අන්තිම මොහොත වෙනකන්ම තෑගි ගන්න යන්න බැරි වුණා ද? මෙන්න විසඳුම් 7ක්!.

මේ ඇවිත් තියෙන්නෙ තෑගි දෙන කාලෙ නෙ. තෑගි ලැබෙනවට ආස වුණාට තෑගි ගන්න ගියාම නං ලේසි නෑ කියල කවුරු කවුරුත් අත්දැකීමෙන් දන්නව ඇති. උත්සව සමය නිසා හැමෝම කලබලයි. ඉතිං ෂොපිං යන්න වෙලාවක් නැතුව අන්තිම මොහොත වෙනකං තෑගි ගන්න බැරුව ගිය අයට පොඩි උදව්වක් කරන්නයි අපි මේ හදන්නෙ.

නත්තලට, අලුත් අවුරුද්දට, නෑයන්ට යාළුවන්ට තෑගි තෝරන්න වෙලා මදි නං, අපි මේ කියන, දෙන්න ලේසිම, ඒ වගේම මතක හිටින තෑගි ගැන පොඩ්ඩක් සලකල බලන්නකෝ…

කොන්සට් / මූවි ටිකට්ස්

කවදහරි කැඩිල බිඳිල නැත්තං ඉරිල යන භෞතික දෙයක් වෙනුවට, හැමදාම මතක හිටින අත්දැකීමක් තෑගි කරන්න හොඳම විදිහක් මේ. එයා බලන්න කැමැත්තෙන් ඉන්න මියුසික් කොන්සට් එකක්, ෆිල්ම් එකක්, ස්ටේජ් ප්ලේ එකක් ගැන ඔයාට අදහසක් තියනව නං, එයාට ඒකට ටිකට්ස් බුක් කරල දෙන එක ටිකක් වෙනස් විදිහෙ තෑග්ගක් වෙයි.

ඩිනර් / ලන්ච්

එයා / එයාලා කැමති තැනක ඩිනර් එකක්, ලන්ච් එකක් ලෑස්ති කරන එක නෑයන්ට, යාළුවන්ට වගේම ඕගොල්ලො ආදරේ කරන ඕනෙම කෙනෙකුට ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රමයක්. එක්කො ඔයාට පුළුවන් එයාලත් එක්කම ගිහින් ඒ අත්දැකීම විඳගන්න. එහෙම නැත්තං මේක සප්‍රයිස් එකක් දෙන්න වුණත් හොඳ විදිහක්.

මෙම්බර්ෂිප් / ක්ලාස්

පොඩිත්තෙකුට වගේම වැඩිහිටි කෙනෙකුට වුණත් දෙන්න පුළුවන් ලස්සන තෑග්ගක් තමයි මේ. තෑග්ග දෙන්න අවශ්‍ය කෙනාට ලයිබ්‍රරි එකක, ජිම් එකක හෝ එයා යන්න කැමැත්තෙන් ඉන්න ඕනම තැනක සාමාජිකත්වය අරං දෙන්න. එහෙමත් නැත්තං එයාට පහසු විදිහට සහභාගි වෙන්න පුළුවන් ක්ලාස් එකක් ඇරේන්ජ් කරල දීමේ හැකියාව තියනවා. මේකට උදාහරණ විදිහට යෝගා, කුකරි ක්ලාස් වගේ දේවල් පෙන්නල දෙන්න පුළුවන්.

ගිෆ්ට් වවුචර්ස්

සාමාන්‍යයෙන් අපි තෑගි විදිහට වැඩිපුරම දෙන්නෙ ඇඳුම් පැළඳුම්, සපත්තු වගේ ජාති. ඉතිං හුඟක් අය බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ තෑගි. හැබැයි ඒ වගේ දේවල් තෝරන්න දවසක් නිවාඩු දාල ෂොපිං යන්නම වෙනවා. ඇඳුම් පැළඳුම් තෑගි කරන්නත් ඕන නං, අන්තිම මොහොත වෙනකන් තෑගි ගන්නත් බැරි වුණා නං එකම විසඳුම ගිෆ්ට් වවුචර් එකක් හෝ ගිෆ්ට් කාඩ් එකක් දෙන එක තමයි. ඒගොල්ලො කැමති තැනකින් ගිෆ්ට් වවුචර් එක ගන්න පුළුවන් නං වඩාත් හොඳයි.

පැලයක්

තෑග්ග දෙන්න අවශ්‍ය කෙනා පරිසරේට ආදරේ කරන කෙනෙක් නං පැලයක් තෑගි කරල එයාව සතුටු කරන්න ඔයාට පුළුවන්. ඉක්මනින් ඉවර වෙලා යන්නෙ නැති, හුඟක් වටින තෑග්ගක් නිසා, පුංචි පැලේ ගහක් වුණාමත් එයාට ඔයාව මතක් වෙයි.

සැලෝන් සෙෂන්

සැලෝන් සෙෂන් එකක් රූපලාවන්‍ය ගැන උනන්දු ගෑනු ළමයෙක්ට විශේෂයෙන් තෑගි කරන්න පුළුවන් දෙයක්. වෙන කෙනෙකුට වුණත් තෑග්ගක් විදිහට ස්පා ඩේ එකක්, මසාජ් එකක් බුක් කරල දෙනව කියන්නෙ එච්චරම සුලබ නැති, වෙනස් තෑග්ගක්.

කෑම / පලතුරු / මල්

නෑදෑයන්ගෙ හරි යාළුවෙකුගෙ හරි ගෙදරකට යද්දි ගෙනියන්න හොඳ දේවල් තමයි මේ. ෆෘට් බාස්කට් එකක්, මල් පොකුරක් ගෙදරකට ගෙනියනකොට ලස්සනයි. ගන්න කෙනාගෙ හිත සතුටු වෙනව වගේම දෙන කෙනා ගැන පැහැදීමකුත් ඇති වෙනවා. ඒ වගේම තමන්ම හදපු හෝ හොඳ තැනකින් ගත්ත පුංචි කෑමක් ගෙනියන එකත් ගෙදරකට වටිනවා. උදාහරණයක් විදිහට බ්‍රවුනීස් වගේ ඩෙසට් එකක්, කප්කේක් ටිකක් වගේ දේවල් හඳුන්වන්න පුළුවන්.

ඉතිං හැමෝටම අලුත් අලුත් තෑගි ලබන්න, වෙනස් වෙනස් තෑගි දෙන්න පුළුවන් වෙන සුබ උත්සව සමයක් වේවා!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide