2017 ස්වර්ණ පුස්තක සම්මානය කාටද?; අවසන් පස්කොන් සටන දැන් ඇරඹුණා!.

ස්වර්ණ පුස්තක සම්මානය කියන්නේ මොකක්ද?

මේ සම්මාන උලෙළ  ගැන දන්නේ නැත්තන් ඇත්තමයි ලංකාවේ ඉඳලත් වැඩක් නැහැ. හැබැයි කොයිකටත් කියලා ඒ ගැනත් පොඩි විස්තරයක් කියල ම මේ කතාව පටන්ගන්නම්කො.

සැප්තැම්බර් මාසය හැඳින්වෙන්නේ සාහිත්‍ය මාසය විදියට. සාහිත්‍යය, පොතපත ගැන ලොකු කතිකාවත් වෙන මේ මාසයේදී, කොළඹ පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බොහොමයක් දෙනාගේ ආකර්ෂණය, අවධානය දිනාගන්න සමත් වෙනවා. ලංකාවේ හතර දිග් බාගෙම ඉන්න පොත්ගුල්ලෝ මේ ප්‍රදර්ශනයට එන්න ලක ලෑස්ති වෙන්නේ මාස ගණනක ඉඳලයි. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ  කියන්නේ මේ ප්‍රදර්ශනයට අනුබද්ධිත ව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයෙන් පවත්වන සම්මාන උලෙළ ක්. තවත් පරම්පරාවක පොත් රචකයන්ට, සිංහල සාහිත්‍යය වෙනුවෙන් හොඳ කෘති ඉදිරිපත් කිරීම සඳහා දිරිමත් කිරීමක්, ඇගයීමක් මේ සම්මාන උලෙළ  හරහා සිද්ධවෙනවා.

මුලින් ම වෙන්නේ මේ සම්මාන උලෙළ  වෙනුවෙන් කතුවරුන්ගේ නවකතා නිර්මාණ යොමුකිරීමේ කාල සීමාවක් ලබාදීමයි. ඒ කාලය ඉවර වුණාට පස්සේ, මේ පොත්වල ඇගයීම සිදු කරන්නේ විනිශ්චය මණ්ඩල තුනක් ඇසුරින්. පාදක මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ උත්තරීතර මණ්ඩලය වශයෙන් මේවා හැඳින්වෙනවා. කතුවරු යොමු කරපු පොත් කියවලා බලන පාදක මණ්ඩලය, ඒ අතරින් හොඳම පොත් 10 – 15ත් අතර ප්‍රමාණයක් තෝරාගන්නවා. මේ පොත්වලින් අවසාන වටයට තේරෙන පොත් 5 තීරණය කරන්නේ මධ්‍ය මණ්ඩලයයි. ඒවායිනුත් ස්වර්ණ පුස්තයකය තෝරාගැනීමේ වගකීම පැවරෙන්නේ උත්තරීතර මණ්ඩලයටයි. ස්වර්ණ පුස්තක සම්මානය දිනාගන්නා කෘතියටත්, අවසන් වටයට තේරෙන අනිත් පොත්වලටත් මුදල්මය ත්‍යාග ප්‍රදානය වෙනවා.

2016දී සම්මාන ලැබුව අය කවුද?

2016 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ ේ අවසාන වටයට තේරුණු පොත් පහ වෙන්නේ ලියනගේ අමරකීර්ති මහත්මයා ලියපු “අහම්බකාරක”, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයාගේ “මාණික්කාවත”, සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ “කොළඹයා සහ ෂැන්හයියා”, එරික් ඉලයප්ආරච්චි මහත්මයාගේ “පරදේසි” සහ සුමුදු නිරාගී සෙනෙවිරත්න මහත්මිය ලියපු “දුල්වල අලංකාරේ” කියන කෘතීන්. මේ අතරින් ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුණේ ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත අහම්බකාරක නවකතාවටයි. එතුමා විසින් දිනාගනු ලබපු දෙවැනි ස්වර්ණ පුස්තක සම්මානය මෙයයි.

2017 ස්වර්ණ පුස්තක සම්මානය කාටද?

මේ සැරේ ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් යොමු වුණු නවකතා සංඛ්‍යාව 96ක්. ඒ අතරින් දෙවැනි වටයට පොත් 12ක් තෝරා ගැනුණා. ඒවා අතරිනුත් අවසන් වටයට තේරුණේ මෙන්න මේ පොත් පහයි.

“සිය සිය පත් සිය" – සුමිත්‍රා රාහුබද්ධ

“වණ්ණ දාසි” – කත්‍යානා අමරසිංහ

“ගරුඩ මුහුර්තය" – කීර්ති වැලිසරගේ

“ප්‍රංශ පෙම්වතා" – ශාමෙල් ජයකොඩි

“හඳ පළුව තනි තරුව” – නිශ්ශංක විජේමාන්න  

පස්දෙනෙකුගෙන් සැදුණු උත්තරීතර මණ්ඩලයට මේ පොත් පහ අතරින් ස්වර්ණ පුස්තකය තෝරාගැනීමේ බැරෑරුම් රාජකාරිය පැවරිලා තියෙනවා. සුමිත්‍රා රාහුබද්ධ, කීර්ති වැලිසරගේ යන දෙපළ ම, මීට පෙරත් මේ විදියට ස්වර්ණ පුස්තක සම්මාන උළලේ අවසන් වටයට සුදුසුකම් ලබපු අය. 2010 අවුරුද්දේදී ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණෙ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියට වීමත් විශේෂත්වයක්. ඒ එතුමිය ලියපු “කන්දක් සේමා” කෘතියට.

ඉස්සර නම් ස්වර්ණ පුස්තකය බවට පත්වෙන ග්‍රන්ථයට ලැබෙන්නේ රු.500,000ක මුදලක්. හැබැයි මේ අවුරුද්දේ ඒ තෑගි මුදල රුපියල් 7,50,000ක් දක්වා ඉහළ නංවලා. අවසන් වටයට තේරුණු පොත්වලට ලැබුණු රුපියල් 50,000 මුදල් ත්‍යාගය, 2017දී රුපියල් 100,000 දක්වා වැඩි කරලා තියෙනවා.

කොහොම වුණත් මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තකය ලැබෙන්නේ කාටද කියන එක අපට දැනගන්න ලැබෙන්නේ සැප්තැම්බර් 9 වෙනිදායින් පස්සෙයි. මොකද ස්වර්ණ පුස්තක උලෙළ  පැවැත්වෙන්නේ එදාටනේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් විදියට මේ උත්සවය පවත්වන්න දැනටමත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි, සැප්තැම්බර් 15 – 24 දවස්වල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මේ පොත් මිලදී ගන්නත් ඔයාලාට අවස්ථාව ලැබෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide