සිංහල අවුරුද්ද කියන්නෙ කොළඹ ඔක්කොමලා ගම්වලට ගිහින් කොළඹ පාරවල් හිස්වෙලා නිකං ‘පෝස්ට් ඇපොකැලිප්ස්’ වගේ තත්ත්වෙකට පත්වෙන කාලයක්. මොකක් හරි හේතුවක් නිසා ඔයා ඉන්නෙ ගමේ යන්න බැරි තත්ත්වයක නම් (සහ ගෙදර උයාගන්න විදියකුත් නැත්නම්), මේ දවස් කීපය කන්න බොන්න හොයාගන්න එක ලේසි නෑ. මොකද අනිත් හැමෝම වගේ ම ගොඩක් කෑම කඩවල අයත් කඩ වහලා ගම්වල නේ.
මේ, ඒ වගේ කොළඹට හිරවුණු කට්ටියට අවුරුදු දවස් ටිකේ පණ ගැටගහගන්න ගයිඩ් එකක්. කවුරු ගමේ ගියත් මේගොල්ලො ටික අවුරුදු දවස් ටිකෙත් වැඩකරනවා, ඔයා වගේ අවුරුදු නැති කට්ටිය වෙනුවෙන්.
Dinemore
ඩයින්මෝ එක ගොඩක් ප්‍රසිද්ධ එයාලගේ සබ්වලට නේ. හැබැයි සබ්වලට අමතර ව බර්ගර්, ෂවර්මා, සැන්විච් වගේ ම බිරියානි වගේ කෑම වර්ග වුණත් මෙයාලා ගාව තියෙනවා. ධර්මපාල මාවත, වැල්ලවත්ත, තර්ස්ටන්, කොහුවල, බත්තරමුල්ල වගේ බ්‍රාන්ච් ඔක්කොම අවුරුදු දවස් ටිකෙත් වැඩ.
Paan Paan
පාන්, බනිස්, කේක් වගේ බේකරි නිෂ්පාදන ඕන එකක් පාන්පාන් එකේ තියෙන බව කවුරුත් දන්නවනේ. ඒ වගේ ම බර්ගර්, සැන්විච්, චපාති, ව්රැප් වගේ ඒවත් මෙයාලා ගාව තියෙනවා. පාන් පාන් එකෙත් හැම බ්‍රාන්ච් එකක් ම අප්‍රේල් 13-14 ඇතුළු අවුරුදු දවස් ටිකෙ ඇරලා තියෙන්නෙ.
The Sandwich Factory
මෙයාලගේ කෑමවලට අපි වැඩි කැමැත්තක් නැතත් මේ වගේ කෝඩ දවස්වලට බඩ පුරවගන්න මෙතනත් නරක නෑ. බර්ගර්, සබ්, සැන්විච් වගේ දේවල් තමයි මෙයාලගෙත් තියෙන්නෙ.
Big Bite
බිග් බයිට් කියන්නෙ කොළඹ තියෙන හොඳම බිරියානි කඩවලින් එකක්. බිරියානිවලට අමතරව ෆ්‍රයිඩ් රයිස්, චපාති, නාන් එහෙමත් බිග් බයිට් එකෙන් ගන්න පුළුවන්. දෙහිවල, ගල්කිස්ස, රාජගිරිය, කොහුවල වගේ හැමතැනම තියෙන බිග් බයිට් බ්‍රාන්ච් අවුරුදු දවස් ටිකේ ම ඇරලා තියෙනවා.
Chanas
චානාස් කියන්නෙත් බිරියානි, චපාති වගේ ඉන්දියන් කෑම තියෙන තැනක්. මේක තියෙන්නෙ වැල්ලවත්තෙ. චානාස් එකත් අවුරුදු දවස් ටිකේ වැඩ.
Pilawoos
පැය 24ම ඇරලා තියෙන කොල්ලුපිටියේ පිලාවුස් එක අවුරුද්දටත් වහන්නෙ නෑ. පිලාවුස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ; අවුරුදු දවස් ටිකේ කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, පරාටා, රොටී, අයිස් මයිලෝ බඩගින්නක් ආවොත් ඉතිං බය වෙන්න දෙයක් නෑ.
මීට අමතර ව කේඑෆ්සී, මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං, පීසා හට්, ඩොමිනෝස්, සබ්වේ වගේ ඉන්ටර්නැෂනල් චේන්වලට අයිති රෙස්ටෝරන්ට් ටික කොහොමත් ඇරලනේ.
ඒ වගේ ම හිල්ටන්, කිංස්බරි වගේ හෝටල්වල රෙස්ටෝරන්ටුත් අවුරුද්දට වහන්නෙ නෑ.
මුකුත් ම නැති වෙලා නූඩ්ල්ස් පැකට් එකක්වත් ගන්න කඩයක් හොයාගන්න බැරිවුණොත් බයවෙන්න දෙයක් නෑ, කීල්ස්, කාර්ගිල්ස් වගේ සුපර් මාර්කටුත් අවුරුදු දවස් ටිකේ ම වැඩ.