කොරෝනා නිසා මිස් වෙන, ‘යමු’ එකේ අපි කට්ටිය ආසම දේවල්...

ඔන්න! ඇඳිරි නීතියට යට වෙලා ගෙදරට ම වෙලා ගත කරපු මාස දෙකකට පස්සේ, දෙයියනේ කියලා පහුගිය 26 වෙනිදා (සීමිත කොන්දේසි කීපයකට යටත්ව) රට ආයෙත් විවෘත වුණා.

හැබැයි ඉතින් කොහොම වුණත් ටික කාලයක් යනකං තත්ත්වය ‘සාමාන්‍ය’ අතට හැරෙන එකක් නෑ කියල අපි හැමෝම දන්නවනෙ. ඒ කියන්නෙ, කොරෝනා තත්ත්වය තාමත් සම්පූර්ණයෙන් ම පහ වෙලා නැති නිසා, එළිපහළියට යන්න පුළුවන්කම තිබුණත් අපි ගන්න හැම පියවරක් ගැන ම අපි සෑහෙන වගකීම් සහගත වෙන්න ඕනේ.

මාර්තු දෙවෙනි සතියේ ඉඳන් ‘යමු’ එකේ අපි කට්ටිය වැඩ කළේ ගෙදර ඉඳන්. වර්ක් ෆ්‍රොම් හෝම්! ඉතින් කාලෙකින් එළියට බහින්න බැරි වුණ එක ගැන අපිට ටිකක් හිතට අමාරුයි. ඒ වගේ ම අපිට අපිවමත් මිස් වෙලා නේ. ඒ හින්දා මේ කාලේ මඟ ඇරිලා ගිය, අපි ආස කරන දේවල්වල ලිස්ට් එකක් හදන්න අපි හිතුවා.

දිනේෂ්

බජට් ට්‍රැවලිං, ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි

ඕන දවසක බීච් එක අයිනට වෙලා ඉන්න තියනව නං දිනේෂ්ට ඊට වැඩිය දෙයක් නෑ. එයාගෙ වැඩේ ම ඉතින් බීච් එක අයිනෙ තියන බජට් හොස්ටල් එකකට වෙලා චිල් එකේ රෑ ගත කරන එක තමයි. ඒ වගේ ම මෙයා කෝපි පිස්සෙක්. ඉතින් දිනේෂ් වහ වැටුණු තැනක් තියනවා නං, එතන අනිවාර්යයෙන් හොඳ කෝපි තියන තැනක්.

‘යමු’ එකේ අපි කවර් කරන ඉවෙන්ට් එකක් තියන ඕන තැනකදි, කැමරාවකුත් එල්ලගෙන ඉන්න දිනේෂ්ව ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් ඉවෙන්ට්ස්වලට එන මිනිස්සුයි ඒගොල්ලො කන කෑමයි ෆොටෝ ගන්න පුරුද්ද මේ දවස්වල මෙයාට හරියට මිස් වෙනවලු..

බුද්ධික

කඳු නැඟීම, කිමිදීම, පප්පා බාර්

කඳු නඟින එකයි ඩයිව් කරන එකයි වගේ ම ට්‍රැවලිං ජීවිතේ ම කරගත්ත බුද්ධික, ට්‍රැවල් කරන්න හිතුණම වීක් එන්ඩ් එකක් එනකං බල බල ඉන්නෙ නෑ. ජීවිතේ තියෙන්නෙ මේ මොහොතෙ කියල තමයි එයා විශ්වාස කරන්නෙ. ඇත්තට ම ඒක මේ කොරෝනා කාලෙන් අපිට ඉගෙනගන්න තියන එක පාඩමක්. ජීවිතේ කොච්චර කෙටි ද සහ ඒ කෙටි කාලෙ උපරිමේට ම විඳින්නෙ කොහොමද කියන එක අපි හැමෝට ම සිහි ගන්වන්න කොරෝනාවලට පුළුවන් වුණා. ඉතින් ගමන නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න, රට ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකං බුද්ධික ඇඟිලි ගැන ගැනයි ඉන්නෙ.

කොළඹ තියන තරු පහේ පොෂ් බාර්වලට බුද්ධිකගේ වැඩි කැමැත්තක් නෑ. එයා කැමති නගරෙන් ටිකක් එහාට වෙන්න තියන, ගණනුත් අඩු, ලංකාවේ ස්ටයිල් එකට බයිට් හදලා දෙන, එයාගෙ ම වචනවලින් කිව්වොත් ‘පප්පා බාර්’ එකකට වෙලා පාඩුවෙ චිල් කරපු බියර් එකක සුවය විඳින්න. ඉතින් කොරෝනා කාලෙ ඉවර වුණාම ඒ වැඩෙත් නවත්තපු තැනින් පටන්ගන්නයි බුද්ධිකගේ අදහස.

චන්දන

වෙරි වීම!

මේක නං කාට කාටත් මිස් වෙන දෙයක්. හැබැයි දැන් වෙද්දි නං ඉතින් මත්පැන් අලෙවිය ආයෙත් යථා තත්ත්වයට පත් වෙලා නිසා අවුලක් නෑ. ඒත් ඉතින් යාළුවො එක්ක දාන ‘බොන පාටි’ සහ ගහන ‘පොඩි අඩි’ එහෙම චන්දනට මිස් වෙනව කියලයි ආරංචි..

චතූ

රිවීව්ස්, සිකුරාදා හැන්දෑවල්

මට විතරක් නෙමෙයි, රෙස්ටොරන්ට්ස් රිවීව් කරන එක නං ‘යමු’ එකේ එඩිටෝරියල් එකේ ඉන්න අපි හැමෝට ම මිස් වෙනවා. එක එක ජාතියෙ කෑම විතරක් ම නෙමෙයි, රිවීව් එකක් කියන සම්පූර්ණ අත්දැකීම ම කාලෙකින් ලැබුවෙ නැති නිසා හිතට පොඩ්ඩක් අමාරුයි. කන්න කලින් කැමරා ආම්පන්න එළියට ගන්නකොට රෙස්ටොරන්ට් එකේ ස්ටාෆ් එකයි වටපිටේ ඉන්න අයයි කුතුහලෙන් බලන එක, (අපි රෙස්ටොරන්ට්ස් රිවීව් කරන්නෙ එයාලගෙ අනුදැනුමකින් තොරව නිසා) දෙන්නෙක් ගියත් ගමකට කෑම ඕඩර් කරන එක වගේ පොඩි පොඩි ජොලි වැඩ එහෙම අපිට සෑහෙන මිස් වෙනව ඉතින්. හැබැයි දැන් නං ටික ටික රෙස්ටොරන්ට්ස් ඕපන් කරගෙන යන හින්දා ළඟදි ම ආයෙත් ඒ එක්ස්පීරියන්ස් එක ලබන්න පුළුවන් වෙයි කියල අපි බලන් ඉන්නවා.

ඒත් ඉතින් සිකුරාදා හැන්දෑවට යාළුවො එක්ක කොහේදි හරි සෙට් වෙන්න තාම බැරි එක නං හිතට දුකක්..

මුබාරක්

ක්‍රිකට් ප්‍රැක්ටිස්, රෑ එළි වෙනකං ෂූටිං

අපේ ආයතනයේ ක්‍රිකට් ටීම් එකට ප්ලේ කරන මුබාරක්, ඒ වැඩේ කරන්නේ හරි ම කැපවීමෙන්. අසනීප වුණොත් මිසක් ප්‍රැක්ටිස් මිස් කරන්නෙ නැති හොඳ ක්‍රීඩකයෙක් මෙයා. කොළඹ නගරෙ ඇඳිරි නීතිය ඉවත් කරලා හින්දා දැන් මුබාරක් ඇඟිලි ගනින්නේ ආයෙත් ප්‍රැක්ටිස් පටන්ගන්නකන්.

‘යමු’ එකේ රෑ එළි වෙනකං කරන ෂූට්ස් කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. සමහර වෙලාවට රෑට ඔෆිස් එකේ පොඩි ඉඩක නිදාගන්න මේගොල්ලො පාන්දර තුනට නැගිටලා ෂූටිං පටන්ගන්නවා. කොහොම වුණත් මෙයාල මේ වැඩේ කරන්නෙ හරි ම විනෝදෙන්. ඒ වගේමයි ෂූටිං දවසට නිකං ලැබෙන කෑමබීම එහෙමත් මුබාරක්ට මිස් වෙනවලු..

කුගන්

දිනේෂ් එක්ක වලි දාගැනීම, ෆුඩ් ෆොටෝග්‍රැෆි

දිනේෂ් සහ කුගන් අතරේ යන වලි කියන්නෙ ‘යමු’ එකේ දිනපතා විනෝද සමයේ කොටසක්! වර්ක් ෆ්‍රොම් හෝම් නිසා මේ නාටකේ බලන්න නැතුව කුගන්ට විතරක් නෙමෙයි අපි හැමෝට ම පාළුයි..

කුගන් හොඳ ඡායාරූප ශිල්පියෙක්. අපි රිවීව්ස්වලට යන සමහර දවසට එයාවත් ඇදගෙන යන්නෙ ඒ හින්දමයි. මේ ටිකේ රිවීව්ස් නැවතිලා හින්දා කුගන්ට ෆුඩ් ෆොටෝග්‍රැෆි නං මිස් වෙන්න නියමිතයි..

ෆාරිල්

බැඩ්මින්ටන්, යාළුවො, ට්‍රැවලිං

ෆිට්නස් ගැන හිතන හින්ද ම නෙමෙයි, ෆාරිල්ගේ ප්‍රියතම ක්‍රීඩාවත් බැඩ්මින්ටන්. ඉතින් එයාට ආයෙත් යාළුවො එක්ක බැඩ්මින්ටන් ගහන්න පුළුවන් වෙන දවස එනකං ඉස්පාසුවක් නෑලු. ඇඳිරි නීතිය අවසන් නිසා ආයෙත් පරණ පුරුදු ජීවිතේට යන්න පුළුවන්කම තිබුණත්, තාමත් අවදානම තුරන් වෙලා නැති නිසා කෝකටත් කියල තව ටික දවසක් ඉවසලා ඉඳල ම හෙමීට වැඩ පටන්ගන්නයි එයාගෙ ලෑස්තිය.

මේ පින්තූරේ ෆාරිල් පින්නවල අලි අනාථාගාරේ බලන්න ගිහින් ගත්ත එකක්. අපි හැමෝට ම වගේ ම එයාටත් ට්‍රැවලිං නං මේ ටිකේ මඟ ඇරිලා..

විශ්වි

හිටපු ගමන් යන ට්‍රිප්, Giovanni’s, චොක්ලට් ට්‍රීට් කේක්

අද කොළඹ නං අපේ විශ්වි හෙට කොස්ගොඩ පැත්තෙ ඉර බහිනව බලන්න ගිහින්. නැත්තං කොහෙහරි කන්දක් උඩ හති අරින ගමන්! හිටපු ගමන් හිතුණු ගමන් ඇවිදින්න යන එක විශ්විට සෑහෙන මිස් වෙනවා.

ඒ වගේ ම මාසෙකට සැරයක් Giovanni’s එක පැත්තෙ රවුමක් දාන එකත්. පිට්සා නං ළඟට ම ඩිලිවර් කරගන්න පුළුවන්කම තිබ්බත්, Giovanni’s එකේ තියන වටපිටාවටත් එක්කයි මං කැමති කියලයි විශ්වි කියන්නෙ. එතන හැමෝට ම හිතමිතුරුකමින් සලකන ගෙදර වගේ තැනක්.

ඒ විතරක් ද? විශ්විට ෆිෆ්ත් ලේන් එකේ ද කේක් ෆැක්ටරි එකේ චොක්ලට් ට්‍රීට් කේක් නැතුව පාළුයි ලු! චොක්ලට් ගතියෙන් අනූන, සුමුදු ස්පොන්ජ් තෙත ගතියට හැපෙන මෙයාලගෙ ත්‍රිකෝණාකාර කේක් කෑල්ලක් කියන්නෙ සතුටට තවත් නමක්..

ඉතින් ඕගොල්ලන්ටත් මේ කාලේ මිස් වෙන මේ වගේ දේවල් ගොඩක් ඇති. ඒ මොනවද? කමෙන්ට්ස්වලින් අපිට කියන්න..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide