අපේ යොවුන් විය රසවත් කරපු මේ යොවුන් නවකතා 10 මතකද?.

කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න එකෙන් අපේ අතීතකාමය සෑහෙන අවදි වුණා. පරණ දේවල් නැවත මතක් කරගන්න සහ ඒවා ගැන සතුටු වෙන්න අවස්ථාවක් වගේ ම, ඇති තරම් කාලයත් ලැබුණා. 90 දශකයේ ඉපදුණු අපිට, අපේ පුංචි කාලේ ගැන මතක් කරගෙන යද්දි අමතක කරන්න බැරි දෙයක් තමයි යොවුන් නවකතා.

ඒ විදිහට යොවුන් වියේ දී අපි කියවපු යොවුන් නවකතාවල ලැයිස්තුවක් අපේ විශ්වි පහුගිය දවසක පෙළගස්සලා තිබුණා. බලන්නකො මේ ලිස්ට් එකේ ඕගොල්ලො කියවල තියන පොතුත් තියනවද කියලා..

රන්සිරිගේ සංග්‍රාමය

ඇඹිලිපිටියේ ඉඳන් කොළඹට සංක්‍රමණය වෙන රන්සිරි කියන තරුණයාගේ කතාව තමයි රන්සිරිගේ සංග්‍රාමය. ගමේ ඉඳන් නගරයට ආවට මොකද, ඔහුට නගරයේ ජීවිතයට හැඩ ගැහෙන්න ලේසි වෙන්නෙ නෑ. කතාව අවසන් වෙන්නේ රන්සිරි නැවත ගමට යෑමෙන්. තමන්ට ගැළපෙන්නේ ගමේ ජීවිතයේ සරල බව කියල අන්තිමේදී ඔහු පසක් කරගන්නවා.

රන්සිරිගේ සංග්‍රාමය ලිව්වේ අපි ආදරේ කරපු තවත් යොවුන් නවකතා ගොඩක් ලියපු කුලසේන ෆොන්සේකා. සිරිමල්ගේ වික්‍රම, කල්ලන්දූවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ, තුන් යහළු වික්‍රමය වගේ ඔහු රචනා කරපු පොත් ඒ කාලේ අපි පැල් බැඳගෙන කියවපු විදිහ ඕගොල්ලන්ටත් මතක ඇති කියල අපි හිතනවා..

සොල්දාදු ළමයි

සොල්දාදු ළමයි කියන්නේ ඩබ්. එස්. රීඩ්ගේ The Young Warriors පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තකයා හසන්ත ශ්‍රීලාල් හෙට්ටිආරච්චි. අප්‍රිකාවේ වහල් කොට්ඨාසයකට මුහුණ දෙන්නට සිදු වුණු දරුණු සිදුවීම් රැසක් මේ කතාවට පාදක වෙනවා. කතාවේ හැටියට අවසානයේදී ඔවුන් වහල් බවින් මිදෙනවා. ඉතින් නව යොවුන් වියේ හිටපු අපේ වීරයො බවට පත් වෙන්න මේ සොල්දාදු ළමයින්ට පුළුවන් වුණා.

නෙල්ලි කැලේ වීරයෝ

ත්‍රාසය භීතිය පිරුණු වීර කතා කියවන්න ඒ කාලේ විතරක් නෙමෙයි, අපි මේ කාලෙත් ආසයි. නිමල් බණ්ඩාර ලියපු නෙල්ලි කැලේ වීරයෝ එවැනි කතාවක්.

නෙල්ලි කැලේ කියන ඝන වනාන්තරයේ අතරමං වෙන බාලදක්ෂයන් තුන් දෙනෙක් හුඟක් අමාරුකම් සහ අභියෝග මැද්දේ එහි සති කීපයක් ගෙවා දමන විදිහත්, අන්තිමේදී නැවත ගෙදර එන්න පාර හොයාගන්න විදිහත් මේ කතාවෙන් කියැවෙනවා. සාමූහිකව වැඩ කිරීමේ වටිනාකම වගේ ම, උපක්‍රමශීලී ව නිර්භීත ව අභියෝගවලට මුහුණ දෙන්න ඕන විදිහත් මේ පොතෙන් අපි ඉගෙනගත්තා.

බස්තියන්ගෙ සොහොන

ගිම්හානයේ වික්‍රමයක්, කම්මලේ දෝංකාරය වගේ ජනප්‍රිය කෘති රචනා කරපු ඩී. එම්. කරුණාරත්න විසින් ලියැවුණු පොතක් බස්තියන්ගෙ සොහොන. මේක අතට ගත්තම බිම තියන්න හිතෙන්නේ නැති, එක හුස්මට කියවන්න පුළුවන් කුතුහලය පිරුණු පොතක්. බස්තියන් නම් පුද්ගලයාගේ සොහොන වටා ගෙතුණු අබිරහසක් විසඳන යොවුන් පිරිසක් ගැනයි කතාවෙන් කියැවෙන්නේ.

වීරියවන්තයෝ

ගමක සිද්ධ වෙන නීති විරෝධී මත්පැන් වෙළෙඳාමක් නවත්වන්නට උත්සාහ කරන යොවුන් වියේ දරුවන් පිරිසක් ගැන ලියැවුණු මේ කතාවේ කතුවරයා ඩබ්. අමරකීර්ති. එකමුතු වුණොත් බාධක බිඳගෙන තමන්ගේ අරමුණ කරා යන්න පුළුවන් බව වීරියවන්තයෝ අපිට කියල දුන්නා.

දොඹගල නිධානය

නිධාන ගොඩ ගැනීම, තුන් කුලුඳුල් බිලි වගේ දේවල් ගැන අපි මුලින් ම දැනගත්තේ දොඹගල නිධානය වගේ පොත්වලින්. භද්‍රජී මහින්ද ජයතිලක ලියපු මේ කතාවත් කියවන්න කියවන්න පිටුවෙන් පිටුවට කුතුහලය වැඩි වෙන ත්‍රාසය පිරුණු පොතක්.

අපට අපේ අත්

සුනිමලුයි උපාලියි ඉන්නෙ එක ම ගමේ. යන්නෙ එක ම ඉස්කෝලෙට. හැබැයි සමාජ මට්ටමින් දෙන්නා අහසයි පොළොවයි වගේ. උපාලිගේ පවුල ගමේ ඉන්න ධනවත් පවුලක්. සුනිමල්ගේ පවුල ජීවිකාව සරි කරගන්නේ වඩේ විකුණලා.

සුනිමල් ඉගෙනගන්න දක්ෂයෙක්. උපාලි එහෙම නෑ. මේ දෙන්නම පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලිව්වට පස්සේ හැමෝම පුදුම කරමින් උපාලිට ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න පුළුවන්කම ලැබෙනවා. සුනිමලුත් ශිෂ්‍යත්වය සමත් වුණාට ඔහුට යන්න ලැබෙන්නේ ළඟ ම නගරයේ තියන මධ්‍ය මහා විද්‍යාලයට. හැබැයි මාස කීපයකට පස්සේ උපාලිට ආයෙත් ගමේ ඉස්කෝලෙට එන්න වෙන්නේ ඔහුගේ අදක්ෂකම් නිසා. කොහොම හරි බැලින්නම් උපාලි ශිෂ්‍යත්වය සමත් වෙලා තියෙන්නෙත් හොර කරලා, තාත්තගේ සල්ලිවල බලයෙන්.

ඉතින් මේ විදිහට ගලාගෙන යන කතාවක් තියන අපට අපේ අත් කියන පොත ලිව්වේ යොවුන් නවකතා රැසක් ලියපු කතුවරයෙක් වෙන දෙනගම සිරිවර්ධන. මේ පොතේ කවරයේ චිත්‍රය ඇඳලා තිබුණේ අපේ සිබිල් නැන්දා. ඒකත් අමතක කරන්න බෑ.

වනගත ළමෝ

ආචාර්ය දොන් පීටර් පියතුමා ලිව්ව වනගත ළමෝ පොත කොච්චර ජනප්‍රිය වුණා ද කිව්වොත් පස්සෙ කාලෙක මේක ඇසුරින් ටෙලිනාට්‍යයකුත් නිර්මාණය වුණා. කැලයක අතරමං වෙන පිරිමි ළමයි තුන් දෙනෙකුට මුහුණ දෙන්න සිදු වෙන දුෂ්කරතා සහ කටුක අත්දැකීම් ගැනයි කතාවෙන් කියැවෙන්නේ. අවසානයේදී මේගොල්ලො කොහොමහරි ගෙදර එන්න පාර හොයාගන්නේ අර කියපු දුෂ්කරතා සියල්ල ජයගෙන.

අභය භූමිය

කරවල වාඩිවල වැඩට ළමයි පැහැරගෙන යෑම ගැන යොවුන් නවකතා ගොඩක් ඒ කාලේ ලියවුණා. රන්ජිත් ධර්මකීර්තිගේ මේ කතාවෙත් තේමාව ඒක.

ඉස්කෝලේ ඇරිලා එමින් හිටපු ළමයෙක්ව පිරිසක් විසින් පැහැරගෙන යනවා කරවල වාඩියක වැඩට. බොහොම දුක්ඛිත ජීවිතේකට මුහුණ දුන්නට පස්සේ, අන්තිමේ එතන ඉන්න තවත් ළමයෙක් එක්ක බෝට්ටුවක නැගල වාඩියෙන් බේරිලා එන්න ඔහුට හැකි වෙනවා. ඒ විතරක් නෙමෙයි, පොලීසියත් එක්ක ගිහිල්ලා එතන ඉන්න අනික් ළමයින්වත් බේරගන්න ඔහු කටයුතු කරනවා.

රණරාළ

බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ කපිතාන්වරයෙක් වුණු ෆ්‍රෙඩ්රික් මැරියට් ලියපු මාස්ටර්මන් රෙඩි පොතේ සිංහල අනුවාදයක් තමයි රණරාළ. සිංහලයට නැගුවේ ජී. බී. සේනානායක. මුහුද මැදදි කුණාටුවකට හසු වීමෙන් එක්තරා පවුලකට අනපේක්ෂිත විදිහට දූපතකට ගොඩ බහින්න සිදු වෙනවා. මේ අය දූපත් ජීවිතේට හුරු වෙන විදිහ වටායි කතාව ගෙතෙන්නෙ. මේ පොත කියවද්දි කාලෙකට කලින් අපි ටීවී එකේ බලපු රොබින්සන් අන්දරය මතක් වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide