දවසක් අපි අපේ ප්‍රියතම කොපිහලට ගොඩවුණේ ඔවුන්ගේ රසබර බ්‍රව්නීස් නොකා ඉන්නම බැරි වූ නිසායි.
හොඳ පුවත තමයි, ඔවුන් අපේ උපදෙස්වලට සවන් දී අලුත් වායුසමීකරණ යන්ත්‍රයක් සවිකරලා. එයින් ලොකු වෙනසක් වෙලා. නරක පුවත තමයි, රු. 125ක් වූ බ්රව්නිය ටිකක් බලාපොරොත්තු සුන්කරනසුළුයි. මම හිතන්නේ ඒවා අලුත්. කාට වුණත් ඉතින් හැමදාම එකම වගේ වෙන්න බැහැනේ.
අපූරුම ප්‍රවෘත්තිය තමයි, ඔවුන් ආරම්භ කර තිබෙනවා ඉහළම මට්ටමේ සීයට හැත්තෑවේ කෙකෝවා කුට්ටි චොකලට් නිපදවන්න, දේශීය කොකෝවා ඇට භාවිතා කරමින්. කිව යුතු විශේෂම කරුණ තමයි, ඒවා අතිශය ප්‍රණීත රසයෙන් යුක්තයි. ඒවා වෙනත් ඕනෑම අධි කොකෝවා සාන්ද්‍රණයකින් යුත් කළු චොකලට් වගේ තියුණු රසයෙන් යුක්තයි. හැබැයි, ඇතිතරම් පැණි රසත්, අපූරු බාහිර රටාවකුත් එහි තිබෙනවා. ඇත්තම කීවොත් දේශීයව නිපදවූ බව විශ්වාස කරන්නත් අමාරුයි. මම කෑවේ මගේ කැපූසිනෝ කෝපි කෝප්පයත් සමග නොමිළේ ලැබුණු පුංචි පෙති දෙක විතරයි. ඒත් 70% කොකෝවා ලින්ට්වලට වඩා මට එය රසවත් වුණා. ලින්ට් නම් කවදාවත් එතරම් රසවත් වෙලා නැහැ. මට මතක් වුණා, Valrhona සහ ඉහළ මට්ටමේ අතින් සකසන ලද El Rey සහ Amedei කළු චොකලට්.
එය ඉතා සුළු රසබැලීමක් පමණයි. ඒත් මා සිතන්නේ හන්සා දේශීය කෝපිවලට දුන් නව අරුත දේශීය චොකලට්වලටත් දෙන්නයි යන්නේ.