වෙන රටවල Orangina, Tango, Sunkist වැනි සිසිල්බීම ඇත්තෙන්ම දොඩම් රසයි. අපේ රටේ ඒවා නියම දොඩම් ලෙස පෙනී සිටියත් ඒ රස නැහැ. ඒත් සීනි සාන්ද්‍රණය වැනි කාරණාවලදී ඒවා වඩා හොඳයි.
අපි පැවැත්වුවා පරීක්ෂණයක් සොයන්න කොයි දොඩම් සිසිල්බීම වර්ගයද හොඳ කියා.
තරගකරුවෝ
මයි ඔරේන්ජ්, අලියා සමාගමේ ඔරේන්ජ් බාර්ලි සහ ඔරේන්ජ් ක්‍රෂ්, පෙප්සි සමාගමේ මිරින්ඩා සහ කොකාකෝලා සමාගමේ ෆැන්ටා කමයි තරගකරුවෝ. මේ අතරින් ඔරේන්ජ් බාර්ලි හැර අනෙකුත් සියලු බීම වර්ග සමාන රසකාරකයන්ගෙන් යුත් කෘත්‍රිම බීම.
මයි ඔරේන්ජ්
අපි මෙයට කැමති නැහැ. මිලිලීටර් 300 ප්ලාස්ටික් බෝතලයක් රු. 60ක්. බෝතලේ හොඳයි. බීම නරකයි. බෙහෙත් රසයි, සුවඳයි. කාබනේට් බුබුළු දමලා තිබෙන ප්‍රමාණයත් මදි.
මිරින්ඩා
මෙය කටට ගත් ගමන් ඉන්දි කීවේ එය සැර හා අමුතු බවයි. මීට කලින් අප බිවු මිරින්ඩා එහෙම නැහැ. මේ මිරින්ඩා එකනම් හොඳ නැහැ. බිව්වාට පසුවත් කටේ නරක රසයක් ඉතිරිවුණා. සමහරවිට එය කල්ඉකුත්වී ඇති නිසා වෙන්න ඇති. අප එය මිළදීගත්තේ ගේ ළඟ සමුපකාර කෝප් සිටියෙන්. මිලිලීටර් 500 රු. 85යි. කල් ඉකුත්වන දිනය ලෙස සඳහන් වුණේ සති දෙකකට කලින් දිනයක්.
අපි හොඳ මිරින්ඩා බෝතලයකත් රස බැලුවා. රස හොඳයි. හොඳ දොඩම් රසයක්. ෆැන්ටාවලට කිට්ටුයි.
ඔරෙන්ජ් බාර්ලි
අපි එයට කැමතියි. එය අර දොඩම් සිසිල්බීම වර්ගයට අයිති නැහැ, නම ඔරෙන්ජ් බාර්ලි වුණාට. ෆැන්ටා හා ජින්ජර් ඒල් අතර බීමක් වගේ. ක්‍රීම් සෝඩා ගතියකුත් තිබෙනවා. ලීටර් 1.5 රු. 190යි.
ඔරේන්ජ් ක්‍රෂ්
මේ ගැන මටත්, ඉන්දිටත් ඇත්තේ වෙනස් අදහස්. ඔහු කියන්නේ එය පිළී ගඳ බවයි. මම නම් එහෙම හිතන්නේ නැහැ. සමහරවිට ඒ බාගෙට සේදූ වීදුරු නිසා වෙන්න ඇති. එය රස අධික බීමක්. මයි ඔරේන්ජ් වගේ. කාබන් බුබුළු මදි. ඉන්දි කියන තරම් නරක නැහැ. මිලිලීටර් 400 බෝතලයක් රු 39යි.
ෆැන්ටා
මේ තමයි වැඩිපුරම දක්නට ලැබෙන වර්ගය. එය හොඳයි. පැහැදිලිවම එය තමයි ජයග්‍රාහකයා. හොඳට කාබන් බුබුළු දමලා. රසයි. ලංකාවේ ෆැන්ටා වෙනස්. බ්‍රිතාන්‍යයේ ෆැන්ටා කහපාටයි. දොඩම් රසයට කිට්ටුයි. අපේ ෆැන්ටා වඩා හොඳයි. මිලිලීටර් 175 බෝතලයක් රු. 27යි.
මිළ
බෝතල් එන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන්. මිලිලීටරයක මිළ අනුව ඔරෙන්ජ් ක්‍රෂ් තමයි ලාභම. ෆැන්ටා තමයි මිළ වැඩිම.
මිළ (මිලිලීටරයක) |
මිළ | මිලිලීටර් | |
ඔරේන්ජ් ක්‍රෂ් | 0.10 | 39 | 400 |
ඔරෙන්ජ් බාර්ලි | 0.13 | 190 | 1500 |
මයි ඔරේන්ජ් | 0.15 | 27 | 175 |
මිරින්ඩා | 0.17 | 85 | 500 |
ෆැන්ටා | 0.20 | 60 | 300 |
නිගමනය
1. ෆැන්ටා 2. ඔරෙන්ජ් බාර්ලි 3. මිරින්ඩා4. ඔරෙන්ජ් ක්‍රෂ් 5. මයි ඔරේන්ජ්
ෆැන්ටා තමයි තවමත් හොඳම. මිරින්ඩාත් හොඳයි. ටිකක් වෙනස් හා එයටම ආවේණික රසයක් විඳින්න නම් ඔරෙන්ජ් ක්‍රෂ් බොන්න.