මස් උඩින් චීස්! රු. 800ට අඩුවෙන් රස වෑහෙන ලසඤ්ඤා කන්න නියම කඩ 8ක්.

කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම හොයයි.

හහ්, නිකමට කිව්වෙ. ඒ වුනාට ඇත්තටම ලසඤ්ඤා කියන්නෙ පට්ට රස කෑමක්. ඉතාලියෙන් අපිට හුරු වුනාට දැන් දැන් නම් කට්ටිය අපේ රහටත් ලසඤ්ඤා හදනව. කොහොම වුනත් ඔරිජිනල්ම ලසඤ්ඤා රස බලන්න නම් ඉතාලියානු අවන්හලකට ගොඩ වෙන්න වෙනව. වැඩේ කියන්නෙ ඒ වගේ තැන් වල කෑම හරිම ගණන්නෙ.

එහෙමයි කියල අවුලක් ගන්න එපා. අපි කියන්නම් අඩු ගාණට රසම රස ලසඤ්ඤා කන්න කියාපු තැන් ටිකක්. පොඩියට අඹරල, රස පදමට මිරිස් තුන පහ දාලා පදම් කරල හදපු මස් තට්ටුවට උඩින්, දෙපැත්තෙන් බේරෙන තරමට දාන මෙලෙක් චීස් ටික මතක් වෙද්දි ඉබේටම තොල කට ලෙව කැවෙනව. උණු උණුවෙ මේසෙට එන ලසඤ්ඤා කෑල්ලෙ රස ඩබල් වෙන්නෙ ගම්මිරිස් සෝස් ටිකක් එක්ක තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගත්තාම තමයි.

එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්නකො අද හවසට බඩ පැලෙන්න ලසඤ්ඤා කන්න. හැබැයි කාලා නිකන් යන්න එපා, රස කොහොමද කියල අපිටත් කියන්න.

1. Crossroads

අඩුම ගාණට කොළඹ පැත්තෙ රසම ලසඤ්ඤා කන්න අපි දන්න තැන නම් නාවල ක්‍රොස් රෝඩ්ස් එක තමයි. අල්ලක් සයිස් ලොකු ලසඤ්ඤා කෑල්ල කාලා ඉවර කරන්න ලේසි නෑ. හැබැයි ඉතින් මෙයාලගෙ ලසඤ්ඤා එකට දාන මස් වල රස නම් සුපිරි. ඉතාලියානු අඩුම කුඩුම දාලා නියම ගාණට පදම් කරල හදපු චූටි මස් කෑලි තොගයක තට්ටු දෙකක් චීස් වලට මැදි වෙලා දිවට ගේන රස, රු. 450ක් වගේ ගාණකට සෑහෙන්න වටිනව.

2. Java Lounge

තිඹිරිගස්යාය ජාවත්ත පාරෙ තියෙන ජාවා ලෝන්ජ් එක තමයි ඊලඟට අපේ ලිස්ට් එකේ තියෙන්නෙ. රු. 500, 700 අතර ගාණකට චිකන්, බීෆ්, සී ෆුඩ් වගේ රස වර්ග තුන හතරකින්ම ගන්න පුළුවන් ලසඤ්ඤා රස බලන්න, යන්න මෙතනට. පොඩි සැර ගතියකුත් එකතු වෙන විදියට මෙයාලා හදන ලසඤ්ඤා ලංකාවෙ අපිට හරියන රසකින් තමයි මේසෙට එන්නෙ.

3. Coco Veranda

වෙනසකටත් එක්ක කමුද මට්න් ලසඤ්ඤා එකක්?. එහෙනම් යන්න වෝඩ් ප්ලේස් වල කොකෝ වැරෙන්ඩා එකට. දෙන්නෙක්ට රස බලන්න පුළුවන් තරමෙ මට්න් ලසඤ්ඤා කෑල්ලක් රු. 870ක් විතර වුනාට රසය සුපිරි නිසා හිතට සතුටුයි. ඒ විතරක් නෙවෙයි රු. 680කට මෙයාල ලඟ තියෙන චිකන්, බීෆ් ලසඤ්ඤාත් පට්ට රසයි.

4. Royal Burger

කවුරුත් හොඳට දන්න කියන, හැව්ලොක් ටවුන් වල රෝයල් බර්ගර් එකෙත් තියෙනව කටට රසට කන්න පුළුවන් මරු ලසඤ්ඤා එකක්. සෑහෙන්න ලාභයි. රු. 400ක් 500ක් වගේ ගාණක් තමයි වෙන්නෙ. ඒ වුනාට මෙයාලගෙ ලසඤ්ඤා එක ඔරිජිනල්ම ඉතාලියානු ලසඤ්ඤා එකට වඩා පොඩ්ඩක් විතර වෙනස්. ඒ වෙනස එන්නෙ මස් වල පදමෙන්. ටිකක් විතර ලාංකීය ගතියක් මිශ්‍ර වුනු රස පදමක් තමයි තියෙන්නෙ. හැබැයි ඒ රසට කැමති අයත් ඉන්නව. චිකන්, බීෆ් ජාති දෙකකින් විතරයි රෝයල් බර්ගර්ලගෙ ලසඤ්ඤා ගන්න පුළුවන්.

5. Harpo's Pizza

ඔන්න කලින්ම කියන්නම් නුගේගොඩ හාර්පෝස් එකේ විතරයි ලසඤ්ඤා තියෙන්නෙ. ඒකත් ජාති දෙකයි. බීෆුයි, එළවළු, චීස් දාලා හදන එකකුයි විතරයි. හැබැයි ජාති දෙක වුනාට බලන්න එපැයි රස. රු. 650, 850 වගේ ගණන් වලට ගන්න පුළුවන් හාර්පෝස් ලසඤ්ඤා වල මස් රස පදම නම් ටොපේ ටොප්. නියමම ඉතාලියානු විදියට හදල තියෙනව. ලෝභ නැතුව චීසුත් දාලා හදන මෙයලගෙ ලසඤ්ඤා කෑල්ලක් ඉවර කරන්න නම් ලොකු බඩගින්නක ඉඳල යන්න වෙයි.

6. Tea Avenue

කොළඹ 07 බාර්න්ස් ප්ලේස් වල තියෙන ටී ඇවිනියු එකත් රු. 600ක් 650ක් වගේ ගාණකට රස ලසඤ්ඤා එකක් කන්න කියාපු තැනක්. ගාණයට හරියන සයිස් එකකින් මේසෙට එන මෙයාලගෙ ලසඤ්ඤා එක එළවළු, චිකන් වගේම, බීෆ් වලිනුත් ගන්න පුළුවන්.

7. RTM Delights

හෝම් බේකර්ස් සම්ප්‍රදායට ලසඤ්ඤා අරන් ගියපු කට්ටියක් තමයි බොරලැස්ගමුවෙ ආර්. ටී. එම්. ඩිලයිට්ස් එක. දැනට නම් මෙයාල ලසඤ්ඤා හදන්නෙ චිකන් රසයෙනුයි එළවළු රසයෙනුයි විතරයි. තාම පටන් ගත්තු අළුත නිසා ආර්. ටී. එම්. එකේ ලසඤ්ඤා වලටත් ඔරිජිනල් ඉතාලියානු පදම ඇවිල්ලා නෑ. හැබැයි ලංකාවෙ අපිට හරියන රසට හැදෙන මෙයාලගෙ වෙජි ලසඤ්ඤා එක නම් පංකාදු පහයි. රුපියල් තුන් හාර සීයට සෑහෙන්න වටිනව.

8. London House of Coffee

කොළඹ 07 ග්‍රෙගරි පාරෙ තියෙන ලන්ඩන් හවුස් එකේ තියෙනව සුපිරි වෙජි ලසඤ්ඤා එකක්. රු. 700ක් වගේ වෙන්නෙ. නියමම ඉතාලියානු පදමට හදපු මේ වෙජි ලසඤ්ඤා එක, ලසඤ්ඤා කන්න ආස වෙජිටේරියන්ස්ලට නම් සෑහෙන්න වටිනව.

ඒ හැරුණාම රු. 900කට 950කට රසම රස, ඔරිජිනල් ලසඤ්ඤා රස බලන්න පොලිස් පාර්ක් ඉස්සරහ ඩොල්සෙ ඉටාලියා වගේම කොල්ලුපිටිය බගතලේ පාරෙ මිට්සිස් කැෆේ එකත් කියාපු තැන් දෙකක් තමයි.

ගොඩක් අමාරුවෙන් තමයි මේ ගාණට රස වෑහෙන ලසඤ්ඤා කෑල්ලක් බඩට දාගන්න පුළුවන් තැන් ටිකක් හොයා ගත්තෙ. ඒ නිසා ඔයාල දන්න තව තැන් එහෙම තියෙනව නම් අපිට කමෙන්ට් කරන්න. YAMU එකටත් ඉන්නවනෙ ගාර්ෆීල්ඩ් වගේ කෑම ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන යාළුවො සෙට් එකක්. එයාල ගොඩක් සතුටු වේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide