සෝස් දාලා පුච්චපු මස්! රු. 500ට රස වෑහෙන BBQ කන්න කියාපු කඩ 5ක්.

බාබකියු, නම ඇහුනත් ඇති ''කෝ.. කෝ.. කොහෙද බන්?'' කියල අහන්න තරම් අපේ කට්ටිය බාබකියුවලට කෑදරයි. ඒකෙ වැරුද්දකුත් නෑ. මොකද කාපු කෙනෙක්ට අමතක වෙන්නැති රසක්නෙ බාබකියුවල තියෙන්නෙ.

ඇත්තටම බාබකියු කියන්නෙ පැරණි ලෝක කෑමක, අලුත් වුනු රසයක්. දන්නවනෙ ඉතින් ගල් යුගයෙ මිනිස්සු මස් පුච්චගෙන කාපු විදිය. අන්න ඒ ක්‍රමයම ටිකක් වැඩි දියුණු කරල, ඒ කියන්නෙ සෝස් වර්ග දාලා රස පදමට හදල ගන්න මේ බාබකියු ලංකාවෙ නම් වැඩි හරියක්ම පාවිච්චි වෙන්නෙ බයිට් විදියට. ඒ වුනාට දැන් දැන් නම් බාබකියුවලින් දාන පට්ට වැඩ ටිකක් ඇවිල්ල තියෙනව. චිකන්, පෝර්ක්, බීෆ්, සී ෆුඩ් බාබකියුවලින් බිරියානි, මොන්ගෝලියන් වගේ බත් වර්ග විතරක් නෙවෙයි බර්ගර්, පීසා, සැන්ඩ්විච් වගේ වෙන වෙන කෑම ජාතිත් හදනව.

බාබකියුවල රස කොයි තරම්ද කියනව නම් බාබකියු පාර්ටි කියල වෙනමම පාර්ටි දාන්නත් අපේ කට්ටිය හුරු පුරුදු වෙලා ඉන්නෙ. කොහොමද බාබකියු රසට නියමෙට පෑහෙන විස්කි වීදුරුවකුත් තොල ගාන්න තිබුන නම්. කොහොම වුනත් අපි හිතුවා පාර්ටි දාන කට්ටියට පාර්ටි දාන්නයි, බඩගින්නට කන කට්ටියට බඩගින්නට කන්නයි, තව එක එක වැඩ දාන කට්ටියට වැඩ දාන්නයි, රස වෑහෙන උණු උණු බාබකියු පළුවක් අඩු ගාණට ගන්න පුළුවන් තැන් ටිකක් කියන්න.

බලන්නකො කොහොමද කියල. බලල නිකන්ම යන්න එපා, ඔයාලා දන්න තැනුත් කමෙන්ට් කරන්න. මොකද අපිත් ආසයි බාබකියු කන්න.

1. Hulftsdorp Streefood

ශ්‍රී ලංකන් චයිනීස් කෑමවලට වගේම නයිට් කඩ අතරෙත් සෑහෙන්න ප්‍රසිද්ධ කඩ සෙට් එකක්නෙ අලුත්කඩේ නයිට් කඩ ටික. කොළඹ පැත්තෙ අඩුම ගාණට රසම බාබකියු ගන්න පුළුවන් තැන් අතරින් අපි එක දෙන්නෙ මෙතනට තමයි. මොකද බාබකියු මැෂින් තියාගෙන සෝස් දදා එවෙලෙ හදන අලුත් ඩේ බාබකියුවලින් එන සුවඳයි රසයි දෙකම පට්ටයි. චිකන් තමයි වැඩි හරියක්ම තියෙන්නෙ.

2. Hotel de Pilawoos

කොල්ලුපිටියෙ, බම්බලපිටියෙ පිලා දෙකේ බාබකියු ගැන නම් ගාලු පාරෙ රෑ ජාමෙට කරක් ගහන කට්ටියට කියන්න ඕන නැති තරම්. රුපියල් දෙතුන් සීයට ගන්න පුළුවන් මෙයාලගෙ චිකන් බාබකියුවල රස නම් සුපිරි. ඕන නම් ගම්මිරිස් ලුණු ටිකක් දාලා සැර පදම හදල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැලඩ් එකක් දාලා හරි නැත්නම් කොත්තුවක් දාලා හරි වුනත් ගන්න පුළුවන්. හැබැයි එතකොට නම් ගාණ රු. 500ට වඩා වැඩි වෙයි.

3. Backyard BBQ

රුපියල් හාර පන්සීයකට රස බලන්න පුළුවන් සුපිරිම බාබකියු වැඩ කිඩ ටිකක් තියෙන තැනක් තමයි අත්තිඩිය ගැමුණු මාවතේ බැක් යාර්ඩ් බාබකියු එක. චිකන්, පෝර්ක්, බීෆ් බාබකියුවලින් හදන බර්ගර්, සැන්ඩ්විච්, පීසා වගේ රස කෑම රු. 400ට, 500ට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බඩ පැලෙන්න බාබකියුම කන්න ඕන කියල හිතුණොත් දෙතුන් දෙනෙක්ට ඇති වෙන්න හදන රස වෑහෙන ලොකු මස් ගාතයක් ගෙන්න ගන්න. රු. 1000ක් 2000ක් වගේ වෙන්නෙ. පෙරලි පෙරලි කන්න පුළුවන්.

4. Fat Guy BBQ

නම ඇහෙද්දිම තේරෙනව ඇතිනෙ. ඔරිජිනල්ම බාබකියු රස බලන්න නියම ප්ලේස් එක. කිලෝ එකම රු. 3000යි. හැබැයි ඉතින් දවස් 3කට කලින් වත් ඇණවුම් කරන්න ඕන. (0750108501) පෝර්ක්, චිකන්, බීෆ් බාබකියු වගේම හැම්, බේකන් එහෙමත් ෆැට් ගායි ලඟ තියෙනව. ෆැට් ගායි ඉන්නෙ පිළියන්දල ෆෙරී පාරෙ. ගමකට කන්න, පාර්ටි දාන්න, බාබකියු ගන්න, මෙන්න නියම තැන.

5. Big Bite

ගල් අඟුරු මැෂිමෙ දාලා එළිපිටම හදන රසම රස බාබකියු කන්න ගල්කිස්සෙ, රාජගිරියෙ බිග් බයිට් එකත් මරු තැන. කෑල්ලක් රු. 300කට විතර ගන්න පුළුවන්. හොඳ පදමට බාබකියු සෝස් දාලා මතුපිට ගාණට පිච්චෙන්නයි ඇතුලෙ මස් ටික පදමට තැම්බෙන්නයි හදන බිග් බයිට් බාබකියු චිකන් පළුව සයිස් එකෙනුත් තරමක් ලොකුයි. රසත් හොඳ නිසා පාටියක් දාන්න වුනත් නියමයි.

කටට රසට, රස කර කර, අඩු ගාණට බාබකියු කන්න, අපි දන්න කඩ ටික නම් කිව්වා ඔන්න.

ඔයාල දන්න කඩ ටිකත් කිව්ව නම් මොකද, අපිත් කැමතියි ගිහින් රස බලන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide