නිල් අහසට කැමති නැති කට්ටියක්! කවුද මේ වලාකුළු සමාජය?.

වලාකුළු නැති පැහැදිලි අහසක් කියන්නේ වැහි ලකුණු නැති දීප්තිමත් දවසක පෙර නිමිත්තක්. ‘නිල් අහස් තලේ අගේ – නෑ වලාකුළු’ කියල පුංචි කාලේ අපි සින්දුත් කිව්ව නේ. හැබැයි අහස තනිකර නිල් පාට වෙනවට කැමති නැති පිරිසකුත් ඉන්නව ලු. ඒ තමයි වලාකුළු ලෝලියෝ. අපි අතරෙත් මෙහෙම අය ඉන්නව නේ. අමුතු ලස්සන වලාකුළක් දැක්ක ගමන් තැන නොතැන නොබලා ෆොටෝ ගහන්නෙ මේ වගේ අය.

ඉතින් ලෝකේ වටේ ම ඉන්න මේ වගේ වලාකුළු පිස්සො එකතු වෙලා සමාජයක් හදාගෙන. දැනගෙන හිටියෙ නෑ නේද ඒ වගක්? මේකට කියන්නෙ The Cloud Appreciation Society කියලා. මුළු ලෝකෙ ම විසිරිලා ඉන්න වලාකුළුවලට ආදරේ කරන පිරිසක් තමයි මේකේ සාමාජිකත්වය දරන්නේ.

ආරම්භය

වලාකුළු සමාජය පටන් අරන් තියෙන්නේ 2005 දි. මුල් ම සාමාජිකයා හෙවත් මේකේ ආරම්භකයා තමයි ගැවින් ප්‍රිටෝ-පිනේ. දැනට රටවල් 120ක වලාකුළු නරඹන්නන් 50,000කට අධික ප්‍රමාණයක් මේ සමාජයේ සාමාජිකත්වය දරනවා. වැඩි ම සාමාජික ප්‍රමාණයක් ඉන්නේ එක්සත් රාජධානියෙන්. ඒ 26,000ක පමණ පිරිසක්. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයෙන් සාමාජිකයන් 14,000ක් ඉන්නවා. ලංකාවෙන් නම් තාම ඉන්නේ සාමාජිකයන් සිව්දෙනයි.

වලාකුළු සමාජය

වලාකුළුවලට ආදරේ කරන, ඒවයේ කලාත්මක බව අගය කරන, ඒවා ස්වභාව ධර්මයේ කාව්‍යාත්මක එළිදැක්වීම් බව විශ්වාස කරන පිරිසක් තමයි මේ සමාජයේ ඉන්නේ. ඔවුන් අතර කාලගුණ විද්‍යාඥයන්, මාධ්‍යවේදීන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, නීතිඥයන් වගේ විවිධ විචිත්‍ර ක්ෂේත්‍රවල නියැළෙන අය ඉන්නවා.

ඔවුන් වලාකුළු ගැන කලාත්මක වගේ ම විද්‍යාත්මක හැදෑරීම් සිදු කරනවා. අදහස් හුවමාරු කරගන්නවා. වලාකුළු ගැන නිර්මාණය වුණු කවි, චිත්‍ර, සංගීතය වගේ ම වීඩියෝ එහෙමත් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගන්නවා. අමුතු අමුතු අපූරු වලාකුළු ෆොටෝ බෙදාගන්න පුළුවන් Cloudspotters නම් ඇප් එකකුත් මේගොල්ලන්ට තියනවා.

හැබැයි මේක ලාභ නොලබන සංවිධානයක් නෙවෙයි. ඒ කියන්නේ ව්‍යාපාරික සමාජයක්. ඔවුන් වලාකුළු ගැන ලියැවුණු පතපොත, ඇඳුම් ආයිත්තම්, පුංචි පුංචි උපකරණ වගේ දේවල් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනවා. ඉතින් මේක හරි අපූරු වැඩක්!

අහස අල්ලනවට විරුද්ධව!

වලාකුළු සමාජය කලාත්මක දේ කරනවට අමතරව ස්වභාව ධර්මයට එරෙහිව යන මිනිස්සුන්ගේ ක්‍රියාවලට විරෝධය පළ කරන්නත් කටයුතු කරනවා. Skywriting, නැත්තං අහසේ ලිවීම කියන්නෙ ඒ වගේ මෑත කාලේ ජනප්‍රිය වුණ වැඩක්. මේකෙදි සිදු කරන්නේ ගුවන් යානාවල දුම පාවිච්චි කරලා අහසේ අකුරු, ඉලක්කම් ආදී හැඩ ඇඳීම. බලන් ඉන්නකොට ලස්සනට පෙනුණට මේක හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඇඩ්වටයිසිං කැම්පේන්වලට. නැත්තං පොලිටිකල් කැම්පේන්වලට.

මේක නීති විරෝධී වැඩක් විදිහට මෙච්චර කල් නම් වෙලා තිබුණත් එක්සත් ජනපද රජය විසින් මෑතකදි ස්කයි රයිටිං නීත්‍යනුකූල කළා. දැන් ඒ නිසා ඕනෑ ම කෙනෙකුට තමන් කැමති ඕනෑ ම දෙයක් ගැන ඇඩ්වටයිස් කරන්න අහස පාවිච්චි කරන්න පුළුවන්. වලාකුළු සමාජය මේ දවස්වල අහස බිල්බෝඩ් එකක් කිරීමට විරෝධය පළ කරන්න ඔන්ලයින් පෙත්සමක් අත්සන් කරගෙන යනවා. ඔවුන් කියන්නේ තම තමන්ගේ දැන්වීම් පළ කරන්න අහස පාවිච්චි නොකර සිටිය යුතුයි කියලයි. එහෙම කරන එක ස්වභාව ධර්මය දූෂණය කිරීමක් බවයි ඔවුන්ගේ මතය.

වලාකුළක් වෙන්න

ඉතින් ඔබත් වලාකුළු පිස්සෙක් නම්, වලාකුළු සමාජය එක්ක එකතු වෙන්න කැමති නම්, ඒගොල්ලන්ගේ වෙබ් අඩවියට පිවිසිලා සාමාජිකත්වය ගන්න ඔබටත් පුළුවන්. හැබැයි ඒ අය සාමාජිකත්ව ගාස්තුවක් අය කරනවා. කොහොම වුණත් ඒ අය එක්ක එකතු වුණොත් ලේසියෙන් නොලැබෙන, අලුත් විදිහේ අත්දැකීමක් ලබන්න ඔබට පුළුවන් වෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide