කොච්චර සිහි කල්පනාවෙන් වැඩකරනව කිව්වත් පුරුදු වැඩ ටිකට බැස්සාම අපේ කට්ටියට නෑනෙ කිසි ගාණක්. ඔහේ කරගෙන යන වැඩේ අතර මගදි වැරදුනොත් කියනව ''මීටර් අවුට් එකේ බන් හිටියෙ'' කියල. බලන්නකො මීටර් අවුට් එකේ ඉඳන් ඔයාලත් මේ වගේ වැඩ කරනවද කියල. ඒක නෙවෙයි, ආතල් එකටත් එක්ක ඔයාල කරන මේ වගේ වැඩ ටිකකුත් කමෙන්ට් කරමුද ?
1. කුඩේ
වැස්ස දවස්වලට නිතරම අතේ තියෙන එකක් තමයි කුඩේ. හැබැයි ඉතින් ඕක ඉහල ගත්ත කියල අපේ අයට ගාණක් නෑ. මොකද, ටික වෙලාවක් යද්දි ආයෙ සෙට් වෙන්නෙ වැස්සෙ ආතල් එකටමනෙ. එහෙම සෙට් වෙලා පොඩි මනෝ පාරකුත් ගහගෙනම යන්න ආපු තැනට යනව. මනෝ පාරෙ ආතල් එක දෙපිටින් යන්නෙ අදාල තැනට ගොඩ වුනාම.
“හුටා, කුඩෙත් ඉහිල ගෙනම නේද ඉන්නෙ. කවුරුත් දැක්කද දන්නෑ. ලැජ්ජාවෙ බෑ”
2. යතුර
ඔෆිස් එකේ ප්රශ්න, ගෙදර ප්රශ්න ඇරත් ලෝක වැඩ තොගයක්නෙ තියෙන්නෙ අපේ අයට. ඕව ගැන හිත හිතම තමයි වාහනෙත් එළවන්නෙ. කොහොම හරි පරිස්සමට ආවා කියමුකො. මෙලෝ සිහියක් නෑ වාහනෙන් බැස්ස, බෑග් එක ගත්ත, ගියා. වැඩ ඉවර වෙලා යන්න බලද්දි තමයි දන්නෙ යතුර නෑ කියල. මොනවද කතා, පිස්ස වගේ යතුර හොයනව.
කොහේ තියෙන යතුරක්ද මෙහේ ? යතුර, වාහනේ යතුරු කටේනෙ.
3. හෑන්ඩ්ස් ෆ්රී
සිංදුවක් අහගෙන ආතල් එකේ බස් එකේ යනකොට ඔන්න එනව කෑල්ලගෙන් කෝල් එකක්. හෑන්ඩ්ස් ෆ්රී එකේ මයික් එක කට ලඟට අල්ල ගත්තාම ඉතින් පැය ගාණකට බිම තියන්න වෙන්නෙ නෑනෙ. වල් පල් කියව කිවය ඉඳල කෑල්ල ෆොන් එක තියල. සිංදුවත් ආයෙ ප්ලේ වෙනව.
ටික වෙලාවක් ගිහින්; “මේ මොකක්ද මං කරන්නෙ. තාම මයික් එක කට ලඟට අල්ල ගෙන”
4. ස්ටෑන්ඩ් එක
බයිසිකල් තියෙන අය නම් කියපු ගමන් දන්නව. මීටර් අවුට් එකේ බයිසිකලේට නැගල කාපට් පාරෙ යනව, කිසි ගාණක් නෑ. අතුරු පාරකට හරවද්දි තමයි බලන්න ඕන. ගහල තිබුණ ස්ටෑන්ඩ් එක ගැට්ටක වැදිල ''කරස්" සද්දෙ ඇහුනාම කොල්ලගෙ මූණෙ හැඩ.
“මළා, ඒ කියන්නෙ මෙච්චර වෙලා මං පැදල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙනද ?”
5. බස් ටිකට්
ඔන්න මල්ලි, 'බම්බලපිටියෙන්' බස් එකට නගිනව ෆෝන් එක කණේ ගහගෙන බර කෝල් එකක.
''ඔය, පිටිපස්සෙන් නැග්ග අය සල්ලි ගන්න'' කොන්ද ලඟට එනකනුත් කිසි ගාණක් නෑ.
''බම්බලපිටිය'' ඔයා ටිකට් ගන්නව.
''මොකක්'' බලන්න එපැයි කොන්දගෙ මූණ.
''ආ… සොරි සොරි, වැල්ලවත්ත”
“කෙළියයි, නැග්ග හෝල්ට් එක නේද කිව්වෙ. චැහ් කාටවත් ඇහුණද දන්නෑ”
6. ෆේස් බුක්
“ලැප් එක දිග ඇරගෙන පැය ගාණක් ෆේස් බුක් එක කාලා කාලා දැන් කරන්න වැඩකුත් නෑ. පට්ට කම්මැලියි” ගන්නව හෙමිහිට ෆෝන් එක අතට. ඒකෙන්වත් මොනවහරි කරන්න පුළුවන්ද බලන්න.
විනාඩියක් දෙකක් ගියාම; “මෙන්න බොලේ ෆෝන් එකෙනුත් ආයෙ ෆේස් බුක් එකටම ඇවිල්ල. මොකක්ද මං මේ කරන්නෙ”
7. හෙල්මට් එක
“පර්ස් එක ගත්ත”
“ෆෝන් එක ගත්ත”
“කෑම එක බෑග් එකේ”
කොල්ල නැග්ග බයිසිකලේට. “අම්මෙ මං යනෝ…”
“හුටා, හෙල්මට් එක”
“අම්මේ… !”