කොළඹ වෙළඳසල් බොහොමයක පාරිභෝගික සේවා කාර්ය මණ්ඩල වල අදහස තමයි නිශ්ශබ්දව පාරිභෝගිකයා පසුපස යාම හා බලාසිටීම හොඳ දෙයක්ය කියන එක. නැහැ. ඒක නරකයි. ඒ වගේම විකාරයක්. කවුරුහරි ඔබ දිහා බලාගෙන ඉන්නකොට දැනෙන අපහසුව ඔබ දන්නවනේ.
අපි ළඟදී ගියා ලෙදර් කලෙක්ෂන් වෙත. කළමනාකරුවා පටන් ගත්තා අඩි පහක් පිටුපසින් අප පසුපස එන්න. ඔවුන් අඩුගානේ ඔබව සුහදව පිළිගන්නේවත් නැහැ. පස්සෙන් එන්නේ හරියට අපරාධකරුවකු පිටුපස එන පොලිසිය වගේ. මේ නම් වෙළඳසලක් පවත්වාගෙන යන්න හොඳ ක්‍රමයක් නොවෙයි. එය මානුෂික නැහැ.
පාරිභෝගික සේවාව කියන්නේ මෙය කියලායි සේවකයන් සිතන්නේ. ඒත්, එය නිසා සිදුවන්නේ ගනුදෙනුකරුවන් ආපසු හැරී යන එක.
පසුගිය දිනෙක අපේ ශ්‍රැති කූල් ප්ලැනට් ගිය වෙලාවේ කළමනාකරු කීවාලු මිළ ගණන් ලියාගැනීම නවත්වන්න කියා. ඡායාරූප ගන්න එපා කියන එක කමක් නැහැ කියමුකෝ. ඒත් මිළගණන් ලියාගන්න එපා කියන එක? ඔහු කියා තිබුණේ අපි මිළ ගණන් ප්‍රසිද්ධ කරනු ඇතිය කියායි. ඔව් අපි එය කළා. එය ප්‍රකාශනයේ නිදහස. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ එය වළක්වන්න, කඩ කළමනාකරුවෝ ඒකාධිපතියෝද?
ඊශ්‍රායල් පන්නයේ ආරක්ෂාව
වෙළඳසල් කාර්ය මණ්ඩලය පුංචි රහස් පොලිසියක් වෙන්න ඕනැ නැහැ. භාණ්ඩ සොරකම්කිරීම ප්‍රශ්නයක් තමයි. ඒත්, එය වැළැක්වීම සඳහා කාර්යක්ෂම ක්‍රම තිබෙනවා. නිදසුනක් ලෙස බලන්න ඊශ්‍රායල් ගුවන්තොටුපල ආරක්ෂාව. ඔවුන් එය කරන්නේ කාගේවත් පෞරුෂයට හානියක් නොවන්න. පුහුණු කාර්යමණ්ඩලය මගීන්ගෙන් අහන්නේ සරළ ප්‍රශ්න කීපයක්. කොහේද යන්නේ, මොනවද මල්ලේ වගේ. ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔවුන් 2%ත් 5%ත් අතර සුළු පිරිසක් පමණක් වැඩිදුර පරීක්ෂා කරනවා.
ලංකාවේ වෙළඳසල්වල කළමනාකරුවන්ට හා සේවකයන්ට පුළුවන් පාරිභෝගිකයන් සුහදව පිළිගෙන සමග පොඩි කතාබහක යෙදෙන්න. එවිට ඔවුන්ට එතැන ගෙදර වගේ දැනෙනවා. බඩු මිළදී ගන්නත් පෙළඹවීමක් ඇතිවෙනවා.
ශ්‍රී ලංකාවේ තත්වය
අවාසනාවකට ලංකාවේ ආරක්ෂක මාදිලියෙන් ලැබෙන ආරක්ෂාවකුත් නැහැ. කඩ හිමියන්ට වෙළඳාමකුත් නැහැ. දැන් තත්වය අනුව කාර්යමණ්ඩලය පාරිභෝගිකයන් පිළිගන්නේ නැහැ. ඔවුන් නිශ්ශබ්දව නිරීක්ෂණය කරමින් පසුපස එනවා පමණයි. මෙය විනීත ක්‍රියාවක් වන්නේ කොහොමද? මේ විධියට අමුත්තකු ඔබ දෙස බලමින් පසුපස ඒම සදාචාරාත්මක නැහැ වගේම නීති විරෝධී වන්නත් පුළුවන්. මෙය නැවැත්විය යුතුයි.
මේ හා සමාන අත්දැකීම් තිබේනම් කියන්න. අපි ලැයිස්තුවක් හදා ඒ වෙළඳසල්වල කළමනාකරුවන් අමතන්නම්. වෙනස්වෙන්නනම් ඔවුන් මේ පිළිබඳව දැනුවත් විය යුතුයි.