මේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ නැව්තොට කුටියේ කුඩා තරාසය (terrace) මත සිට බැලූ විට පෙනෙන දසුනකි. එය සමහරවිට කොළඹ හොඳම දර්ශනය විය හැකියි. අපට ඊට වඩා හොඳ එකක් සිතිය නොහැකිය. හිරු බැස යන විට ගාලු මුවදොර තණ පලස මනස්කාන්තය. වරාය අධිකාරිය ඉහළින් ඇති මේ කුඩා මහල්තලයේ සිට තරම් හොඳින් කොළඹ නාගරිකත්වය, ඉතිහාසය සහ සයුරුතෙර ලක්ෂණය නෙතට හසු කර ගත හැකි වෙනත් තැනක් නැත.
රසවත් කරුණක් වන්නේ මේ දර්ශනය දකුණු පැත්තෙන් පිටකොටුව දෙසට හා වඩාත් ඈතින් පිහිටි කොටහේන, මෝදර, මට්ටක්කුලිය දෙසටද විහිදීමයි. මුල් කාලයේ කොළඹ නගරයේ හදවත තිබුණේ මේ පැත්තේය. නිදසුනක් ලෙස මුල් ශාන්ත තෝමස් විද්‍යාලය තිබුණේ මෝදරයි. පසුව ප්‍රභූ පිරිස් දකුණු දෙසට චලනය වූ අතර බොහෝ දෙනෙක් කොළඹ ලෙස සලකන දෙයෙහි වර්තමාන මධ්‍යය වන්නේ කොල්ලුපිටියයි. ඇත්තෙන්ම, බොහෝ ඉහළ හා මධ්‍යම පංතික කොළඹවාසීන්ට උතුර මකරුන් සිටින පෙදෙසකි.
වසර පහක් තරම් මෑතදී ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යුද පිරික්සුම් ස්ථාන රැසකට ඔබ්බෙන් පිහිටි සැඟවුණු මැණිකකි. දැන් කොළඹ යළි විවෘත වෙමින් ඇති අතර අලුත් හා යළි කලඑළි නම් කරන ලද රාත්‍රී සමාජශාලා සංස්තෘතියක් විවෘත වෙමින් තිබේ. නැව්තොට කුටිය තවමත් හුදු අතීතාවර්ජයකි. එය විශාලය. රසබර සංගීතයෙන් යුක්තය. එහි වේටර්වරු හා වරියෝ ඇඳ සිටින්නේ නාවිකයන් සේය. රු. 600ක් ගෙවිය යුතු ජින් සහ ලයිම් සෝඩා වෙනුවෙන් එය ලාභදායී තැනක් නොවේ. එහෙත්, එය කොළඹ හොඳම දර්ශනය ඇති තැන විය හැකිය.