කොළඹ තදාසන්න නගරයක් වන ශ්‍රී ජයවර්ධන පුර නගරය රාත්‍රී කාලයන්හිදී වීදි විදුලි බුබුළු ආලෝකයෙන් දිදුලමින් ඉතා සිත් ගන්නා සුළු ස්වරූපයක් දැරුවද සතියේ රාජකාරී දිනයන්හි උදෑසන කාලයේ ඊට හාත්පසින්ම වෙනස් කලහකාරී ස්වරූපයක් ගනී. මන්ද යත් ඒ අවට ප්‍රදේශයන්හි වීදි මං මාවත් වැසී යමින් පවත්නා වාහන තද බදය නිසාවෙනි.
පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් දිනපතා රාජකාරී කටයුතු සඳහා පිටත්ව යන මම පසු ගිය සති කිහිපය තුල කරන ලද සමීකෂණයක ප්‍රථිඵලයක් ලෙසින් මෙම වාහන තද බදයට එක්තරා අයුරක පිළියමක් සොයා ගත්තෙමි. එනම් සතියේ ඒ ඒ දිනයන්හිදී වාහන තද බදය පවතින කාල පරාසය මග හැර යාමයි. (මෙය සෑම වෘත්තිකයෙකුටම පොදු විසඳුමක් නොවේ)
පාර්ලිමේන්තු මං සන්ධියෙහි සහ ඊට සම්භන්ධ ප්‍රධාන මාර්ගයන්හි කොළඹ දෙසට වාහන තද බදය පවතින වේලාවන් (ආසන්න වශයෙන්)
සඳුදා | උදෑසන 7.15 – 9.15 |
අඟහරුවාදා | උදෑසන 7.15 – 9.30 |
බදාදා | උදෑසන 7.30 – 9.45 |
බ්‍රහස්පතින්දා | උදෑසන 7.30 – 10.00 |
සිකුරාදා | උදෑසන 7.45 – 10.15 |
සෙනසුරාදා | උදෑසන 7.45 – 9.15 |
(පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හිදී මෙම කාල වේලාවන් වෙනස් වීමට ඉඩ ඇත)