මතක ද මැටිල්ඩා? එතකොට චාලි සහ චොකලට් ෆැක්ටරිය? ඒ කතා ලියපු ඩාල් මහත්තය ගැනයි මේ කතාව...

දැන් කොච්චරවත් බිසී වුණාට මොකද පොඩි කාලේ අපි අච්චු පොත්වලට එහා ගිහින් කතා පොත් එහෙමත් කියවන්න වෙලාව හොයාගත්ත හොඳ ළමයි නේ. එහෙම කියවද්දි අපිට හම්බුණ, අමතක කරන්න බැරි චරිත ඉන්නවා. පොත් අතරෙ හැංගිලා ඇවිත් අපේ යාළුවො වුණ මැටිල්ඩා, චොකලට් ෆැක්ටරියට ගිය චාලි එහෙම ඕගොල්ලන්ට මතක ද? ඒ වගේ චරිතවල නිර්මාතෘ තමයි ලෝක ප්‍රකට ලේඛක රෝල්ඩ් ඩාල්. මේ කියන්න යන්නේ අන්න එයා ගැන.

පුංචි කාලේ

20 වෙනි සියවසේ බිහි වුණ හොඳ ම ළමා කතන්දරකරුවන්ගෙන් කෙනෙක් විදිහට සැලකෙන රෝල්ඩ් ඩාල් ඉපදුණේ 1916 සැප්තැම්බර් 13 වෙනිදා වේල්සයේදී. ඔහුගේ දෙමාපියන් නෝර්වේ ජාතික සංක්‍රමණිකයන්. ඩාල් තුන්වෙනි වියේ ඉද්දි ඔහුගේ හත් වියැති අක්කා ඇපෙන්ඩිසයිටිස් හැදිලා මිය ගියා. ඉන් සති කීපයකට පස්සේ ඔහුගේ පියා නිව්මෝනියාව හැදිලා මිය යන්නේ හරි ම අවාසනාවන්ත විදිහට.

ඩාල්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියල ඔහු පුංචි කාලෙදි ම දෙමාපියන් තීරණය කර තිබුණා. ඒ නිසා ම ඔහුව ඇතුළත් කෙරුණේ බෝඩින් ස්කූල් එකකට. කොහොම වුණත් අකැමැත්තෙන් වුණත් ඔහු හොඳින් ඉගෙනගත්තා. පොඩි කාලේ ඔහුගේ ලේඛන හැකියාව අඳුනගන්න කවුරුත් සමත් වුණේ නෑ. ඒ වෙනුවට එක් ගුරුවරයෙක් ඔහුගේ ප්‍රගති වාර්තා පොතේ මෙහෙම ලිව්වා.

“වචනවලින් කියැවෙන අර්ථයට සහමුලින් ම විරුද්ධ අර්ථයක් පළ වෙන විදිහට වචන ලියන මේ වගේ දරුවෙක් මං කවදාවත් දැකල නෑ. ”

ක්‍රිකට්, පාපන්දු, ගොල්ෆ්, ස්කොෂ් වගේ ක්‍රීඩාවලට යොමු වෙලා හිටපු ඩාල් ඡායාරූපකරණයටත් කැමැත්තක් දැක්වුවා. ඒ නිසා ම මේ කාලේ ඔහු යන යන තැන කැමරාවක් අරං යන්න පුරුදු වෙලා හිටියා ලු.

තරුණ කාලේ

පාසලෙන් පස්සේ ඔහු පෙට්‍රෝලියම් කොම්පැනියක සේවයට බැඳුණා. ඉන් පස්සේ 1939 දී, එනම් දෙවැනි ලෝක යුද කාලයේදි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ සේවයට එක් වුණු ඔහු, පසුව හමුදාවේ බුද්ධි අංශයට එක් වුණා. ඒත් හමුදාවේ ඉද්දී සිදු වුණු දරුණු අනතුරක් නිසා ඩාල්ගේ වෘත්තීය ජීවිතයට බාධා පැමිණෙනවා. දිගින් දිගට ම සිදු වෙන රෝගාතුර වීම් නිසයි ඒ.

මේ කාලයේදී ඔහුට ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛකයෙකු වුණු සී.එස්. ෆොරෙස්ටර් මුණගැහෙනවා. ඩාල්ට ලේඛනයට යොමු වෙන්න බලපාන්නේ ඔහුයි. ඩාල් ‘A Piece of Cake’ නමින් තමන් ලියූ සටහන් පොදියක් ඔහු අත තබනවා. මේ ලිපි තොගය කියවපු ෆොරෙස්ටර් මහත්මයා එය පොතක් විදිහට පළ කරන්න කියල ඩාල්ව උනන්දු කරනවා.

ඩාල් විවාහ වෙන්නේ ඇමරිකානු රංගන ශිල්පිනී පැට්‍රීෂියා නීල් එක්ක. ඒ 1953 දී. අවුරුදු 30ක් පැවතුණු මේ විවාහයෙන් ඔහුට දරුවන් පස් දෙනෙකු ඉන්නවා.

ලේඛනයට යොමු වීම

ඩාල් ලේඛකයෙකු බවට පත් වෙන්නේ 1940 දශකයේ. යුද කාලයේ අත්දැකපු සිදුවීම් අළලා ඔහු ලියපු ‘A Piece of Cake’ කියන පොත ‘Shot Down Over Libya’ නමින් ප්‍රකාශයට පත් වෙනවා. ඒ තමයි ඔහුගේ පළවෙනි පොත.

ඩාල් ලියපු මුල් ම ළමා කතා පොත The Gremlins. ඔහුගේ හාස්‍ය මුසු භාෂා භාවිතය දරුවන් ඇද බැඳ ගන්න සමත් වුණු නිසා පසුව ඔහු දිගින් දිගට ම ළමා කතා ලියන්න පෙළඹෙනවා. ඩාල් පාසලේ ඉන්න කාලේ කැඩ්බරි චොකලට් සමාගම චොකලට් පෙට්ටි ඉස්කෝලවලට එවන්න කටයුතු කරලා තියනවා. ඒ දරුවන්ට කියලා චොකලට්වල තත්ත්වය ටෙස්ට් කරලා බලන්න. මේ ඔස්සේ අලුත් චොකලට් වර්ගයක් නිපදවන්න ඩාල්ට ආසාවක් ඇති වුණා ලු. පසු කාලේ චාලි සහ චොකලට් ෆැක්ටරිය පොත ලියන්න ඔහු පෙළඹෙන්න හේතුව හැදෙන්නේ මෙන්න මෙතනින්.

Charlie and the Chocolate Factory, James and the Giant Peach, Matilda, The BFG, Fantastic Mr Fox, The Witches, George’s Marvellous Medicine, The Twits කියන්නේ ඩාල් ලියපු ළමා පොත්වලින් කීපයක්. මීට අමතරව වැඩිහිටියන් සඳහාත් ඔහු ලේඛනයේ යෙදුණත්, ඔහුගේ අනන්‍යතාව හැදුණේ ළමා කතා ලේඛකයෙකු විදිහට. ඔහුගේ ළමා පොත් ලෝකයේ තියන හැම භාෂාවකට ම වගේ පරිවර්තනය වුණා. කොහොම හරි අන්තිමේ තමන්ගේ විශිෂ්ට කතන්දර කීමේ කලාව ඔස්සේ ලෝක ප්‍රසිද්ධ වෙන්න ඩාල්ට පුළුවන් වුණා. 

ගෞරව සම්මාන

රෝල්ඩ් ඩාල්ට 1983 දී ජීවිත කාලයට එක් වරක් පිදෙන ජාත්‍යන්තර ෆැන්ටසි සම්මානය හිමි වුණා. මේ සම්මානය පිදෙන්නේ අදාළ වර්ෂයේ ලියැවුණු හොඳ ම ෆැන්ටසි කෘතියට. 1990 දී බ්‍රිතාන්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳ ම ළමා කතා රචකයා වශයෙනුත් ඩාල් පිදුම් ලැබුවා. 2008 දී ටයිම් සඟරාව ‘1945 පටන් බිහි වුණු විශිෂ්ටතම බ්‍රිතාන්‍ය ලේඛකයන් 50’ ලැයිස්තුවේ 16 වෙනි තැන රෝල්ඩ් ඩාල්ට ලබා දුන්නා.

ඩාල්ගේ ළමා කතාවලින් චිත්‍රපට ගණනාවක් නිර්මාණය වුණා. 1990 දී ද විචස් කතාව චිත්‍රපටයකට නැඟුණා. මැටිල්ඩා සහ ජේම්ස් ඇන්ඩ් ද ජයන්ට් පීච් චිත්‍රපට 1996 දී නිකුත් වුණා. මතකයි නේ කරදරකාර දෙමාපියො හිටපු නුවණක්කාර මැටිල්ඩා? චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි 2005 දී තිරගත වුණා. මේක නං ඉස්සර අපේ ඉස්කෝලේ නිවාඩු කාලෙට ටීවී එකෙත් ගියා. 2009 දී ෆැන්ටෑස්ටික් මිස්ටර් ෆොක්ස් පොත සහ 2016 දී ද බීඑෆ්ජී පොත සිනමාවට නැඟුණා. ඔය බීඑෆ්ජී කියන්නේ බිග් ෆ්‍රෙන්ඩ්ලි ජයන්ට් කියන එක නේ. තඩි වුණත් ආදරේ හිතෙන යෝදයෙක් ගැනයි මේකේ තියෙන්නේ.

දුර්ලභ ලේ පිළිකාවකින් පීඩා විඳපු ඩාල් වයස අවුරුදු 74 දී, ඒ කියන්නේ 1990 නොවැම්බර් 23 දා ඔක්ස්ෆර්ඩ්හිදී මිය ගියා. ඒත් ඔහු ලියල තියල ගිය කතන්දර ගොන්න නම් ළමා ලෝකය තුළ සදාතනිකයි…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide