කොරෝනා කාලේ.. අපේ ම දේශීය බිස්නස්වලට අතහිත දෙන්නේ කොහොමද?.

කොරෝනා වසංගතය ආගම්, ජාති, රැකියා, වයස් භේද නැතිව රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේ ම හැමෝට ම බලපෑවා. මේ විදිහට අසීරුතාවට ලක් වුණ විශේෂ පිරිසක් තමයි දේශීය ව්‍යාපාරිකයන්. අපි මේ කියන්න හදන්නෙ ලොකු බිස්නස් ගැන නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරවල නියැළිලා ඉන්න අපේ ම රටේ වෙළෙඳසැල් ගැන.

මේ වෙද්දි හුඟක් ව්‍යාපාර නැවතුණ තැනින් ආයෙත් පටන් අරං තිබුණත්, කලින් හිටපු තත්ත්වයට ම පත් වෙන්න ඒ අයට තව ටිකක් කල් යන බව රහසක් නෙවෙයි නේ. ඉතින් ඔවුන්ට උදව් කරන්න අපිට කරන්න පුළුවන් මොනවද? ඒ ගැනයි මේ…

ඔන්ලයින් ෂොපිං

ලොක්ඩවුන් කාලේ එනකන් ම ඔන්ලයින් ෂොපිංවල තියන ලේසි පහසු කම ගැන හුඟ දෙනෙකුට අවබෝධයක් තිබුණෙ නෑ. ඒ වගේ ම ඒ ගැන තිබුණේ බයක්. ඒකට හේතුවත් ඔන්ලයින් බිස්නස්වල තිබුණ එක එක අඩුපාඩු. ඒත් මේ වෙද්දි නං හුඟක් ඔන්ලයින් ව්‍යාපාර සෑහෙන සාර්ථක ව තමන්ගේ බිස්නස් කරගෙන යනවා පේන්න තියනවා. ඒ නිසා සෙනඟ අතරට නොයා ආරක්ෂිතව බඩු මිල දී ගන්න තියන පහසු ම ක්‍රමය දේශීය ඔන්ලයින් ව්‍යාපාරවලින් මිල දී ගැනීම.

රෙස්ටොරන්ට්, සිල්ලර බඩු කඩ, ඇඳුම් පැළඳුම් සාප්පු ආදී මෙකී නොකී හැම කඩයක ම වගේ දැන් ඔන්ලයින් ඕඩර් කිරීමේ පහසුකම තියනවා නේ. සමහර කඩ බඩු ඩිලිවර් කරන්න වෙනත් ඩිලිවරි පාට්නර්ස්ලා එක්ක සම්බන්ධ වෙනවා. තවත් සමහර කඩ කෝල් එකකින් ඕඩර් එක බාරගෙන එයාලගේ ඩිලිවරි සේවාවකින් කෙළින් ම අපිට අවශ්‍ය දේවල් ඩිලිවර් කරනවා.

රෙස්ටොරන්ට්

ලොක්ඩවුන් කාලේ කොළඹ ඇතුළත වගේ ම පිටතත් කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට් ප්‍රමාණය හොඳට ම ඉහළ ගියා. පාර අයිනේ තියන කොත්තු රයිස් කඩ ඇරුණම අනික් හැම කෑම කඩයක ම ඉඳන්, තරු පහේ හෝටල්වලට යනකන් හැම තැනක් ම ඩිලිවරි පටන්ගත්තා. ඒ ඔක්කොම වගේ තාමත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් තාමත් රෙස්ටොරන්ට් එකකට ගිහින් වාඩි වෙලා කන්න බය නං, ඕඩර් කරලා හරි කෑම ටික ටේක් අවේ දාගෙන ඇවිල්ල හරි එයාලට අත දෙන්න ඔයාලට පුළුවන්.

තනි අයිතිකරුවන් සහිත වෙළෙඳසැල්

කලින් කිව්වා වගේ පොඩි පොඩි ව්‍යාපාර ස්ථානවලට පවා දැන් ඩිලිවරි ඔප්ෂන් එක තියනවා නේ. ඒ නිසා හැමෝට ම අමාරු මේ කාලේ, ලොකු ලොකු සුපර් මාර්කට්වලට/ ඩිලිවරි වෙබ්සයිට්වලට යනවා වෙනුවට, පොඩි පොඩි බිස්නස්වලින් ඕඩර් කරලා ඔවුන්ට අතහිත දෙමු.

එහෙම නැත්තං යන එන අතරමඟ දි මේ වගේ වෙළෙඳසැලක් දෙකක් ළඟ නැවතිලා ඔයාට ඕන දේවල් මිල දී ගන්න. විශේෂයෙන් මේවයෙන් අලුත් එළවළු, පලතුරු, කරවල, මාළු එහෙම හොයාගන්න පුළුවන්.

ගිෆ්ට් කාඩ්

ඇඳුම් කඩවල් නං සෑහෙන ප්‍රමාණයක් දැන් විවෘතයි. ඒ පාරිභෝගිකයන්ගේ වගේ ම සේවකයන්ගේත් ආරක්ෂාව සඳහා අනුගමනය කෙරෙන විශේෂ ආරක්‍ෂිත පියවර රැසක් යටතේ. හුඟක් සාප්පුවල නැවත දැනුම් දෙන තුරු ඇඳුම් මාරු කිරීමේ අවස්ථාව නෑ. සමහර සාප්පුවල විතරක් ෆිටෝන් රූම්ස් විවෘතයි. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ඇඳුම් මිල දී ගැනීම ටිකක් අමාරුයි තමයි. හැබැයි ගිෆ්ට් කාඩ් වගේ දෙයක් මිල දී අරං තියාගත්තොත් මේ තහංචි අඩු වුණ දවසක පාවිච්චි කරන්න පුළුවන්. වෙළෙඳසලට අත්වැලක් වෙන්නත් පුළුවන්.

ටිප් එකක්

කැෆේ වගේ හුඟක් රෙස්ටොරන්ට්වල ටිප් එකක් දාන්න පොඩි බඳුනක් කවුන්ටර් එකේ තියල තියනවා. ඒ අය සර්විස් චාජ් එකක් අය කළත්, පුංචි ටිප් එකක් දෙන්න කරුණාවන්ත වෙන්න පුළුවන් නම් එයාල සතුටු වෙයි. පාර අයිනේ තියන කොත්තු රයිස් කඩේකින් කෑවත් වේටර්වරයට ටිප් එකක් දෙන්න නම් අමතක කරන්න එපා.

සෝෂල් මීඩියාවලින් සහාය

රෙස්ටොරන්ට් එකකින් කනවා නම් හරි, ඕඩර් කරලා ගෙන්නගන්නවා නම් හරි, කෑමවල පින්තූරයක් අරන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් අප්ලෝඩ් කරලා රෙස්ටොරන්ට් එකට සපෝට් එකක් දෙන්න ඔයාට පුළුවන්. ලයික්ස්, කමෙන්ට්ස්, ෂෙයාර්ස්, ෆලෝස්වලින් සහාය පළ කරන්න වගේ ම, ඔයා ආස රෙස්ටොරන්ට්ස් ගැන සෝෂල් මීඩියාවල පෝස්ට් කරන්න, එයාලගේ ඩිස්කවුන්ට්ස්/ ඔෆර්ස් ගැන යාළුවො දැනුවත් කරන්න එහෙමත් අමතක කරන්න එපා.

හොටෙල්

හුඟක් හොටෙල්ස් දැන් ඕපන්. ඒ වගේ ම එයාල මේ දවස්වල සෑහෙන ලොකු ඩිස්කවුන්ට්ස්/ ඔෆර්ස් දෙනවා. විශේෂයෙන් ම ඩේ අවුට් පැකේජස් එහෙම. ඉතින් ඔයාගේ ආදරණීයයන් එක්ක ඩේ අවුට් එකක් ප්ලෑන් කරන්න මේක හොඳ කාලයක්. ඔයාටත් හොඳ සැහැල්ලු නිවාඩුවක් ගෙවන්න පුළුවන්. අපේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට උදව්වක් කරන්නත් පුළුවන්.

අලුත් ම ඩේ අවුට් පැකේජස් ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.

රිවීව් එකක්

මේ අසීරු දවස්වල අපේ ම අයගේ බිස්නස්වලට වචනයකින් හරි සහායක් වෙන්න පුළුවන් නං ඒක හුඟක් වැදගත්. ඉතින් ඔයා බඩු ගත්ත කඩ/ ගිය හෝටල්/ රෙස්ටොරන්ට්වලට ගූගල් රිවීව්ස්වල හරි, ට්‍රිප් ඇඩ්වයිසර් එකේ හරි, ෆේස්බුක් එකේ හරි පුංචි රිවීව් එකක් දෙන්න. ඔයා කැමති ම රෙස්ටොරන්ට් එක ගැන ලියන්න දෙයක් තියනවා නං ලියන්න, යමු වෙබ්සයිට් එකෙත් තියනවා යූසර් රිවීව් ඔප්ෂන් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide