බදුත් එක්කම රු. 15,000කට අඩු මුදලකට දැන් ඔබට සිංගප්පූරුව‍ට ගොස් ආපසු එන්න පුළුවන්. මේක ඇත්තෙන්ම ජීවිතය වෙනස් කරන කාරණයක්. ලාංකිකයකු‍ට වීසා නැතිව යන්න පුළුවන් මේ මිහිපිට තිබෙන ලෝකයේ තිබෙන එකම ර‍ට සිංප්පූරුවයි.
ඒ රට ගැන ඔබේ හැඟීම් කොහොම වුණත්, ඒ රට ලෝකය සමග හොඳින් බැඳුණු එකක්. ඉතින් ඔබ එහි ගියාම ඔබට පුළුවන් මුළු අග්නිදිග ආසියාවම එක්ක පහසුවෙන් සම්බන්ධ වන්න. බුරුමයට අඩු වියදම් ගුවන් සේවා. ඉන්දුනීසියාවට මුහුදු යාත්‍රා. මැලේ සියාවට හා තායිලන්තයට බස්. ගමන් බිමන් යන්නත් ව්‍යාපාර කරන්නත් ලෝකයක්ම ඔබ ඉදිරියේ විවෘත වෙලා.

එහි සිට ලෝකයේ විවිධ තැන්වලට විශ්වාස කළ නොහැකි අන්දමේ ගුවන් ගමන් මිළ ගණන් පිරිනැමෙනවා. ලන්ඩනයට රු. 60,000යි. මෙල්බෝනයට ඊටත් අඩුවෙන්. කෙසේ වෙතත්, මේ මිළ ගණන්වලට බදු ඇතුළත් වන්නේ නැහැ. සමහර ගුවන් සේවාවන් විසින් පිරිනමන ගුවන් ගමන්වලදී වෙහෙසකර හුවමාරුවීම් එහෙමත් තිබෙනවා. ඉතින් කොහොමද, ටයිගර් එයාවේස් වෙනස් වන්නේ?

පසුගිය වසර තුළ මම පස්වරක්ම ටයිගර් එයාවේස් ගුවන් යානාවලින් සිංගප්පූරුවට ගොස් පැමිණියා. මගේ අත්දැකීම මෙයයි. ඔවුන්ගේ මිළ ගණන් ඇත්ත. ඔබට නවීන, කාර්යක්ෂම, සුවපහසු ගුවන් යානයකින් සේවාව ලබාගන්න පුළුවන්. රු. 15,000 ටිකට් පත් ලබාගන්න නම් ඔබ සති දෙක තුනක‍ට කලින් ආසන වෙන් කර ගත යුතුයි. සාමාන්‍යයෙන් මම කරනවා වගේ අවසන් මිනින්තුවේදී කළත් ඔබේ ‍ටිකට් පත රු. 25,000ට වඩා මිළෙන් අඩුයි.

ඊළඟට අඩුම මිළ ටිකට් සපයන ශ්‍රී ලංකන්ගේ ගිහින් ආපසු එන ටිකට් පතක මිළ රු. 45,000යි. ලොකු වෙනසක්. ටයිගර් එයාවේස් ගුවන් සේවාව ඇති හැකි නොවන සාමාන්‍ය මිනිස්සුන්ටත් සිගප්පූරුව හා ගිනිකොණදිග ආසියාව විවෘත කර දෙනවා.
ඔබ ගෙවන්නේ අඩු මිළක් වුණත්, ඔබට ඇත්තෙන්ම විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීමක් ලැබෙනවා. ගුවන් තොටුපලට පිවිසීම හා ගුවන් යානයට නැගීම ඉක්මන්. සේවාවන් විනීතයි; කාර්යක්ෂමයි. මගේ ගුවන් ගමන් හැම එකක්ම කලට වේලාවට සිදු වුණා. යානය තුළදී ඔබට ඔබේ කෑම බීම වෙනුවෙන් ගෙවන්න සිදු වෙනවා. හැබැයි ඉතින් පැය තුනක ගුවන් ගමනකදී කාටද කන්න ඕනැ? ගුවන් යානය විසින් විනෝදාස්වාද සේවාවන් සපයන්නේ නැහැ. නැවතත් කියනවානම්, පැය තුනක ගුවන් ගමනකදී ඔබට පුළුවන් එක්කෝ පොතක් කියවන්න‍; නැතිනම් ලැප්ටොප් එකක්‍‍ ගෙනයන්න.

සෝබනයනැහැ වගේම, මෙම ගුවන් සේවාවේ දුෂ්කරතාත් නැහැ. ඕනෑම ගුවන් යානයක අඩු මිළ පංතියේ තිබෙන, සාඩින් ටින් එකක් තුළ සේ තදබද ලෙස අසුරා තිබෙන ආසන වගේම තමයි, මෙහි ආසනත්. ඒවා පොඩි නැහැ. ගුවන් යානා අලුත්. ඒ නිසා ආරක්ෂිතයි. ඔබේ අඩු මිළ ටිකට් පත යටතේ ඔබට කිලෝ දහයක ගමන් බඩු ගෙන යන්නත් පුළුවන්. කෙටි ගමනකට ඕනෑවටත් වඩා වැඩියි.

තවත් වැදගත් කාරණයක් තමයි, ටයිගර් එයාවේස්හි අන්තර්ජාලය හරහා ගුවන් තොටුපලේ ලියාපදිංචි වීමේ සේවාව එයා ඒෂියාට වඩා පාවිච්චිය පහසුයි. (එයා ඒෂියා දැන් ලංකාවට ගුවන් ගමන් නවත්වලා.) පිටත් වන හා පැමිනෙන වේලාවන් ඒ තරම් හොඳ නැති වුණත්, ඔබට කොළඹින් මධ්‍යම රාත්‍රියේ පි‍ටත් වෙලා, නින්දක් නිදාගෙන ගිහින්, උදය සුපිපුණු මලක් වගේ පාන්දර පහෙන් පසු සිංගප්පූරුවට ගොඩබහින්න පුළුවන්.

මෙය ඉතා සුමුදු අත්දැකීමක්. ගෝලීයකරණය වූ සිංගප්පූරුවට මෙතරම් ඉක්මණින්, පහසුවෙන් හා ලාබෙට යන්න ලැබෙන එක වාසනාවක්. එයා ඒෂියා නැති නිසා දැන් සිංගප්පූරුවට තිබෙන ලාභදායී සම්බන්ධතා පුරුක තමයි, ටයිගර් එයාවේස්. අවංකව කීවොත්, මෙය රු. 12,000ක ඉන්ධන දවමින්, පැය හතරක්, පහක් තිස්සේ නුවරඑළි යනවාට වඩා ලාභයි වගේ. අපි මේ ගුවන් සේවාව ඉහළින්ම නිර්දේශ කරනවා.

මතක තබා ගන්න, හැම අඩු මිළ ගුවන් සේවාවක වගේම මෙහිත් බර බෑග් ගෙන ගියොත් හෝ ආහාර, බ්ලැන්කට්ටු ආදිය ඇණවුම් කළොත් මිළ වැඩි වෙනවා. ඒ නිසා බර අඩු බෑගයක් අසුරාගෙන, ගුවන්ගත වෙන්න පෙර බඩ පිරෙන්න කාලා, තමන්ගේම බ්ලැන්කට්ටුවකුත් අරගෙන යනවානම් සැබැවින්ම මිළ අඩුයි. කිලෝමීටර් 2000ක් දුර සිංගප්පූරුවටම රු. 15,000ක් වෙද්දී, කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කටුනායක ගුවන් තොටුපළට යන්න රු. 2500ක් ගෙවන එක මිළ වැඩියි වගේ දැනෙනවානම් ගුවන් තොටුපල බසයෙන් යන්න. චැංගි ගුවන් තොටුපළේ ඉඳලා උමං දුම්රියෙන් යන්න පුළුවන්.

ඉහත තිර රූපය www.tigerairways.com වෙතිනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide