හයිලෙවල් පාරේ දෙල්කඳ හන්දිය මැද ඇති මේ යෝධ වල මාස හයක පමණ සිට එම පෙදෙසෙහි ජීවත්වන, එතැනින් යන එන ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිතවලට බාධාවක් වෙමින් තිබේ. හයිලෙවල් පාර හෙවත් A 4 මාර්ගය කොළඹ ප්‍රධානතම මාර්ග අතරින් එකකි. අධික ජනගහණයක් ඇති නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම වැනි උපකාගරික ප්‍රදේශ හරහා දිවෙන හයිලෙවල් පාර E 1 කොට්ටාව – ගාල්ල අධිවේගී මාර්ගයටද යාවේ.
එතරම් වැදගත් මාර්ගයක් මැද මාස හයක් තිස්සේ දැවැන්ත වලකි. මංතීරු දෙකක් හරහා හෑරී තිබෙන මේ වල හේතුවෙන් ඇති වන මාර්ග තදබදය සුළුපටු එකක් නොවේ.
එය ආරම්භ වුණේ සමස්ත හයිලෙවල් පාරම මංතීරු දෙකක සිට මංතීරු හතරක් දක්වා පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් සමගයි. මේ පුළුල් කිරීම වේගවත්ව සිදුවූමුත්, මංතීරු දෙකේ බෝතල් කරක් වැනි වූ දෙල්කඳ බෝක්කුව පුළුල් කිරීම දිගින් දිගටම පමාවෙමින් තිබේ. ගිය අවුරුද්දේ මැදහරියේ පමණ මාර්ග සංවර්ධන අධිකාරිය මේ කාර්යයට අතගැසුවේය. එහෙත්, මාස හයක් දිවා රෑ වැඩකිරීමෙන් පසුවත් තවමත් දෙල්කඳ හන්දියේ හයිලෙවල් පාර මැද මංතීරු දෙකක දැවැන්ත වලකි.
මම මෙවැනි පාලමක් ඉදිකිරීම සඳහා ගතවිය යුතු මාස ගණන හරියටම දන්නා ඉංජිනේරුවකු නොවුණත්, මා පුදුම වන්නේ ජපානය මුහුදේ කිලෝමීටර් ගනන් දිග පාලම් ඉදිකරන්නේ කෙසේද යන්න ගැනයි. දෙල්කඳ හන්දිය හරහා හැමදාම ගමන් කරන කවුරුත් මෙන් මාද දකින දෙයක් වන්නේ ඔවුන්ගේ මුල් ප්‍රයත්නය හැමදාමත් අසාර්ථක වන බවයි. එක් අවස්ථාවකදී සියල්ල බිඳවැටුණා සේ පෙනේ. රටේ මාර්ග සංවර්ධන අධිකාරිය හා දැයේ ඉංජිනේරුවෝ මීටර් දහයේ පාලමක් අසල දන බිම ඇනගන්නා හැටි දකින කල රටේ ආර්ථක අනාගතය පිළිබඳ බරපතල සැකසංකා ඇති වේ. පුංචි දියකඩිත්තක් හරහා පාලමක් බඳින්නට මාස හයක් ගත වේනම් උමං දුම්රිය මාර්ග පද්ධතියක් හෝ හොඳ මහාමාර්ගයක් විදේශ ආධාර හෝ ඉංජිනේරු සහාය නැතිව ඉදිකිරීම ගැන හිතන්නටවත් නොහැකිය.
කෙසේ වෙතත්, දැන්නම් මේ මහා කරදරයේ අවසානයක් දැකීමේ සේයාවක් දකින්නට ලැබීම ප්‍රීතියට කරුණකි. දැන් එහි කොංක්‍රීට් පයිලන් අතුරා තිබේ. තව ටික කලකින් හයිලෙවල් පාරේ යන එනවාහනවලට බාධාවකින් තොරව මංතීරු හතරේම ගමන් කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.
දෙල්කඳ බෝක්කුව මෙහෙමනම් අලුතින් කැලනි පාලමක් එහෙම හදන්නට ගත්තොත් කොහොම වේවිද?