බර්ගර්ස්. ඒ තමයි, කෙටි කෑම හෙවත් ෆාස්ට් ෆුඩ්වල සංකේතය. හදන්නත් ලේසියි. කන්නත් ලේසියි. කුසට ප්‍රමාණවත්. හොඳ ඒවා ඇත්තටම රසවත්.
එක්සත් ජනපදයේ පොප් සංස්කෘතියත්, බනිස් ගෙඩියක් මැද රැන්දූ මස් කැබැල්ලක රසයත් විසින් බර්ගර්ස් අද වනවිට ලොව ජනප්‍රියම ආහාරය බවට පත් කරලා. ඒත්, කොළඹ නගරයේදී හොඳබර්ගර් එකක් සොයාගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.
මම හිතන විදියට ලංකාවේ රසවත් බර්ගර්ස් නැති වෙන්න හේතු මා හඳුනාගත් කරුණු මෙන්න මේවා.
දේශීය සංස්කෘතියේ හරක් මස් කෙරෙහි ඇති පිළිකුල. හැම්බර්ගර් එකක එහි නමින්ම කියැවෙන පරිදි ඇඹරූ හරක්මස් තිබෙන්න ඕනෑනෙ. සමහරු බැටළු හෝ ඌරු මස් හෝ ආදේශ කරගන්න හදනවා. ඒත්, නියම හැම්බර්ගර් එකකනම් 100%ක්ම හොඳ හරක්මසුයි තිබිය යුත්තේ. ලංකාවේ හරක්මස් තිබෙන බර්ගර්වල පවා එය ප්‍රමාණවත් නැහැ. හැම්බර්ගර් එකක අවම වශයෙන් මස් ග්‍රෑම් 100ක් තිබියයුතුයි.
මස් පිසින මට්ටම වැදගත්. ඒත්, ලංකාවේ තිබෙන්නේ සමහරවිට ඕනෑවට වඩා පිසූ හංවුණ මස්.
තවත් හේතුවක් තමයි, රස හා සුන්දරත්වය එකතු කරන අමතර දේ ගැන නොසැලකිල්ල. නැවුම් සලාද කොළයක්, කොළ පැහැයට හුරු තක්කාලි කෑල්ලක්, හොඳ සෝස් ඇබිත්තක්, චීස් පෙත්තක් නැතිකම.
තිබිය යුත්තේ අලුත් හැපෙනසුළු සලාද කොළයක්, ගර්කින්, තද චෙඩාර් හෝ නිල් චීස්, කෙචප් ඇබිත්තක් හා චිපොටල් මයොනයිස්. මස් වර්ග දෙකක රස වෙනුවෙන් බේකන් සුදුසුයි.
ඒත්, මේ බර්ගර් පරිසමාප්ති ලක්ෂණ පැත්තෙන් ගත්තාම කොළඹ හිස් අහසක්, තරුවක් දෙකක් පමණක් බැබලෙන.
ෂුගර් බර්ගර් තමයි දිගුකලක සිට කොළඹ බර්ගර්ලෝලීන්ගේ ප්‍රධාන කැමැත්ත. යුනියන් බාර් හා ග්‍රිල් දේශීය බර්ගර් පිරිනමන්නන් අතර අප්‍රකට තාරකාවක්. ‘යමු’ ඉක්මන් සැසඳීමක් කළා කාගේ බර්ගර්ද හොඳ කියා බලන්න.
ෂුගර් බර්ගර්
රු. 550 සිට මිළ වන ෂුගර් බර්ගර්ස් සලාද කොළ, තක්කාලි, චීස් ආදියෙනුත් සමන්විතයි. මම එයට බේකනුත් එක් කරවාගත්තා. ඒත්, එය පිසියයුතු මට්ටම ගැන මගෙන් ඇහුවේ නැහැ. ඉහළපෙළේ බර්ගර් අලෙවියේදී මෙය බරපතල වරදක්. කෙසේ වෙතත්, එය ඉක්මණින් මේසයට ආවා. පිඟාන මත එය ලස්සනට තිබුණා. පේන්න ඒ තරම් ඉටි ගතියක් නැහැ. කුසට ප්‍රමාණවත්. ඒත් ඉතින් රස ගැන කියන්න පුළුවන් කාලා විතරනේ. පළමු කටනම් බලපොරොත්තු සුන්කළා. බර්ගර්එක ප්‍රමාණයෙන් ලොකු වැඩියි. ඒ වගේම මස් උයලා වැඩියි. ඇතැම් තැන් තද වැඩියි. රසය සඳහා එක් කළ අමතර දේ හොඳයි. ඒත්, එහි වක්කර තිබුණු රෝස පැහැති සෝස් නිසා ඒ රසයන් වැහුණා. කනකොට මේ බර්ගර්එක කෑලි ගැලවීයන්නත් වුණා. හොඳ බර්ගර් එකක මෙය සිදුනොවිය යුත්තක්. අවසාන වශයෙන් ගත්තාම එය බනිස් ගෙඩියක් තුළ පැණිරස මස්. රස නැතිවාම නොවෙයි. තත්වයත් ටිකක් උසස්. ඒත් දැන් ෂුගර් බිස්ට්‍රෝ වයින් බාර් එකකුත් වෙලා මිළ ඉහළ ගිහිල්ලානේ. ඒ මිළටනම් වටිනවාද කියනඑක සැකයි.
යුනියන් බාර් ඇන්ඩ් ග්‍රිල්
රු. 800 සිට මිළවූ බර්ගර් මිළෙන් වැඩිවෙන්න පුළුවන්. ඔවුන් මගෙන් ඇසුවා එය පිසියයුත්තේ කෙසේද කියලා. මම කිව්වේ මධ්‍යම මට්ටමෙන් අමතර බේකන්ද සමග කියායි. බලාඉන්න කැමති කාලයට වඩා කාලයක් බලාසිටි පසුව මෙන්න බර්ගර්එක ආවා මේසයට සුවිශේෂ පෙනුමකින් යුතුව. එය දැවැන්ත බර්ගරයක්. උඩම බදින ලද බිත්තරයක් හා දිලිසෙන බේකන් පෙත්තක්. නිර්ලෝභීකම ගැන ප්‍රශංසා කළයුතුයි. ඒත්, මේ තරම් ලොකු පැටිසක් කන්නේ කොහොමද? අතින් අල්ලාගෙන කන්න බැරි තරම් එය ලොකුයි. බර්ගර් හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑමත් ප්‍රසන්න අත්දැකීමක් නොවෙයිනේ. ඒත්, මෙය රසවත් බර්ගරයක්. මස් ඇත්තෙන්මත් මධ්‍යම මට්ටමට පිසලා. එය මෘදුයි. එතරම් ඉටිගතිය නැහැ. බිත්තරයෙන් එය සරු වුණා. හැපූ හැම කටක් ගානේම බේකන් කෑල්ලක් හැපුණා. හැමදේම හොඳයි. ඒත්, විශිෂ්ටනම් නැහැ. එය රසෙන් අඩුයි. මස් ගොඩක් තිබුණත් රසෙන් සරු නැහැ. ලුණු පොඩ්ඩක් වැඩියි. අඟුරු මත පැළහූ රසකුත් දැනුණා. පිටත පමණක් කරකළානම් ඇති. චීස්වලිනුත් එතරම් රසක් එක්වුණේ නැහැ. අබක්‍රීම් ටිකක් එකුවුණානනම් හොඳයි කියලා හිතුණා.
ෂුගර් බර්ගර්වලට වඩා මේ බර්ගර් හොඳයි. ඒත්, කොළඹ බර්ගර් ගැන මම තවමත් තෘප්තිමත් නැහැ.
Photos: Danbee Shin