හොඳම චොකලට් කිරි වර්ගය මොකද්ද?; මේ අපේ අත්දැකීම.

චොකලට් රසය කියන්නේ බාල මහලු භේදයක් නැතුව අපි හැමෝම ආස කරන රසයක්නේ. ගෑවිච්ච තැනක කන්න පුළුවන් ජාතියක් ගානට තමයි අපේ අය චොකලට් ගැන කතා කරන්නේ. කොහොම වුණත්, චොකලට් කිරිවලට අපේ තියෙන ආසාවත් ඊට දෙවැනි නැහැ. වැනිලා කිරිවලට අකමැති අය හිටියත්, චොකලට් කිරි බොන්න කැමති නැති කෙනෙක් හොයාගන්නම නැති තරම්. මහන්සිය නිවාගන්න වගේම, බඩගින්න නැතිවෙන්නත් බොන්න පුළුවන් බීමක් නිසා තමයි චොකලට් කිරි ලංකාවේ මෙච්චර ප්‍රසිද්ධ බීමක් බවට පත්වෙලා තියෙන්නේ.


අද වෙද්දී ලංකාවේ සුපර් මාකට් එකක් පැත්තේ, එහෙමත් නැත්නම් සාමාන්‍ය සිල්ලර කඩයක් පැත්තේ ගියොත් අපට දැකගන්න පුළුවන් චොකලට් කිරි වර්ග බොහොමයක් තියෙනවා. Newdale, Highland, Rich Life, Kothmale, සහ Daily තමයි මේ අතරින් ප්‍රධානම. ඉතින් මේ කිරි වර්ග අතරින්, හොඳම රසයක් තියෙන චොකලට් කිරි වර්ගය මොකද්ද ඇහුවොත්, අපේ උත්තර මොන වගේ වෙයිද? මේ ගැන හිතල බලපු YAMU එකේ අපේ කට්ටිය, ඒකට උත්තරේ හොයාගන්න පොඩි අත්හදා බැලීමක් කළා. ඒ තමයි කට්ටියත් එක්ක එකතු වෙලා, මේ හැම චොකලට් කිරි වර්ගෙම බීලා බලපු එක. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ අත්දැකීම, මෙහෙම ඔයාලත් එක්ක බෙදාගන්න අපි හිතුවා.

Newdale

ඉස්සර පැකට් විදියට සුලභව දැකගන්න තිබුණත්, පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක එන Newdale කිරි තමයි දැන් කඩේ වැඩිපුරම තියෙන්නේ. යන එන ගමන් වුණත් ලේසියෙන් බොන්න පුළුවන් විදියට හදලා තිබුණත්, එච්චර හොඳ චොකලට් රසයක් Newdale චොකලට් කිරි එකේ නැහැ. උකු ගතිය පැත්තෙන් ගත්තත්, අනිත් කිරි වර්ගවලට වඩා ගොඩක් අඩු උකු ගතියක් තමයි Newdale කිරි එකේ තිබුණේ. සීනි ගතියෙන් වැඩි වගේම, තරමක දිය රසක් මේකෙන් අපට දැනුණා. ස්වභාවික කිරි රසින් අඩු, කෘත්‍රිම රසක් මේ චොකලට් කිරි එකේ තියෙනවා කියලයි, අපට නම් දැනුණේ.

                                                                                                         ★☆☆☆☆ 1/5

Rich Life

Rich Life මිලිලීටර් 500 බෝතලය මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි. සීනි වැඩියෙන් දාලා තියෙන නිසා චොකලට්වල රසය මැකිලා ගිහින් කියලයි අපට නම් හිතුණේ. ඒත් උකු ගතිය සහ ස්වභාවික කිරි රසය පැත්තෙන් ගත්තොත්, කියන්න තරම් වරදක් මේකේ නැහැ.

                                                                                                         ★★☆☆☆  2/5

Daily

තරමක උකු ගතියක් වගේම චොකලට් රසයක් තියෙන කිරි වර්ගයක් විදියට Daily හඳුන්වන්න පුළුවන්. ඕනෙවට වඩා වැඩි සීනි රසයකුත් Daily කිරි එකේ නැහැ.  සාමාන්‍යයෙන් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියේ එන කිරිවල තියෙන්නේ මිලිලීටර 180ක් වුණත්, Dailyවල කිරි මිලිලීටර 200ක්ම තියෙනවා. ඒ කියලා මිලේ වැඩිවීමක් ඇත්තෙත් නැති නිසා, පොකට් එකටත් මේක වාසියි.

                                                                                                         ★★★☆☆ 3/5

කොත්මලේ

ස්වභාවික කිරි රසයෙන් අනූන කිරි වර්ගයක් විදියට බයක් නැතුව කොත්මලේ කිරි හඳුන්වන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අපි ඉස්කෝලේ යන කාලේ අපි අතර ගොඩක්ම ජනප්‍රිය වුණෙත් මේ කිරි වර්ගයම තමයි. පැකට් විදියට වගේම මිලිලීටර 180, ලීටර් 1 ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටිවලිනුත් කොත්මලේ කිරි මිලදී ගන්න පුළුවන්. චොකලට් රස, ස්වභාවික කිරිවල උකු ගතිය හොඳින්ම දැනුණත්, දැන් කොත්මලේ කිරිවල සීනි රස නම් ටිකක් වැඩි ගතියක් තමයි අපට නම් තේරුණේ.

                                                                                                         ★★★★☆  4/5

Highland කිරි පැකට්

ඉස්සර වගේම තමයි, තවමත් Highland එන්නේ කිරි පැකට් එකක් විදියට. ඒ නිසා මග යන එන ගමන් බොන්න නම් ටිකක් අමාරුයි.ඒත් අනිත් චොකලට් කිරි වර්ගත් එක්ක සංසන්දනය කළාම උකු ගතිය වැඩියෙන්ම තියෙන්නේ Highlandවල බව සැකයක් නැතිව කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේකේ බොහොම හොඳ චොකලට් රසක් තියෙනවා. අඩුත් නැති වැඩිත් නැති ගාණට තියෙන සීනි රසය නිසා තමයි මේ චොකලට් රස වඩාත් හොඳින් දැනෙන්නේ. කිසිම විදිහක කෘත්‍රිම රසයක් මේ කිරි එකේ නැහැ.

                                                                                                       ★★★★☆  4/5

Highland බෝතල් කල කිරි

අපි හැමෝම දන්න කල් කිරි; මේක තමයි බීම. ඒලෙවල්, ඕලෙවල් පන්ති යන කාලේ අපේ ජාතික පානය වුණු Highland කල් කිරි, එදා වගේම අදත් කිසි අඩුවක් නැතුව අපට රස විඳින්න පුළුවන් චොකලට් කිරි වර්ගයක්. මිලිලීටර 250ක වීදුරු බෝතලයක් විදියට එන මේ චොකලට් කිරි එකේ ගාණ නම් එන්න එන්නම ටික ටික වැඩි වෙනවා. ඒත් රසය පැත්තෙන් ගත්තම නම්, හොඳම කිරි වර්ගය මේක කියල නිසැකයෙන්ම කියන්න පුළුවන්. කිසිම කෘත්‍රිම ගතියකින් තොරව, ස්වභාවික කිරි රසය වගේම චොකලට් රසයත් හොඳින්ම දැනෙන කිරි වර්ගයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. සීනිත් ගානට තියෙන නිසා තමයි මේකේ චොකලට්  රසත් වැඩිපුර දැනෙන්නේ. හැබැයි වීදුරු බෝතලයක් නිසා එහෙ මෙහෙ අරන් යන එක නම් අමාරුයි. අනිත් දේ තමයි පාරේ තොටේ තියෙන සිල්ලර කඩවල්වලින් නම් බෝතලේට ගාණක් තියාගෙන පිටට ගෙනියන්න දුන්නත්, Highland කිරි හල්වලින් නම් ඒ අවස්ථාව දෙන්නේ නැහැ.

                                                                                                      ★★★★☆  4.5/5

කිරි වර්ගය ප්‍රමාණය (මිලිලීටර) මිල (රු.)
Newdale 180 45
Rich Life 500 160
Daily 200 45
කොත්මලේ 180 45
Highland කිරි පැකට් 180 35
Highland බෝතල් කල කිරි 250 65

කලින් සඳහන් කළා වගේම, රසයෙන් වැඩිම චොකලට් කිරි වර්ගය විදියට අපි දැක්කේ Highland කල් කිරි එක. මිල ටිකෙන් ටික වැඩිවෙන ගතියක් තිබුණත් මේ රස බොහොම මතක හිටින රසක්. Highland කිරි පැකට් එකේ රස මේ තරම් හොඳ නොවුණත්, එකේ තියෙන වැඩි උකු ගතියත්, චොකලට් ගතියත් නිසා අනිත් කිරි වර්ගවලට වඩා හොඳ රසයක් තියෙනවා. කොත්මලේ කිරිවල අපිට දැනුණ ලොකුම අවුල තමයි සීනි ගතිය වැඩිකම. මේ ප්‍රශ්නය Rich Life වගේම, Newdale කිරිවලත් අපට හොඳින්ම තේරුණා. Daily කිරි එකේ සීනි වැඩිකමක් අපට එතරම් නොදැනුණත්, උකු ගතිය නම් ටිකක් මදි. කොහොම වුණත්, Newdale කිරි එකේ වගේ කෘත්‍රිම රසක් නම් වෙන කිසිම කිරි වර්ගයකින් අපට නොදැනුණ බව අනිවාර්යෙන්ම කියන්න ඕනේ.

අපි මේ කිව්වේ චොකලට් කිරි සම්බන්ධයෙන් අපේ අදහස්නේ. මේ ගැන ඔයාලගේ අත්දැකීම් කොහොමද? අපිත් කැමතියි ඔයාලත් ඒවා අපිත් එක්ක බෙදාගන්නවානම්. ඒවත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොඳද.

 

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide