රස පදමටම නම ගිය.. ලෝකයේ සුපිරිම බිරියානි වර්ග 4ක රෙසිපි!.

1. Satrangi Biryani

අවශ්‍ය ද්‍රව්‍ය: කැරට් ග්‍රෑම් 20යි, බෝංචි ග්‍රෑම් 20යි, බෙල් පෙපර් ග්‍රෑම් 20යි, බ්‍රොකොලි ග්‍රෑම් 20යි, බීට්රූට් ග්‍රෑම් 20යි, සුකිනි ග්‍රෑම් 20-30යි, බාස්මතී ග්‍රෑම් 150යි, ලූනු ග්‍රෑම් 20-30යි, ලුණු, මින්චි, ගිතෙල් ග්‍රෑම් 20යි, කජු ග්‍රෑම් 10යි, කහ, මිරිස් කුඩු, අමු මිරිස්, කරදමුංගු, ගරම් මසාලා, තෙල් මිලි ලීටර් 10යි.

මුලින්ම එළවළු ඔක්කොම කොටුවට කපා ගන්න. ඊට පස්සෙ හාල් ටික තැම්බෙන්න තියන්න කරදමුංගුත් දාලා. ඒ අතරට මැටි වළඳකට කපපු එළවළු, කජු, මිරිස් කුඩු, මින්චි, ලූනු, කහ, අමු මිරිස් දාලා හොඳින් මික්ස් කරගන්න. බත ඉදී‌ගෙන එද්දිම ඒකට ගරම් මසාලා දාලා… වතුර හිඳුනට පස්සෙ ගී ටික උඩින් දාන්න දාලා වහලා තියලා, කෑමට ගන්න වෙලාවට බෙදාගන්න!

2. Hyderabadi Biryani

අවශ්‍ය ද්‍රව්‍ය: මස් කිලෝග්‍රෑම් 1යි, ලුණු, ඉඟුරු, සුදුලූනු, රතු මිරිස්, අමු මිරිස්, ලූනු, කරදමුංගු, කුරුඳු, දුරු, කරාබු නැටි, මින්චි කොළ, ලෙමන්, කිරි ග්‍රෑම් 250යි, බටර්, බාස්මතී ග්‍රෑම් 750යි, තෙල්, බිත්තර, කැරට්, පිපිඤ්ඤා.

පළමුව මස් පොඩියට කපලා පෑන් එකකට දාලා ලුණු, ඉඟුරු, සුදු ලූනු, රතු මිරිස්, අමු මිරිස්, ලූනු, කරඳමුංගු, කුරුඳු, දුරු, කරාබු, මින්චි කොළ සහ දෙහි යුෂ එකතු කරලා ෆ්‍රයි කරන්න. ඊට පස්සෙ බත තැම්බෙන්න තියලා වතුර හිඳීගෙන එද්දිම කිරි, බටර් සහ තෙල් එකතු කරන්න. එකතු කරලා හොඳට මික්ස් කරලා, අර කලින් හදාගත්ත පෑන් මික්ෂර් එකත් එකතු කරලා හොඳට කවලම් කරගන්න. කවලම් කරලා පැය බාගයක් විතර තැම්බෙන්න ඇරලා… කෑමට ගන්න වෙලාවට තම්බපු බිත්තර, පෙති කපාගත් කැරට්, පිපිඤ්ඤාවලින් සරසන්න.

3. Zaitooni Subz Biryani

අවශ්‍ය ද්‍රව්‍ය: බාස්මතී හාල්, කොළ ඔලිව්, කළු ඔලිව්, කැරට්, සුකිනි, බිම්මල්, බ්‍රොකෝලි, මුං ඇට, කිරි මිලිලීටර් 50ක්, තෙල්, ලූනු, එනසාල්, කරාබු, කුරුඳු, බේ ලීෆ්, රතු මිරිස්, අච්චාරු පේස්ට්, අමු මිරිස්, කොත්තමල්ලි කුඩු, කහ, ගරම් මසාලා, ලුණු, කොත්තමල්ලි කොළ 2, මින්චි කොළ, ඉඟුරු.

ඉස්සෙල්ලාම උතුරන වතුර පුරවපු භාජනයකට ලුණු සහ හාල් දාලා ඒකටම දාන්න එනසාල්, කරාබු, කුරුඳු, බේ ලීෆ් සහ තෙල් පොඩ්ඩක්. ඊට පස්සෙ ඒක වහලා බත තැම්බෙන්න තියන්න. ඒ අතරට වෙනමම තෙල් ටිකක් රත් කරගෙන ලූනු රන්වන් පාට වෙනකම් බැදගන්න. එළවළුත් රවුම් හෝ කොටු කපලා ලෑස්ති කරගන්න. ඔක්කොම ලෑස්ති වෙන අතරට භාජනයකට යෝගට්, රතු මිරිස්, අච්චාරු පේස්ට්, අමු මිරිස්, කොත්තමල්ලි කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ගරම් මසාලා, ලුණු සහ ලූනු දාලා මිශ්‍රණයක් හදාගන්න. හදලා… ඔලිව්, එළවළු සහ බත් ඒකට එකතු කරලා… කිරි, කොත්තමල්ලි කොළ, මින්චි කොළ, ඉඟුරු, ගරම් මසාලා, ලූනු සියල්ල දාලා ඇට වෙන්වෙන ගානට බත ඉදෙනකම් මද ගින්දරේ පිස ගන්න. හැබැයි මතක ඇතුව… කෑමට ගන්න පුංචි රයිතා දීසියකුත් හදාගන්න.

4. Keema Biryani

අවශ්‍ය ද්‍රව්‍ය: බාස්මතී ග්‍රෑම් 500යි, ආමන්ඩ්, මුද්දරප්පලම්, යෝගට් 1ක්, ගිතෙල්, ලූනු, සුදුලූනු, ඉඟුරු, කොත්තමල්ලි, රතු මිරිස්, ලැම්බ් හෝ මට්න්, කිරි වීදුරුවක්, බටර් ග්‍රෑම් 50ක්, මින්ට් කොළ, ගරම් මසාලා, දුරු, කරඳමුංගු, කුරුඳු, කරාබු, ලුණු

ඉස්සෙල්ලාම හාල් හෝදලා වතුරෙ පෙඟන්න අරින්න. ඒ අතරට දුරු, කොත්තමල්ලි, එනසාල්, කුරුඳු, ගම්මිරිස්, කරාබු කබලෙ බැදගන්න. බැදලා වංගෙඩියෙ කොටලා කුඩු කරගන්න. තව… ආමන්ඩ් ඇට වතුර පොඩ්ඩකින් බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්න. මුද්දරප්පලම් හීනියට කපා ගන්න. ඒ වැඩ ටික ඉවර වුනාට පස්සෙ පෑන් එකකට ගී රත් කරලා ඒකට ලූනු දාලා මද ගින්දරේ බැදගන්න. ලූණු බැදීගෙන එද්දි යෝගට්, සුදුලූනු පේස්ට්, ඉඟුරු පේස්ට්, කොත්තමල්ලි කුඩු, කරදමුංගු සහ රතු මිරිස් කුඩු දාලා තව පොඩ්ඩක් බැදගෙන ලිපෙන් බාන්න. වෙනමම භාජනයකට ලැම්බ් හෝ මට්න් තෙලෙන් බැදගන්න ඕන. බැදීගෙන එද්දි ඒකට ලුණු සහ ගරම් මසාලාත් එකතු කරන්න. එකතු කරලා පදමට බැදුනට පස්සෙ වතුර කෝප්පයක් එකතු කරලා, තැම්බෙන්න ඇරලා බාගන්න. බාලා නිවුනට පස්සෙ කිරි, බටර්, ආමන්ඩ් සහ මුද්දරප්පලම් එකතු කරන්න. අන්තිමට පෙඟිච්ච හාල් ටික ලිපේ තියලා බත තම්බගන්න, පදමට ලුණු එහෙමත් එකතු කරලා. තැම්බුණාට පස්සෙ මින්චි කොළ සහ ඉඟුරු එකතු කරලා… අර මුලින් හදාගත්ත මස් මිශ්‍රණය එකතු කරලා හැඳිගාලා, මද ගින්දරෙන් පදමටම පිහලා… කෑමට ගන්නයි තියෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide