කොරෝනා කාලේ.. මානසික සෞඛ්‍යය යහපත්ව තියාගන්නෙ කොහොමද?.

ජීවිතේ හැම දේ ම අවිනිශ්චිතයි. ඒක දැන දැන ම, දේවල් නිශ්චිතව සිදු වෙයි හෝ නොවෙයි කියලා අපි බලාපොරොත්තු තියාගන්නවා. මිනිස් හිතේ ස්වභාවය එහෙමයි.

ගෙදරින් එළියේ තියෙන අනතුරක් හේතුවෙන් ගේ ඇතුළට ම වෙලා ඉන්න සිද්ධ වෙලා තියන මේ කාලේ, අපි ඕන ම කෙනෙක් ස්ට්‍රෙස් වෙන එක ස්වාභාවිකයි. රජය සහ අනෙකුත් වග කිව යුතු නිලධාරීන් අපේ ශාරීරික සෞඛ්‍යය ගැන ලබා දෙන උපදෙස් පිළිපදින අතරේ ම, අපේ මානසික සෞඛ්‍යය යහපත්ව තියාගන්න එක ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.

ඉතින් මේ දුෂ්කර කාලය ගෙවිල යනකන්, අපේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න අපිට කරන්න පුළුවන් මොනවද? මේ කියන්න  යන්නේ ඒ ගැන..

සමාජයෙන් දුරස් වෙන්න ඕනේ ශාරීරිකව විතරයි

කොරෝනා ව්‍යාප්තිය වළක්වන්න, සමාජ දූරස්ථකරණය හෙවත් සෝෂල් ඩිස්ටන්සිං ක්‍රියාත්මක කරල තියන මේ වෙලාවේ, අපි කවුරුත් අනෙක් අය සමග සම්බන්ධතා පවත්වන්න පැකිළෙනවා. හැබැයි මේ සමාජ දූරස්ථකරණය කරන්න ඕන ශාරීරිකව විතරයි නේ. ඒ නිසා පවුලේ අය, නෑදෑයන්, යාළුවන් සමග තියන ඔබේ හිතවත්කම් මඟ ඇරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතිං පවුලේ අය එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න, පරණ යාළුවෙක්ට දෙන්නෙක්ට කතා කරල බලන්න අමතක කරන්න එපා. දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන දියුණු සන්නිවේදන ක්‍රම එහෙමත් ළඟ ම තියාගෙන හැමෝගෙන් ම ඈත් වෙලා දුකෙන් ඉන්න ඕන නෑනේ..

ආරක්‍ෂිත බව දැනෙන දේවල් කරන්න

රජය විසින් වගේ ම, ලංකාවේ සහ ලෝකයේ ම සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරල තියන, COVID-19 රෝගයෙන් ආරක්ෂා වීමේ ක්‍රම සහ විධි ඔබ අනුගමනය කළ යුතුමයි. ඔබත් ඔබේ පවුලේ අයත් ආරක්‍ෂිත බව හිතට දැනෙන්න ඒවා හරි ම වැදගත්. ඒ විතරක් නෙමෙයි, කොරෝනා රෝගය ගැන අන්තර්ජාලයේ පැතිරෙන වැරදි වැටහීම්වලට හසු නොවී, ඒවා මඟ හරින්නත් කටයුතු කරන්න ඕන.

නිවැරදි තොරතුරු දැනගන්න

COVID-19 රෝගය සහ ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය පියවර ගැන නිවැරදි, නිල තොරතුරු සපයන මූලාශ්‍ර ඇසුරු කරන්න. කලින් කිව්වා වගේ, ඉන්ටනෙට් එකේ හම්බෙන හැම දේ ම විශ්වාස කරන්න යන්න එපා. ලංකාවේ ටීවී චැනල්වලට අයිති නිල ෆේස්බුක් පිටු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය, වොච්ඩෝග් ඇප් එක වගේ මූලාශ්‍රවලින් පහසු එකක් ඇසුරු කරන්න ඔබට පුළුවන්.

නිවැරදි තොරතුරු දැනගන්නවා වගේ ම, ඕනවට වඩා තොරතුරු සෙවීමේ යෙදිල ඉන්නත් එපා. මුළු දවස ම කොරෝනා සම්බන්ධයෙන් ම අවධානය යොමු කරමින් හිටියොත් ඔබ කොහොමටත් ස්ට්‍රෙස් වීමේ හැකියාවක් තියනවා.

උපකල්පනය කරන්න එපා

තොරතුරු හෙවීමට ඇබ්බැහි නොවිය යුතු හේතුව මේකයි. ඉස්සරහට මොනවා වෙයි ද කියන අවිනිශ්චිතකම ගැන හිත හිත ඉන්න එපා. ඒ වගේ ම දැනට තියන තොරතුරු අනුව ඉස්සරහට මෙහෙම වෙයි අරෙහෙම වෙයි කියල උපකල්පනය කරන්න යන්නත් එපා. ඒකෙන් වෙන්නේ මනසේ ආතතිය වැඩි වෙන එක.

වෙනත් දේවල්වලට හිත යොමු කරන්න

වැඩි දෙනෙක් ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කිරීමේ යෙදිල ඉන්න නිසා වැඩ ඉවර කරලා ඉතුරු වෙන කාලය වෙනත් දේවල්වලට යොමු කරන්න පුළුවන්. හැම දා ම කරන්න හිතාගෙන හිටපු, ඒත් වෙලාවක් නැති වුණු සමහර දේවල් හැමෝට ම ඇති. ඒවට අවධානය දෙන්න.

ෆිල්ම් එකක් බලන්න, පොතක් කියවන්න, බ්ලොග් එකක් පටන්ගන්න, ගෙවත්තේ වැඩක් කරන්න, ගෙදර තියන කැඩුණ බිඳුණ දෙයක් අලුත්වැඩියා කරන්න උත්සාහ කරන්න, චිත්‍රයක් අඳින්න, මියුසික් ප්ලේලිස්ට් එක අලුත් කරන්න, සීවී එක අප්ඩේට් කරන්න, ඇඳුම් කබඩ් එක අස් කරන්න, අලුත් කෑමක් හදල බලන්න.. මේ වගේ දේවල්වලින් හිත වෙනතක යොමු කරල ආතතියෙන් මිදෙන්න පුළුවන්. මුකුත් ම කරන්න කම්මැලි නං හොඳට නින්දක් දාන්න!

සෞඛ්‍ය සම්පන්න කෑමබීම

අපි මානසික ආතතියෙන් මිදෙන්න කරන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරුන්ට ස්ට්‍රෙස් වුණාම කෑම පාලනයක් නැතුව යනවා. සමහරුන්ට කන්න ම බැරුව යනවා. කොහොම වුණත් මේ කාලේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගැනීම වැදගත්.

ධනාත්මක පැත්ත

ජීවිතේ යහපත් පැත්ත ගැන අවධානය යොමු කරන්න උත්සාහ කරන්න. ඔබට ආදරේ කරන පවුලේ අය, යාළුවන්, සුරතලුන් ගැන හිතන්න. අපි වැඩිය නොහිතුවත්, මේවා ජීවිතය යහපත් අතට හරවන පුංචි පුංචි දේවල්. අතීතය හෝ අනාගතය ගැන දුක් වෙවී ඉන්නෙ නැතුව මේ මොහොත තුළ ජීවත් වෙමු. අපේ ඇත්ත ජීවිතය අපට මුණගැහෙන්නේ එතැනදියි..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide