හැම රස්සාවකටම ඒවට නියම වෙච්ච වගකීම් තියෙනවා. මේ කියන වගකීම් රටෙන් රටට පළාතෙන් පළාතට වෙනස් වෙනස් වෙන්න ප්‍රළුවන්. දේශපාලඥයෝ පත්කරන්නේ රටක නීති ප්‍රතිපත්ති හදන්න. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස් ඒක නිසා ඒ අය දේශපාලඥයාගෙන් බලාපොරොත්තු වෙන අමුතුම විදියේ දේවල් තියෙනවා. අපේ රටේ දේශපාලඥයෝ කරන ඒ වගේම මිනිස්සු දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන අමුතුම දේවල් කීපයක් ගැන තමයි මේ කියන්නේ.
රජයේ රස්සාවක්
රස්සාවක් කියන්නේ හැමෝටම ඕන දෙයක්. සාමාන්‍යයෙන් රටක රජයේ රස්සාවලට මිනිස්සු බඳවගන්නේ විභාගයක්, ඉන්ටර්වීව් එකක් එහෙම තියලා. හැබැයි අපේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි දේශපාලඥයොත් හිතාගෙන ඉන්නේ රජයේ රස්සාවල් කියන්නේ දේශපාලඥයන්ට තමුන්ට කැමති කැමති විදියට බෙදා දෙන්න පුළුවන් අවස්ථා කියලා.
පොඩි එකාට ඉස්කෝලයක්
ළමයෙක්ට ඉස්කෝලයක් දෙන්න ඕන ඉස්කෝලේ ඉඳලා ළමයා පදිංචි තැනට තියෙන දුර බලලා එහෙමත් නැත්නම් ශිෂශ්යත්වේ, O/L රිසාල්ට්වලට අනුව. හැබැයි ඉතින් ලංකාවේ කවද්ද නීතියට පිළිවෙලට වැඩ රාජකාරි සිද්ධවෙන්නේ. ඔය ඔක්කොම නැති වුනත් ඇමති තුමාගෙන් ලියුමක් අරගෙන ආවොත් පදිංචිය කංකසන්තුරේ වුනත් දෙවුන්දර තුඩුවේ තියෙන ඉස්කෝලෙකට දාගන්න පුළුවන්.
පොලිස් ඇප
මොකක් හරි කේස් එකකට පොලීසියෙන් මිනිහෙක් සැක පිට අත්අඩංගුවට ගත්තහම සමහර දේවල්වලට පොලීසියෙන් ඇප දෙන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ පොලීසියේ ඕ.අයි.සී. හැබැයි ක්‍රමේ ඕක වුනාට අපේ අයියලා පොලීසියෙන් කාවහරි අත්අඩංගුවට ගත්ත ගමන් මුලින්ම දුවගෙන යන්න පුරුදුවෙලා තියෙන්නේ තමුන් දන්න දේශපාලඥයා ගාවට.
ණය
රජයේ බැංකුවකින් බැංකු ණයක් ගන්න ඕනද? දෙයි කියලා ෂුවර් එකක් නැද්ද? බයවෙන්න එපා කෙළින්ම යන්න ඇමතිතුමා ගාවට ගිහිල්ලා ඇමතිතුමාගෙන් ඉල්ලගන්න ලියුමක් ෂුවර් එකටම ලෝන් එක ඇපෘව් වෙනවා.
ගල්, වැලි, ගස් පර්මිට්
ගල් කොරියක් දාගන්න, වැලි හාරන්න, ගස් කපන්න පර්මිට් එකක් ගන්න ඕනද? ඕවට පතල් කාර්යංශයෙන්, වනසංරක්ෂණෙන්, පරිසර අමාත්‍යංශයෙන් ලේසියෙන් පර්මිට් දෙන්නේ නෑ. ඔන්න ඒකට ඇමතිතුමා හම්බුවෙලා ලියුමක් ඉල්ලගත්තනම් සිං සිං ගාලා වැඩේ කරගන්න පුළුවන්.
ස්ථාන මාරු
අවුරුදු ගාණක් එකම තැනට වෙලා වැඩකරලා ස්ථාන මාරුවක් ලැබුනද? අයියෝ ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි දැන්ම යන්න ගිහින් ඇමතිතුමාව හම්බුවෙන්න. එයා ඩාං ගාලා ඔය මාරු කිරීම අවලංගුකරලා දෙයි.
මළගෙවල් මගුල්ගෙවල්වලට එන එක
ගිය සතියේ අපේ ආච්චි නැතිවුණානේ. ඔවු කාලයක් තිස්සේ ලෙඩගානේ හිටියේ. නෑයෝ යාළුවෝ ඔක්කොම ඇවිල්ලා ගියා. ඔවු මන්ත්රීතුමත් ආවා. ඒවා ඉතින් මන්ත්‍රී කෙනෙක් වුනාම කරන්න ඕන දේවල් නේ.
පාරවල් බෝක්කු හදන එක
අර පල්ලම ගාව වංගුවේ බෝක්කුව කැඩිලා දැන් සති කීපයක් වෙනවා. යන්න ඕන මන්ත්‍රීතුමාව හම්බුවෙන්න කියලා බෝක්කුව හදාගන්න. ඔවු අනිත් රටවල්වල වගේ නෙමෙයි අපේ රටේ පාරවල් බෝක්කු හදවන්නේ නඩත්තු කරවන්නේ දේශපාලඥයෝ තමයි.
පිරිමිකම (?) / චණ්ඩිකම
බලපන්කෝ බන් අරෑගේ හැටි, පාරේ යන්න පණ නෑ. ඌට පුළුවන්ද මන්ත්‍රී කමක් කරන්න මන්ත්‍රී කෙනෙක් උනාම නියම පිරිමියෙක් වගේ ගැම්මට ඉන්න එපැයි. දේශපාලඥයෙක් කිව්වම අපේ මිනිස්සුන්ට ඕනඅර ජිම් එකකට ගිහින් ඇඟ පොඩ්ඩක් පුම්බගත්ත තග දාන්න පුළුවන් පොරක්.