බම්බ කොල්පිටි පැත්තෙ රවුම් ගහනවද? රු. 500ට වේල් 3 බඩට දාගන්න කියාපු කඩ 6ක්.

මෙදා සැරේ නත්තල් නිවාඩුව කියන්නෙ එසේ මෙසේ නිවාඩුවක් නෙවෙයි. පහුගිය වීක්එන්ඩ් එකෙත් දවස් 3ක්ම සෙට් වුනා. මරු වැඩේ කියන්නෙ මේ වීක්එන්ඩ් එකෙත් දවස් 3ක්ම සෙට් වෙනවනෙ. 30, 31, 1වෙනිදා කියන්නෙ සිකුරුදා, සෙනසුරාදා, ඉරිදා නිසා කට්ටිය ලොකු සැපක් දාන්න ප්ලෑන් කරල ඇත්තෙ. හැරත් ගොඩ දෙනෙක් තම තමන්ගෙ ඉතුරු නිවාඩු ටික දාලා මේ සතියම වගේ රවුම් ගහනව.

ඔය අතරෙ ලෝන්ග් ටුවර් දාන අය තමයි ගොඩ දෙනෙක් ඉන්නෙ. ඒ වුනාට මොකද, කෙල්ලත් එක්ක හරි යාළුවොත් එක්ක හරි සෙට් වෙලා කොළඹ පැත්තෙ රවුම් ගහන යාළුවොත් නැතුවම නෙවෙයි. වැඩේ තියෙන්නෙ කොළඹ පැත්තෙ රවුම් ගහන එකේ නෙවෙයි, රවුම් ගහල ගෙදර යද්දි පොකට් එකේ ඉතුරු වෙලා තියෙන ගාණ ගැන. මොකද අපේ රවි මාමාගෙ පරිකල්පන මෙව්ව එක නිසා අද වෙද්දි අපි ගොඩ දෙනෙක්ගෙ ජීවන වියදම ඉතාමත්ම ඉහළ අගයක් වෙලානෙ.

කොහොම වුනත් අපේ යාළුවන්ගෙ වියදම පොඩ්ඩක් හරි අඩු කර ගන්න ක්‍රම සම්පාදනය කරන එක අපේ යුතුකම. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ ඒකට පොඩි ක්‍රමයක් දෙකක් ඔයාලට කියන්න.

ඇඳුම් ආයිත්තම්, අනිත් වියදම් අපිට අඩු කරන්න බැරි වුනාට අවුලක් ගන්න කාරි නෑ යාළුවනේ, වියදම් අඩු කරගමු කෑම බීම වලින්. එහෙමයි කියල අපි මේ කියන්න සවුත්තු කඩ වලින් කෑම කන්න කියල නෙවෙයි. අඩු ගාණට, කටට රසට කන්න පුලුවන් මෙන්න මේ වගේ කඩ වලින් කන්න කියල.

1. Saraswathie Lodge

මස් මාළු කන අයට නම් ඕන තරම් කඩ තියෙන නිසා අපි හිතුවා ඉස් ඉස්සෙල්ලාම වෙජිටේරියන්ස්ලට කඩයක් කියන්න. බම්බ ගාලු පාරෙ සරස්වතී ලොජ් එක, පට්ට රස රයිස් ඇන්ඩ් කරි කන්න විතරක් නෙවෙයි සුපිරි එළවළු නාසි එකක් කන්නත් කියාපු තැන. රු. 250ක් 300ක් වෙන්නෙ. ළූණු කොළ, කැරට්, ගෝවා හැරුණාම මාළු මිරිස්, වට්ටක්කා වගේ එළවළු ජාතිත් දෙක තුනක් එකතු කරල හදන නිසා රස පංකාදු පහයි. සරස්වතී ලොජ් එකේ තෝසේ, වඩේ ගැනත් අමුතුවෙන් දෙයක් නෑ. කෑවොත් එක පාරක් අනිවා ගොඩ වෙනව හැමදාමත්. ඒක නෙවෙයි, මෙයාලගෙ ඉඳි ආප්ප, කිරි හොදි උදේ කෑම වේලත් නියමෙටම නියමයි ආ…

2. Hotel de Pilawoos

පැය 24ම වගේ ඇරල තියෙන පිලාවූස් වලත් කටට රහට කන්න පුලුවන් උදේ කෑම වේල් තියෙනව. හැබැයි වියදම නම් රු. 200න් එහා පැත්තෙ. මොකද මෙයාලගෙ අල, පරිප්පු කරි ටිකක් ගණන්. ඒ වුනාට රස සුපිරි. රස පදමට කිරි දාලා හදපු පරිප්පු කරියත් එක්ක මිරිස් හොදි ටිකකුත් ගලප ගත්ත නම් පාන් ගෙඩියකට වුනත් වග කියන්න පුලුවන් තරම් රසයි. ඒ විතරක් නෙවෙයි ඉඳි ආප්ප, පරාටා, පිට්ටු එක්කත් නැගල යනව. හැබැයි පිලා එකේ කිරි මාලු තියෙනවද කියල නම් අපිත් හරියටම දන්නෙ නෑ.

බඩ පැලෙන්න උදේට කාලා රවුම දාගෙන යද්දි අතර මගදි සෙට් වෙන්නෙ තිබහ. වතුර කොහොමත් බොන එකේ බොමුද සීතල ජූස් වීදුරුවක්.

3. Chinese Dragon Cafe

නාසි නම් අන්න නාසි, කියන්න තරම් රස නාසිගුරාන් එකක් තමයි බම්බ මිලාගිරිය ඇවනියු එකේ තියෙන චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ තියෙන්නෙ. ගාණ නම් රු. 400ක් විතර වෙනව. ඒ වුනාට, ඒ ගාණට ඔරිජිනල්ම නාසි එකක් කන්න අමාරුයිනෙ. කුළු බඩු, සෝස් ටික නියම පදමට වැටිලා හැදෙන බත් එක තමයි මරු. කැරට්, ගෝවා, ළූණු කොළත් අඩු නැතුව තියෙනව. බුල්සායි එකත් ලුණු චුට්ටක් එහෙම දාලා රස කරල තියෙන්නෙ. ලොකු බාබකියු චිකන් කෑල්ලකුත් තියෙන නිසා හිතේ සතුටින් කන්න පුළුවන්.

4. Bath Amma

අපේ රහට බත් වේලකින් බඩ කට පුරව ගන්නව නම් ඉතින් බම්බ එම්. සී. ඉස්සරහ ‘බත් අම්මා’ එක තමයි. 'ගෙදර හදනව වගේ' නෙවෙයි ඇත්තටම ගෙදර හදන බත් වේලක් රස බලන්න කියාපු තැන. ලොකු ගාණකුත් නෑ. උපරිම වුනොත් රු. 250ක් වෙයි. කටට රහට වගේම හොඳ සැරට හැදෙන බත් අම්මගෙ බත් පිඟානට එළවළු ජාති 4ක්ම එකතු වෙනව. ඒ විතරක් නෙවෙයි, කට ගැස්මට බැදපු මිරිස්, පපඩම් එහෙමත් තියෙනව. බත් එකේ රස දෙගුණ තෙගුණ වෙන්නෙ මස් හරි මාළු හරි කරියෙන් තමයි. කැමති කෙනෙක්ට ඉස්සො, දැල්ලො වුනත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මොනව කරන්නත් දවල් 2ට කලින් යන්න වෙනව.

බත් කාලා ඉවර වුනාට පස්සෙ ඩෙසට් එකකුත් රස බලන්න එපැයි.

කොහොමත් ඔය රවුම ගහල ඉවර වෙද්දි හැන්දෑ වෙනවනෙ. ඊට පස්සෙ අතින් පාර්ක් කරන්න වෙන්නෙ රෑ කෑමට තමයි

5. Cafe On The 5th

කොළඹ පැත්තතෙ තියන ශ්‍රී ලංකන් චයිනීස් කඩ අතරෙ පොකට් එකට වාසි ගාණකට බඩ පැලෙන්න කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන් කඩයක්නෙ කොල්ලුපිටියෙ කැෆේ ඔන්ද ෆිෆ්ත් එක. ඒ වාසි ගාණටම කටට රහට ආප්ප, බිත්තර ආප්ප කන්නත් මෙතනට යන ඔයාට පුළුවන්. මෙයාලගෙ ලුණු මිරිස තමයි පට්ටම. ගෙදර හදන තරම් නැති වුනත් සාමාන්‍ය මට්ටමේ කිරි රහට හැදෙන කැෆේ ඔන්ද ෆිෆ්ත් එකේ උණු උණු ප්ලේන් ආප්පවලට වග කියන්න මේ ලුණු මිරිස දෙන්නෙ මාර සපෝට් එකක්. ප්ලෙන් ආප්පයක් රු. 20ක් විතර වෙන්නෙ. බිත්තර ආප්පයකුත් රු. 40ක් වගේ නිසා හිතේ හැටියට කන්නත් පුළුවන්.

හිතන්නකො රවුම ගහල ඉවර වෙද්දි පට්ට රෑ වුනා කියල.

6. Nana’s

එහෙනම් ඉතින් ගෝල් ෆේස් වල නානගෙ කඩ ටික තමයි. ටිකක් හයි ෆයි විදියට නිවිහැනහිල්ලෙ ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න කියාපු තැන. මුහුදු හුලං පාරක් වැදි වැදි සුව පහසුව වාඩි වෙලා උණු උණු කොත්තු, රයිස්, නූඩ්ල්ස් විශේෂයෙන්ම ඉස්සො වඩේ වගේ කෑම රස බලන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි කටට සැරට ඩෙවිල් දාපු, බාබකියු දාපු මස් එක්ක හරි සුපිරි මස් හොද්දක් එක්ක හරි රොටි කන්නත් නානාස් එක මරු. කොහොම වුනත් හායි හූයි ගෑවෙන තරමට රස ස්ට්‍රීට් ෆුඩ් රස බලල මතක ඇතුව උණු උණු කිරි තේ එකකුත් බොන්න ඕන හොඳද.

දැන් ඉතින් මොනව කරන්නත් මෙච්චරයි තියෙන්නෙ කියල මේ කඩම හොයාගෙන යන්න කියල එකක් නෑ. මේ වගේම තවත් කඩ සෙට් එකක් අපි හෙටත් ඔයාලට කියනව. ඔහොම ටිකක් ඉන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide