කොළඹදී පීසා ඇණවුම් කිරීමේදී එතරම් පුළුල් පරාසයක තෝරාගැනීම් නැහැ. තෝරාගැනීම තිබෙන්නේ පීසා හෝ චීන කෑම අතරයි.
පීසා හොඳයි. ලාංකික චීන කෑම සම්ප්‍රදායිකයි.
කොළඹ පීසා ගැන කතා කරන විට පැහැදිලි බල කඳවුරු දෙකක් සිහියට එනවා. මහා පරිමාණයෙන් පීසා හදන ඒ ලොකු තැන් දෙක තමයි, ඩොමිනෝස් හා පීසා හට්. වඩා කලාත්මක, හැපෙනසුළු මතුපිට සහිත පීසා හාපෝස්, රොකෝස් හා මයිකල්ඇන්ජලෝ වගේ තැන්වලින් ගන්න පුළුවන්. අපි මේ පසුව කී තැන්වලට වැඩි කැමැත්තක් දැක්වුවත්, ඇතැම්විට ඒවායේ මිළ වැඩි වන්නට පුළුවන්. සමහර වෙලාවට ඒ තැන්වලින් ඇණවුම් කරන්න බැහැ. රොකෝස් හා මයිකල්ඇන්ජිලෝ විවෘතව ඇත්තේ සවස පහෙන් පසුවයි.
පීසා හට් පීසා හොඳම ඒවා නොවුණත්, තවමත් කොළඹ වැසියන්ගේ ප්‍රියතම තැන එතැනයි.
ඉතින් ඇණවුම් කරනවා නම්, මෙන්න කොළඹ පීසා ගෙනැවිත් දීමේ සේවා ගැන පුංචි මග පෙන්වීමක්.
හාපෝස් – Harpo’s
0114 869 000
ගෙදරට පීසා ගෙන්වා ගැනීම සඳහා අපේ ප්රමුඛ තේරීමක් තමයි, හාපෝස්. රොකෝස් හා මයිකල්ඇන්ජිලෝ හොඳ තැන්වුණත්, ඒවා විවෘත වන්නේ සවස පහෙන් පසුවයි. හාපෝස් සතුව පුළුල් මෙනුවක් තිබෙනවා. මතුපිට ඇතුරුම් ද විශිෂ්ටයි. ඔවුන්ගේ ගෙදරට ගෙනැවිත් දීමේ සේවාවත් විශ්වසනීයයි. ඔවුන් බැටළු මස්, ඉස්සන් සැලමි, අව්වේ වේලූ තක්කාලි, රිකෝටා ආදී පීසා පිරිනමනවා. එතැනට ඇමතුමක් දෙන්න වටිනවා.
අඟල් 9 පීසා මිළ රු. 1000 සිට රු.1400 දක්වා වෙනවා. අඟල් 12 රු. 1200 සිට රු. 1800 දක්වා වෙනවා. ඔවුන් අඟල් 18 පවුල් ප්‍රමාණයේ පීසාත් සපයනවා, රු. 3000 සිට 4800 දක්වා මිළට.
කැෆේ මයිකල්ඇන්ජිලෝ – Caffe Michaelangelo
0114 377 607
කැෆේ මයිකල්ඇන්ජිලෝ විශිෂ්ට තැනක්. ඔවුන්ගේ මෙනුව රොකෝස්හි මෙනුව තරම් කුහුල දනවනසුළු නැහැ. පාමා හැම්, ඉතාලියානු සැලමි, චොරිකෝ මෙන්ම සියලු ඌරුමස් පීසා වර්ග මෙහි අලෙවි නොවුණත්, ඔවුන් අලෙවි කරන පීසානම් දරවලින් පිසින ලද මට්ටමේ විශිෂ්ටත්වයෙන් යුක්තයි. පදනම තුනීයි. මතුපිට පොත්ත කැඩෙනසුළුයි. මතුපිට දැවටුම් ඇති තරම් තිබෙනවා. ඒවා හොඳින් විහිදුවලා.
අඟල් 9 මිළ රු. 700 සිට 1600 දක්වා. අඟල් 12 රු. 1200යි.
රොකෝස් – Rocco’s
0722 012 121
මම අහලා තිබෙන හැටියට රොකෝස් ඉතා හොඳයි. අපි කාලා බැලුවේ බේකන් පමණයි. ඒ පීසාව නම් එතරම් ම හොඳ නැහැ. ඒත්, ඔවුන්ගේ අනෙකුත් පීසානම් විශිෂ්ට විය යුතුයි. හාපෝස් හා මයිකල්ඇන්ජිලෝ වගේ ඔවුනුත් පාමා හැම්, අව්වේ වේලූ තක්කාලි, රිකෝටා වැනි විස්’මිත දේ භාවිතා කරනවා. ඒත්, කණගාටුවට කරුණ තමයි, ඔවුන් විවෘත වන්නේ සවස පහෙන් පසුව වීම. රෑ කෑමට පීසා කන්න කැමතිනම් කදිම තැනක්.
මිළ රු. 1000 පමණ සිට රු. 1600 දක්වා වෙනවා.
ඩොමිනෝස් – Domino’s
0117 777 888
ශ්‍රේෂ්ඨ වන්නේ ඩොමිනෝස් ද පීසා හට් ද කියන විවාදයේදී මම නම් ගන්නේ ඩොමිනෝස් පැත්තයි. එයට විද්‍යාත්මක හේතුවක් නැහැ. පෞද්ගලික කැමැත්තක් විතරයි. රසයන්ගෙන් හා ගෙදරට ගෙනැවිත් දීමේ සේවාවේ කාර්යක්ෂමතාව අතින් ඔවුන් දෙගොල්ලම එකයි. ඒත්, ඩොමිනෝස් පිරිනමන මෘදු, ඇලෙනසුළු චීස් සහිත සුදුළූනු පාන් නිසා මම ඔවුන්ගේ කැල්සෝන් එකට පක්ෂයි.
මිළ කුඩා පීසාවකට රු. 400 පමණ සිට ලොකු එකක් රු. 1400 දක්වා වෙනස් වෙනවා.
පීසා හට් – Pizza Hut
0112 729 729
පීසා හට්හි සේවාව පහසු කරලා. ඇප් එකක් භාවිතා කර පවා ඔවුන්ගේ පීසා ඇණවුම් කරන්න පුළුවන්. වෙජස් වගේම චොකලට් ලාවා කේකුත් හොඳයි. මෙවැනි , නාමකීර්ති හෙවත් ෆ්‍රැන්චයිස් ආයතනයකින් බලාපොරොත්තු විය හැකිමට්ටමේ සේවාවක් පීසා හට් වෙතින් ලැබෙනවා. ලොකු, රසවත් හා කාටත් එක බඳු වූ පීසා. හැබැයි, විටෙක එය ටිකක් හයිය බලාපොරොත්තු සුන් කරනසුළු දෙයක්. ඒත්, බොහෝ දෙනෙක් ඒවාට කැමතියි.
මිළ කුඩා පීසාවකට රු. 400 පමණ සිට ලොකු එකක් රු. 1400 දක්වා වෙනස් වෙනවා.