…..ඔවුන් අපට බල්ලා ගෙඑන්න ඉඩදුන්නා විතරක් නොවෙයි ඔහුට බොන්න වතුර බඳුනකුත් දුන්නා. මේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ මිත්රශීලිත්වයේ ප්රකාශනයක්. මම දන්නා තරමින් ඩච් හොස්පිටල්හි බල්ලන් ගෙනඒම පිළබඳ විශේෂ නීතියක් නැහැ. ඒ වුණත් ඕ!බාර්එකේ අය එයට ඉඩදුන්නා. අනවශ්‍ය කරදරයක් වුණේත් නැහැ. අපි හිටියේ අංගනයේ. ලන්දේසි රෝහලේ ඕ!බාර්හි කාර්යමණ්ඩලයට අපි කැමතියි. කාර්යබහුල රාත්‍රීවලදී සේවාවවන් සිත් කලකිරවනතරම් සෙමිනුයි සිදුවන්නේ. ඒත්, එහි කාර්යමණ්ඩලෙයේ කොල්ලෝත්, කෙල්ලෝත් හරිම මිත්‍රශීලීයි. අපි අලුතෙන් Ch&FC හි විවෘත වූ Floor by Oට වඩා මෙතැනට කැමතියි. ලන්දේසි රෝහලේ ඕ!බාර්එක නිදහස් හා සාමාන්‍යයි. ඒකට හේතුව තමයි විශාල අංගනය. එහි භූමිය හරියට ක්ලබ්එකක වගෙයි. හැබැයි, කොටකලිසම් හා සෙරෙප්පු දාගෙන මෙහි එන්න තහනම්. අධික සංගීතය හා අඳුරු ආවරණය කරන ලද අවකාශය රාත්‍රී සමාජශාලාවක වටපිටාව නිර්මානය කරනවා. ඒත්, Floorඑකට වඩා ලන්දේසි රෝහලේ ඕ!බාර්හි වෙනස තමයි ඉන්දිට කොටකලිසම් ඇඳගෙන එන්න ඉඩ නොදුන් ඔවුන් ඔබේ බල්ලාට ඇඳුම් නැතිවම එන්න ඉඩදීම.
Disclaimer: අපි බල්ලාට බීර දුන්නේ නැහැ. එයා බොන්නේ ලෙවකන්නේ වීදුරුවල මිදුණ හුමාලය.