හැන්දෑවට එන තේ තිබහ නිවාගන්න ගෙදර යනකන් ඉන්න බෑ වගේ ද? මේ තමයි ඒකට උත්තරේ..
රු. 100කට අඩු පුංචි මිලකට තේ එකක් තොල ගාන්න.. යන එන ගමනේ ගොඩ වෙන්න, කොළඹ අවට විසිරිලා තියන පුංචි පුංචි තේ කඩවල ලිස්ට් එකක් මේ!
Chaiwala Colombo
චායිවාලා කලම්බෝ කියන්නෙ ටුක් එකක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් මේක පාක් කරන්නේ මරීන් ඩ්‍රයිව් එකේ. OZO Colombo එක කිට්ටුව. මෙනු එක සරලයි, මිලෙනුත් අඩුයි. රු. 100ට අඩුවෙන් ගන්න පුළුවන් තේ ජාති කීපයක් සහ ස්නැක්ස් ජාති කීපයක් තමයි තියෙන්නෙ. හොඳ සුවඳකින් වගේ ම ස්පයිසි ගතියෙන් අනූන මෙයාලගෙ තන්දුරි චායි එක ඕන කෙනෙකුට උඩින් ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. පැණි රස පැත්තට කැමති අයට නං කාඩමම් චායි එක තමයි ගැළපෙන්නේ. තේවලට වඩා කෝපිවලට කැමති අයටත් ඔප්ෂන් එකක් තියනවා. ඒ තමයි සුක්කු කොෆී.
මේ ඔක්කොම කේක් රස්ක්, පොඩි මාළු පාන්, චිකන් කප්කේක්, ෆිෂ් තවා රොටි වගේ එක එක වර්ගේ ස්නැක්ස් ජාති කීපයක් එක්ක ගැලපුණාම ඉතින් පංකාදු පහයි.
Colombo Chaiwala
මේක පාර අයිනේ තියන තේ ට්‍රක් එකක් නෙමෙයි, බම්බලපිටියෙ තියන, හොඳට ඉඩකඩ එහෙම තියන පොඩි රෙස්ටොරන්ට් එකක්.
මෙතන තියන වැඩිපුර ම කැපිල පේන ගැළපුම තමා සමෝසා සහ චායි. මේගොල්ලන්ගෙ බීෆ් සමෝසා එක කොළඹින් අපි කාපු රස ම සමෝසා එකක් කියන්න පුළුවන්. චායිත් එහෙම තමා. ඊට අමතරව චායි කෝප්පෙකට ගැළපෙන පැණි රස ජාති කීපයකුත් මෙතන තියනවා.
කලම්බෝ චායිවාලා එකේ මිල ගණන් සාක්කුවට පහසුයි. තේ මිල ගණන් තියෙන්නෙ රු. 80 සිට රු. 150 දක්වා පරාසයක. ස්නැක්ස් ජාති රු. 150 සිට ඉහළට ලබාගන්න පුළුවන්.
Unu Unu Tea Express
උණු උණු ටී එක්ස්ප්‍රස් තේ ස්ටෝල් එක තියෙන්නේ බම්බලපිටියේ ජයා පාරේ. හොඳ දේශීය කුළුබඩු පාවිච්චි කරලා හදපු තේ කෝප්පයක රස බලන්න මෙතනිනුත් පුළුවන්.
මෙතන තේ වර්ග හතරක් තියනවා. සැෆ්රොන් ටී, කාඩමම් ටී, ස්පයිස්ඩ් ලයිම් ටී සහ ස්පයිස්ඩ් ප්ලේන් ටී. හතර ම සුපිරි. නමේ හැටියට ම උණු උණුවෙන් ආපු සැෆ්රොන් ටී එකේ රස අපිට අමතක වෙන්නෙ නෑ. හැම තේ කෝප්පයක් ම රු.100යි.
Bombay Chaiwala
බොම්බේ චායිවාලා එකේ මසාලා චායි, කාඩමම් චායි, ලයිම් ප්ලේන් ටී, ජින්ජර් ප්ලේන් ටී වගේ විවිධ තේ වර්ග තියනවා. මහානාම විද්‍යාලය ඉස්සරහ ඩුප්ලිකේෂන් පාර අයිනේ තමයි මේක තියෙන්නේ.
ස්නැක්ස් ගැන කිව්වොත්, පැණි පොල් පෑන් කේක්, සිනමන් රෝල්ස්, ඉස්සො වඩේ වගේ ජාති මෙතන තියනවා. මේ හැම දේ ම වගේ රු. 100ට අඩුයි.
Badam Doodh
වැල්ලවත්තේ බාදම් දූද් එක තේ ස්ටෝල් එකක් ම නෙමෙයි. මෙතන තියෙන්නේ විවිධ වර්ගයේ විවිධ රස ආමන්ඩ් කිරි. ඒ නිසා අපි හිතුවා මේ ලිස්ට් එකට ඒගොල්ලන්වත් ඇතුළත් කරන්න ඕනේ කියලා.
බාදම් කීර්, බාදම් රෝස් මිල්ක්, බාදම් දූද් ආදී උණු සහ ශීත කළ ආමන්ඩ් කිරි මෙයාලා ළඟ තියනවා. හැම එකක් ම රු. 120ට අඩුයි. බ්‍රෙඩ් චාට් නැත්තං බැනොෆී පුඩිං වගේ රස දෙයක් එක්ක ගළපගෙන බොන්න තමයි තියෙන්නෙ.