සුදුලූණු, සියඹලා, ලුණු, කොච්චි එකට අඹරලා දෙහි ඉස්මෙන් දියකරපු සෝස් එකක දවටනවා, ග්‍රිල් එකේ දෙපැත්ත දානවා, උණු උණුවෙම.. ඉරට්ටක අමුණලා අරගෙන ගාපු පොල් එක්ක දවටලා තනි කටට.
බයිට් නෙවෙයි ඒවා.. ලක්ෂරි ෆුඩ් ඈ!
ම්.. ඔය විදියට තව මඩකලපු ස්ටයිල් එකට හදපු කකුලු කරියත් එක්ක රොටි තිබ්බා රෑ කෑමට. එතකොට.. බෝට්ටු කරවල, කොච්චි තෙල් දැමුමකුත් තිබ්බා. ආයෙ හැඳැල්ලො දවටන්නෙ නැතුව බැදලා ලූණු, දෙහි ලෙලි, තක්කාලි එක්ක සැලඩ් කරලා තිබ්බා.
තවත් එක එක ජාති තිබ්බා.
කොහොමහරී.. අර මුලින්ම දාපු කූරියා! ගොඩ ගන්නකොට රෑ 10ට විතර ඇතිනෙ. අරගෙන ඒක වැහෙන්න තිබ්බ ගොරකා අඩුම කුඩුම අයින් කලාට පස්සෙ..
ගැලවිලා එන මස්, කන්න තිබ්බෙ කොච්චි පේස්ට් එකක ගාගෙන..
හප්පේ.. ඉතින්, ඉවර වෙලා තිබ්බ බියර් ටික උඩට ඔන්න අරක්කුත්!