Il Gelato හඳුන්වා දී තිබෙනවා අලුත් බලු අයිස්ක්‍රීම් වර්ගයක්. අපි ඉල් ජෙලාටෝට වගේම බල්ලන්ටත් කැමතියි. ඒ නිසා අපි ඒවා පිරික්සා බැලුවා.
මුලින්ම කිවයුතු කරුණ තමයි ඒවායේ මිළ හීන්දාඩිය දමනතරම් අධිකබව. මිලිලීටර් 80 කෝප්පයක් රු. 280යි. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් මිලිලීටර් 1000ක් රු. 220යි. ඒ අනුව, බලු අයිස්ක්‍රීම් මිනිස් අයිස්ක්රීමිවලට වඩා 15ගුණයක් මිළෙන් වැඩියි. ඉතින් බල්ලෝ ඒවාට කැමතිද?
නැහැ. අඩු වශයෙන් අපේ බල්ලෝ හෝ ඒවාට කැමති නැහැ. මර්කිටෝ දේවල් තෝරලා කන කෙනෙක්. ඌ එය ගණන්ගත්තේවත් නැහැ.ඒත් ලැටේනම් එහෙම නැහැ. ඕනැදෙයක් කනවා. ඌ ඒවා කෑවා. මර්ක් ඒවා කාලා කෙළ ගැහුවා. ඒවායේ රසවල් බල්ලන් ප්රියකරනඒවා නොවෙයි. Veggie Breath Freshenerවල අඩංගු වන්නේ බෝංචි, ගෝවා හා වට්නට්. බල්ලෝ එළවළු රසවිඳින්නේ මොන ලෝකෙද කියා මමනම් දන්නේ නැහැ. අපි රස පිරික්සපු අනෙක කොමඩු රසයි. මටනම් තේරෙන්නේ නැහැ කොමඩු රස බල්ලන් ආකර්ශනය කරගන්නේ කෙසේද කියලා.
නව නිර්මානාත්මක වන්න අවශ්‍යනම් ඔවුන්ට තිබුණා, ඉන්දිගේ සෙරෙප්පු රස, වෙන බල්ලකුගේ පශ්චාත්භාගය වැනි දෙයක් උත්සාහ කර බලන්න තිබුණා. බැරෑරුම්ව කියනවානම් කිසියම් මස් හෝ ලුණු රසක් තිබුණානනම් ඒවා මීට වඩා බල්ලන්ගේ ආදරයට ලක්වන්න තිබුණා.
එහි රස හරියට එළවළු බ්ලෙන්ඩරයෙන් අඹරා අධිශීතකරණයක තබලා, පුංචි කෝප්පවලට දමලා අධි මිළට විකුණනවා වගේ. අපත් එහි රස බැලුවා. ගන්න දෙයක් නැහැ. බල්ලෝ මේ සීතල එළවළුවලට හා පලතුරුවලට කුමන හේතුවක් නිසා ආදරය කරාවිද කියා මටනම් හිතාගන්න බැහැ.
අපේ බල්ලෝනම් මේ අයිස්ක්‍රීම්වලට කැමැත්තක් දැක්වූවේ නැහැ. නැවත ඕනෑ නැතිවුණත්, මිනිස් අපටනම් ඒ තරම් පුංචි බඳුනක් රු. 280ක්ය කියනඑක කණ් රත්වෙන කාරණයක්. අපි බල්ලන්ට සාමාන්‍ය අයිස්ක්‍රීම් දුන්නා. කෙනෙක් කියන්න පුළුවන් එය සෞඛ්යාරක්ෂිත නැහැ කියලා. ඒත්, ඔබේ ගෙදර බ්ලෙන්ඩරයක් තිබෙනවානම්, ඔබට පුළුවන් ඉතුරු බිතුරු සමග මිශ්‍ර කර මෙවැනි බලු අයිස්ක්‍රීම් එකක් ලේසියෙන්ම හදාගන්න.
ඉල් ජෙලාටෝගේ අයිසි ටේල්ස් බලු අයිස්ක්රීම්නම් බලුම තමයි.
ඔබ සුරතල් සතුන් වෙනුවෙන් වියදම් කරන්න කැමතිනම් අපි ඔබට නිර්දේශකරනවා, ඔවුන් වෙනුවෙන් කාලය වැය කරන්න කියලා. ඔවුන් එය අගය කරනවා. මුදල් වියදම් කරන්න කැමතිනම් තිබෙනවා Adopt A Dog Sri Lanka වැනි පුන්‍ය ආයතන. එයින් ඔබට ලොකු වෙනසක් කරන්න පුළුවන්.
එසේම ඔබේ බල්ලාට අයිස්ක්‍රීම් දීම අපි කිසිසේත්ම නිර්දේශ කරන්නේ නැහැ. මේ පරීක්ෂණයක් පමණයි.